
මහනුවර රෝහලට ගත් වකුගඩු ගල් කුඩු කරන යන්ත්‍රයේ ‘ඇඟ බැඳලා’
- CNL Reporter
- March 15, 2025
- පුවත්
- මහනුවර රෝහලට ගත් වකුගඩු ගල් කුඩු කරන යන්ත්‍රයේ ‘ඇඟ බැඳලා’
- 0 Comments
රෝගීහු 3500ක් පොරොත්තු ලේඛනයේ
මහනුවර ජාතික රෝහලේ වකුගඩු ගල් කුඩු කිරීමේ යන්ත්‍රය මාස 18ක සිට සේවා බිඳ වැටීමට ලක්වීමෙන් රෝගීන් 3500කට අධික පිරිසක් පොරොත්තු ලේඛනයේ සිරව ඇතැයි වාර්තා වේ.
යන්ත්‍රය නැවත යථාවත් කළ නොහැකි බවට අදාළ සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර රෝහලේ ඉල්ලීම මත සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් ප්‍රතිපාදන යටතේ නව යන්ත්‍රයක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩර් කටයුතු සිදුකර ඇත.
එම ඇණවුම ලබාගත් සමාගම 2024 දෙසැම්බර් මාසය වනවිට අදාළ යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදී ඇති බවට තොරතුරු වාර්තා වේ.
එසේ වුවත් එම යන්ත්‍රය මේ වනතුරු මහනුවර ජාතික රෝහල තුළ ස්ථාපනය නොකිරීම හේතුවෙන් මෙලෙස රෝගීන් විශාල අපහසුතාවයන්ට ලක්ව ඇතැයි වාර්තා වෙයි. අදාළ ප්‍රතිකාර පෞද්ගලික අංශයෙන් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1.5කට ආසන්න මුදලක් වැය කිරීමට රෝගියකුට සිදුව තිබේ.
මේ වනවිට රජයේ රෝහල් පද්ධතිය තුළ වකුගඩු ගල් කුඩු කිරීමේ ප්‍රතිකාර සිදුකරනු ලබන ක්‍රියාත්මක තත්ත්වයේ පවතින යන්ත්‍ර පවතින්නේ කොළඹ ජාතික රෝහල සහ ගාල්ල ජාතික රෝහල තුළ පමණකි.
ලක්ෂ 2400ට අධික මුදලක් වැයකර මහනුවර ජාතික රෝහලට මිලදී ගෙන ඇති යන්ත්‍රය මේ වනතෙක් ස්ථාපිත නොකිරීම පිළිබඳව සොයා බලා ඉක්මනින් විසඳුම් ලබාදෙන ලෙස රෝගීහු සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
සුජීව තත්සර