මහ මැතිවරණය සාමකාමීයි – ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් කියයි

ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයත් ඉතා සාමාකාමී බව නිරීක්ෂණය වී තිබෙන බව පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා එක්ව සිටින ඇන්ෆර් පදනමේ විධායක අධ්‍යක්ෂ බ්‍රින්ස් ඇලෙක්සි මහත්මිය පවසයි.

එම සංවිධානය පුරවැසි නිරීක්ෂණ කණ්ඩායමක් ලෙස කටයුතු කරන අතර රටවල් 18ක් සාමාජිකත්වය දරන බව ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා සාමාජික රටවල් 16කින් නිරීක්ෂකයින් 30ක් එම නිරීක්ෂණ කටයුතුවල යෙදෙමින් සිටින අතර පසුගිය ඔක්තෝම්බර් 30වැනිදා සිට ඔවුන් සිය පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතු වල යෙදෙමින් සිටින බව එම කණ්ඩායම සදහන් කරයි.

රටේ සියලුම ජන ප්‍රජාවන් නියෝජනය වන ලෙස ඔවුන් ජනතාව සමඟ සාකච්ජා කළ අතර මැතිවරණයේ තීරණාත්මක බව සම්බන්ධයෙන් අවධානය යොමුකළ බව ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් අවම වී තිබෙන අතර අනාගතය වෙනුවෙන් නව නායකත්වයක් යටතේ හොද දිශානතියක් කරා යමින් තිබෙන බව පෙනෙන්නට ඇති බව ඔවුන් පැවසුවේය.

මෙම මැතිවරණ නිරීක්ෂකයින් අද (11) මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමු වී පූර්ව මැතිවරණ නිරීක්ෂණ ගැන සකාච්ජා කර තිබේ.

 

Leave A Comment