මහ කන්නයේ වගාවට ජලය මුදා හැරීම ඇරඹෙයි.. – වාරිමාර්ග දෙපාර්තමේන්තුව
- 5opn1
- November 8, 2024
- ව්යාපාරික පුවත්
- මහ කන්නයේ වගාවට ජලය මුදා හැරීම ඇරඹෙයි.. - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
- 0 Comments
මහ කන්නයේ වගාව සඳහා ජලය මුදා හැරීම ආරම්භ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල කළමනාකරණ අංශයේ අධ්යක්ෂ විමල් රත්නසිරි ලන්දෙකුඹුර මහතා ප්රකාශ කළේ, මහ කන්නයේ අක්කර අට ලක්ෂ 200 ක වගාව සිදු කිරීමට වාරි ජලය මුදා හරින බවයි.
වී වගාව ඇතුළු අතිරේක භෝග වගාව සඳහා ද ජලය මුදා හැරෙන බව ඔහු ප්රකාශ කළේ ය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මහා පරිමාණ ජලාශවල ජල මට්ටම මේ වනවිට පවතින්නේ 60% ක් ලෙසයි.
මේ අතර, මහවැලි කලාපවල අක්කර 247,500 ක් වගා කිරීමට මෙවර මහ කන්නයේ ජලය මුදා හරින බව ශ්රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
එහි ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ, ඔක්තෝම්බර් මාසයේ අපේක්ෂිත වර්ෂාවෙන් මෙවර ලැබී ඇත්තේ 50% ක් පමණක් බවයි.
එවැනි තත්ත්වයක් යටතේ අරපිරිමැස්මෙන් ජලය භාවිත කර වගා කටයුතුවල නිරත වන්නැයි ඔහු ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේ ය.
SNF