මනෝරානී ඝාතනය නොහොත් රානී උපත

  • ටිකක් දිගයි ඉවසීමෙන් කියවන්න.

  • පලවෙනියෙන් මම චිත්‍රපට විචාරකයෙක් නෙමෙයි.

හැබැයි අවුරුදු 50ක් ඉස්මත්තේ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් විදියට සහ තේරුම් ගන්න පුලුවං වයසක සිදුවුන අතිශයින් බියකරු සමාජ කාල වකවානුවක් ගැන හැදුන චිත්‍රපටියක් ගැන මම හිතනවා පුරවැසියෙක් වශයෙන් මට අයිතියක් තීනවා කියලා කතා කරන්න.

හඳගමගේ රානි ඊයේ බැලුවා. ඒ ගැන විවිද කතා සහ අප්‍රසාද තිබුනත් මම බලනවා කියලා හිතුවා. ගොඩක් ඒ ගැන තිබුන කියවීම් කියෙව්වෙත්නැහැ මට ඔලුව නිදහසේ තියාගන්න ඕනි උනා.

යන්න කලිං මම මනෝරානි සරවනමුත්තු ගැන කියෙව්ව, චිත්‍රපටයට සම්බන්ද දේවල් නෙමෙයි එයා කවුද කියලා දැනගන්න. එයාගෙ වීඩියෝ බැලුවා. එයා කතා කරන විදිය දෙයක් present කරන විදිය බැලුවා.

රානී කියන්නෙ biopic ගනයේ චිත්‍රපටයක් නැතිනම් සත්‍ය ජීවත්වන හෝ ජීවත් වුනු පුද්ගලයින්ගෙ ජීවිතයේ සිද්දි අලලා ගෙතුන චිත්‍රපටයක්. ඒක documentary type film එකක් නෙමෙයි. එතන සත්‍යසිදුවීම අලලා අධ්‍යක්ෂක ගේ fantasy එක නිර්මාණය කිරීමක් වගේ දෙයක් තමයි වෙන්නෙ. ඉතිං හඳගමත් එහෙම කියලා තිබුනා. මේකේ රිචඩ් බලන්න එපා මේක මනෝරානි ගැන කතාවක් කියලා. හරි සංස්කෘතිකයි එකඟයි.

| වෛද්‍ය මනෝරානී සරවනමුත්තු
| වෛද්‍ය මනෝරානී සරවනමුත්තු

එහෙම හිතං බලන්න ගත්තා. චිත්‍රපටි පුරාම මම දැක්කේ frustrated anger issues එක්ක දඟලන සිගරට් විස්කි ගහන ස්වර්නව. ස්වර්නා මාර ට්‍රයි එකක් දෙනවා මනෝරානි ගාවට එන්න ඒත් utterly failed. මනෝරානි කතා කරන දේවල් express කරන විදිය මුහුනේ හැඟීම් ප්‍රකාශ කරන විදිය එතනින් ගියාම audience එකක්අමතන විදිය ස්වර්නා බැලුවද නැද්ද මම දන්නෙ නැහැ. හැබැයි ඒ personality එක අහලකටවත් එන්න ස්වර්නට බැරි වෙලා. ස්වර්නා සුද්දිලාගෙ කතාවෙදි රඟපාන දඩයමේ රඟපාන පහල මධ්‍යම පාන්තික අසාදාරනයට ලක්වුන තෙරපුන ගැහැනිය මනෝරානි මතින් එලියට දාන්න හදන වෑයමක් මම දැක්කෙ. මම දන්නෑ හඳගමගෙ what if මනෝරානි පහල මධ්‍යම පාන්තික ගැහැනියක් උනානං කියන fantasy එක ඇතුලේ ස්වරනා තුලින් මනෝරානි එලියට දාන්න හැදුවද කියලා. හැබැයි ඒ ඉහල මධ්‍යම පාන්තික ඉංග්‍රීසි විතරක් කතා කරන මනෝරානී නම් වෛද්‍යවරියගේ පෞරුෂය ස්වර්නගෙ නැහැ. තමුන්ගෙ එකම පුතා සහාසික ලෙස මරාදැමුනු වේදනාව සිංගල් මාම් කෙනෙක් විදියට තමුන්ගෙ ජීවිතේ තනිකම මකපු එකම වස්තුව අහිමි වීම නිසා වේදනාවෙන් ගල් ගැහුනු කඳුළු නොවගුරන ප්‍රතාපවත් ගැහැනිය එතන නැහැ. ස්වර්නා කියනවා එයා අවුරුදු විසිගානක් ඒ චරිතයට පෙරුම් පිරුවා කියලා. මම දන්නෙ නැහැ එහෙම තියෙද්දි එයා අඩුම කන්නාඩි ඉස්සරහ ඒ චරිතය තමන් කොච්චර පිලිඹිබු කරනවද කියලා බැලුවද කියලා, anyway ස්වර්නා ඔයා utterly failed in this character.

