මහජන දිනය පළමුවරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්  විශේෂ මහජන දිනය පළමුවරට (04) දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. මේ සදහා  විශාල පිරිසක් සහභාගී වූ අතර ඔවුන්ට සෘජුව ගැටලු විසඳා ගැනීමට අවස්ථාවක් උදාකර දීම සිදුවිය. මේ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සමග විදේශ සේවා නියුක්ති  කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ ඇතුළු  කාර්යාංශයේ විවිධ අංශවල නිලධාරීන් ද සහභාගී විය.

මෙහිදී  මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,  මහජනතාවට විවෘත ආරාධනාවක්  කරමින් ඔවුන්ට පැන නැගුණු ගැටලු වලට සෘජුව සම්බන්ධ වෙමින් විසඳුම් සොයන බවයි.

අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස නොව ක්ෂෙත්‍රයේ උන්නතිය උදෙසා ආයතනය ගොඩනැගීමට වග වන බව ප්‍රකාශ කර සිටියේය.

තවද අතරමැදි බොහෝ පාර්ශව නීත්‍යානුකූල නොවන අන්දමින් මුදල් රැස් කර  බොරු පොරොන්දු දෙමින් ජනතාව නොමග යවන බවත් මෙවැනි ආයතන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සහතික කිරීමට නොහැකි වීම හේතුවෙන් පැනනගින අක්‍රමතාවලට විසඳුම් සෙවීමද එක්තරා අපහසු කරුණක් බව ද කියා සිටි අතර මේ සම්බන්ධයෙන්  මහජනතාවගේ දැනුවත්භාවය අඩු බවද අමාත්‍යවරයා දන්වා සිටියේ ය.

මෙහිද මාධ්‍යවේදීන් අසන ලද කොරියානු E8 වීසා ප්‍රශ්න වලට  නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ  පිළිතුරු ලබා දුන්නේ ය.

කොරියන් E8 වීසා සඳහා   කැබිනට් අනුමැතිය හිමි ව ඇත.  මීට පෙර කොරියන් E8 වීසා සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළ බවට පැතිරෙන කටකතා වලට සම්බන්ධ අතරමැදි මුදල් ගණුදෙනු මින් ඉදිරියට සිදු නොවන බවත් ඉතාම සාධාරණ මුදලකට හා කෙටිකාලයකින් E8 පලමු කණ්ඩායම රජයේ මැදිහත්වීමෙන් එරටට යැවීමට කටයුතු සිදු කරන බවට වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Leave A Comment