මාස 9ක් අභ්‍ය­ව­කා­ශයේ සිර වූ ගග­න­ගා­මීන් දෙදෙනා 16 දා යළි පෘථි­වි­යට

නාසා ආය­ත­නය නිවේ­ද­නය කරයි

දින අටක පර්යේ­ෂණ චාරි­කා­වක් සඳහා අභ්‍ය­ව­කාශ නැව­තුම් මධ්‍ය­ස්ථා­න­යට ගිය සිය ගග­න­ගා­මින් දෙදෙනා මාස 9ක කාල­ය­කට පසු ලබන 16 වැනිදා පෘථි­වි­යට පැමි­ණී­මට නිය­මිත බව නාසා ආය­ත­නය නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 58 හැවි­රිදි විශ්‍රා­මික නාවික හමුදා නිල­ධා­රි­නි­යක වන සුනිතා විලි­යම්ස් සහ 61 හැවි­රිදි නාවික හමුදා කපි­තා­න්ව­ර­යකු වන බච් විල්මෝර් රැගෙන පසු­ගිය වසරේ ජූනි මස 5 වැනිදා පෘථිවි කක්ෂයේ පිහිටි අභ්‍ය­ව­කාශ නැව­තුම් මධ්‍ය­ස්ථා­න­යට ගිය නාසා ආය­ත­නයේ ස්ටාර්ල­යි­නර් යානය නිය­මිත කාල­යේදී යළි පැමි­ණී­මට නොහැ­කි­වූයේ හිලි­යම් ද්‍රාව­ණය කාන්දු­වීම ඇතුළු කාර්මික දෝෂ රැසක් හට­ගැ­නීම හේතු­වෙන් වන අතර, ගග­න­ගා­මින් දෙදෙනා එහි තනි­කර එම යානය පසු­ගිය සැප්තැ­ම්බර් මස 7 වැනිදා යළි පෘථි­වි­යට පැමිණ තිබිණි.

ලබන 16 වැනිදා සිය ගග­න­ගා­මීන් දෙදෙනා පෘථි­වි­යට පැමි­ණී­මට නිය­මි­තව ඇත්තේ එලෝන් මස්ක්ට අයත් පෞද්ග­ලික අභ්‍ය­ව­කාශ සමා­ගමේ ස්පේස් එක්ස් ඩ්‍රැගන් අභ්‍ය­වාශ යාන­යෙන් බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

මාස ගණ­නා­වක් පුරා අභ්‍ය­ව­කාශ නැව­තුම් මධ්‍ය­ස්ථා­නයේ සිරවී සිටින සුනි­තාට සහ විල්මෝර්ට අවශ්‍ය ආහාර ඇතුළු සෙසු අත්‍ය­වශ්‍ය භාණ්ඩ නාසා ආය­ත­නය විසින් අඛ­ණ්ඩව සප­යනු ලැබූ අතර, ඒ සඳහා වරින් වර අභ්‍ය­ව­කාශ භාණ්ඩ ප්‍රවා­හන යාන­යක් භාවිත කර තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

Leave A Comment