
මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා යළි පෘථිවියට
- CNL Reporter
- March 19, 2025
- පුවත්
- මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා යළි පෘථිවියට
- 0 Comments
මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් ගගනගාමීන් රැගත් කැප්සියුලය අද (19) අලුයම යළි පෘථිවියට ළඟා විය.
ඒ, පැය 17ක පමණ අභ්‍යවකාශ ගමනකින් පසුවයි.
ඔවුන් රැගත් ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය ආසන්න මුහුදට සාර්ථක ගොඩබැස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
පසුගිය වසරේ ජූනි මාසයේදී ගගනගාමීන් දෙදෙනා දින අටක මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශයට ගිය අතර යානයේ ඇති වූ දෝෂයක් හේතුවෙන්, දින 286ක් ඔවුන්ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිටීමට සිදු විය.
sirasa