රිචර්ඩ් පට්ට සාධාරණයක් කලා චරිතයට

සනත්ගෙ ලලිත් චරිතය සහ මංගලෙග් චරිත පට්ට.

බිමල් නං මහින්ද අහලකට වත් ගිහිං නෑ. මහින්ද කියන්නෙ මහින්ද අප්පා

සජිතව මට පෙන්නන්න බැරි උනත් ඌත් නියමයි.

ඊළඟට ප්‍රේමදාස. බුදුඅම්මේ ඒ අලුගෝසුවා එහෙම්මම ඉන්නවා සහ ඒක නියමෙටම කරලා තීනවා.

එහෙම බැලුවම කෙලවිලා තීන්නෙ ප්‍රදානම චරිතයට.

මේ කතාවෙ රන්ජන් විජෙරත්න රනිල් වික්‍රමසිංහ ගැන අංශුමාත්‍රයක් වත් නැහැ. ඒ අය මේ කාල වකවානුවේ මේ ඝාතනවලට ප්‍රදාන දායකත්වයක් දුන්නා. ඒ චරිත හඳගම හිතාමතාම අයිං කලේකොහාමද කියලා මම හිතනවා.

| රිචඩ් සහ මනෝරානී
| රිචඩ් සහ මනෝරානී

ඒ අස්සෙ හඳගම හීනියට ට්‍රයි එකක් දෙනවා මංගල සහ මහින්ද මනෝරානිගේ අසාදාරනය use කලා කියලා පෙන්නන්න.

මනෝරානි ගැන හෙව්වොත් එයා 1983 ඉඳං civil activist කෙනෙක්. එයා සහ රිචඩ්. එයා කොළඹ අවට ඉතා පහල දරිද්‍රතාවය යුතු කාන්තාවන්ගෙ ප්‍රජනක සෞඛ්‍ය වෙනුවන් වැඩ කරපු කෙනෙක්. රිචඩ් ඝාතනයත් එක්ක තමයි එයා ගැන ප්‍රසිද්ධ මුද්‍රිත මාධ්‍ය කතාකරන්න පටන් ගන්න. එතකං එයාගේ සමාජතත්වය එයාගෙ සමාජක්‍රිකාරකම් හැංගිලා තිබුනේ. ඒවා එකක්වත් චිත්‍රපටයේ හයිලයිට් කරන්නෙ නැහැ.

මෙතන මනෝරානිගෙ චරිත ඝාතනය දරුනුවටම සිද්ද වෙන්නෙ අර මාඝාත බලලා රිචඩ් එක්ක කාරෙකේ යන ටිකෙන්. ඒ තුල හඳගම උත්සහ කරනවා කියන්න මනෝරානි කියන්නෙ senseless ඉහල සමාජගැහැනියක්. අනිත්දරුවො මරද්දි ඒ ගැන ගානක්වත් නැති cold චරිතයක් , ගයාන්ව කුදලගෙන යද්දි නිශ්ශබ්දව හිටපු ගැහැනියක් කියන ටික. මනෝරානිට තමන් මේ සමාජයේ කොටසක් කියලා මතක් වෙන්නෙ එයාගෙ පුතාගෙ මරනින් පස්සෙ කියලා කියන්න හඳගම මාර ට්‍රයි එකක් දෙනව.ඇත්ත මනෝරානි civil activist පටන්ගත්තෙ 1983 ඉඳං කියන එක හඳගම හිතාමතා අමතක කරලා එයාගෙ ඔලුවෙ ඉන්න කවුරු හරි ගෑනියෙක්ව එතනට ඔබනවා. හඳගම අමතක කරනවා මනෝ රානි 1983 සිවිල් අරගල ඇතුලෙ කීදෙනෙක් ගෙ ජීවිත බේරලා රට යවනවදකියලා.

