
මහවැලි ගඟට වැටුණු තරුණිය බේරාගන්න පොලිස් නිලධාරියා පාලම මතින් ගඟට පනී
- CNL Reporter
- April 11, 2025
- පුවත්
- පොලිස් නිලධාරියා, මහවැලි ගඟ
- 0 Comments
කටුගස්තොට පාලමෙන් තරුණියක් මහවැලි ගඟට වැටී ඇති අතර එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් හේරත් (103984) නම් නිලධාරියා එම පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන තිබේ.
ඒ අදාළ තරුණිය මහවැලි ගඟට වැටී ඇති බවට ප්‍රදේශවාසීන් විසින් අදාළ නිලධාරියාට සිදුකළ දැනුම්දීමෙන් අනතුරුවය.
මෙලෙස දිවි බේරාගත් තරුණිය වයස අවුරුදු 21ක් වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.
එම තරුණිය මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර තිබේ.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිදුවීම ඊයේ (10) දහවල් කාලයේදී සිදුවී තිබූ බවය.