මාර්තු අස්වැසුම දීමනාව ප්‍රතිලාභීන්ගේ ගිණුම් වලට

2025 මාර්තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව අද (12) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව රු 12,597,695,000 ක මුදලක් ප්‍රතිලාභ පවුල් 1,732,263 ක් අතරේ, බෙදා හැරීමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කළේය.

අදාළ ප්‍රතිලාභීන්ට අද දින සිට තමාට හිමි දීමනාව අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව වැඩිදුරටත් සඳහන් වෙයි.

 

Leave A Comment