හැබැයි ඒ කාර් එකේ රාමු තලෙයම හඳගම තමන් කවුද කියලත් දැනුවත්ව හෝ නොදැනුවත්වම ඔබලා තීනවා.

ඒ කොටසේ රිචඩ් මාඝාත බලල එද්දි රානි එක්ක කියනවා දැං හඳගම එයාගෙ කට්ටිය එක්ක ගල් ගහනවා ඇති කියලා

රානි අහනවා ගල් කියලා

එතකොට රිචඩ් කියනවා ඔව් එයාලා බොන්නෙ ගල් කියලා

මුලු ෆිලම් එකම සම්පූර්ණ හඳගමම ඒ ඩයලොග් එකෙ ඉන්නවා

ගල් ගහන සමාජතලයක ඉන්න මනුස්සයෙක් ට රානි වගේ එලයිට් තලයක ඉන්න ගෑනියෙක් තේරුම්ගන්න බැහැ. ඒ මනුස්සයට හැමෝම කියවෙන්නෙ තමන්ගෙ ඒ ගල් බෝතල් ගහන සමාජතලයෙ සිටින ගැහැනු සහ මිනිසුන් ගෙන්.

හඳගම 88/89 සහ එයිට පසු සෙකන්ඩ් ලේයර් එකේ සියලු ඝාතන දකින්නෙ ඒ ගල් ගහන මානසිකත්වයෙන්‍. මුලු කතාවම ඩෙවලොප් කරලා තීන්නෙ ඒ සමාජ මට්ටමින් හිතලා

අන්තිමට හඳගමගේ රානී අරමුණ කොහේටද කියලා පෙන්නන්නෙ අන්තිම රූපරාමු වලට. බලනකොට රිචඩ්ව මරලා තීන්නෙ ඕඩර්ස් වලට නෙමෙයි උං බීලා වැඩිවෙලා, ලොක්කා සතුටු කරන්න. අර අලුගෝසු ප්‍රේමදාස ඇතුලු නඩේ හෝදලා දාන්න තමයි ප්‍රදාන අරමුණ.

රානී කියන්නෙ හඳගමට මනෝරානි සහ රිචඩ් විකුනලා සල්ලි හම්බ කරගන්න කරපු දේශපාල ප්‍රොජෙක්ට් එකක් විතරයි.

හඳගම විසින් මනොරානි සරවනමුත්තු ව ඝාතනය කර රානී උපද්දවා ඇත. ඒ මතින් උතුරේ ද දකුනේද පැහැරගෙන ගිය ඝාතනය කල දරුවන් දහස් ගනනකගේ මව්වරුන්ට හඳගම අමුඅමුවේ  අවමාන කර ඇත.

තමුන් වෙනුවෙන් පෙනී සිටිය නොහැකි මලවුන්ට අවමාන කරද්දි ජනවහරේ කියන්නෙ වැහි නැති හෙන ගහනවා කියලයි.

හඳගමට කීමට ඇත්තෙ සමහර චරිත එයාගෙ සීමාවට දරාගන්න බැරි තරම් බරයි. ඒවා නොකර ඉන්න තරමට එයාගෙ චරිතයට හොඳයි. සල්ලි හම්බකරන්න මියගිය මිනිසුන්ගෙ ආත්මයන් නොවිකිය යුතුයි.

| වෛද්‍ය මනෝරානී සරවනමුත්තු
| වෛද්‍ය මනෝරානී සරවනමුත්තු

Nothing else

01/04/2025

MR

#සිතකමතක

පිංතූරය

(මනෝරානී සරවනමුත්තු සහ ලූෂියන් ඩි සොයිසා රිචඩ්ගෙ මලගම වෙලාවේ අවංකවම හිතලා බලන්න මේ මනෝරානිගෙ මුහුනේ හැඟීම අංශුමාත්‍රයකින්වත් ස්වර්නට චිත්‍රපටය පුරාවටම තිබුනද කියලා.)

| Manjula Rathnabharathie FB Page

පින්තූර – අන්තර්ජාලයෙන්

Leave A Comment