මාර්ග නීති කඩන රියැදුරන්ට දඩ කොළය ගෙදරටම

නව මෘදුකාංගය වැ.බ. පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකා පොලිසිය මගින් CCTV කැමරා පද්ධතිය ඔස්සේ රථවාහන වැරදි සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කර රථවාහන රියැදුරන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කාර්යක්‍ෂම නව තාක්‍ෂණික මෘදුකාංගයක් ක්‍රියාත්මක කිරීම වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඊයේ (21දා) සිදු කෙරිණි.

Prima Management Services (PVT) LTD ආයතනයේ දායකත්වයෙන් මෙම මෘදුකාංගය ශ්‍රී ලංකා පොලිසිය වෙත පිරිනැමීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රීමා කලමනාකරණ සමාගමේ සාමාන්‍ය අධිකාරි ක්‍රිෂාන්ත පෙරේරා, අධ්‍යක්‍ෂ සුනිල් ලිනියාගොඩ, ජ්‍යෙෂ්ඨ කලමනාකාර ශවින්ද ඉලංගතිලක මහත්වරුන් මෙන්ම පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති එන්. ජී. ලියනගේ, සී.සී.ටී.වී. භාර නියෝජ්‍ය පොලිස්පති ටී. සී. ගම්ලත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයසිරි කොඩිතුවක්කු, මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මරාතුවන ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

ඡායාරූප සහ සටහන – නිශාන්. එස්. ප්‍රියන්ත

 

Leave A Comment