මිලියන 2000ක් බාල බෙහෙත් දියවෙයි
- 5opn1
- January 16, 2025
- දේශපාලන
- මිලියන 2000ක් බාල බෙහෙතේ දියවෙයි
- 0 Comments
පසුගිය සමයේ කල් ඉකුත් වූ හා තත්ත්වයෙන් බාල ඖෂධ මිලදී ගැනීමෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාවට රුපියල් මිලියන දෙදහසක අලාභයක් සිදුවී ඇතැයි නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
අදාළ පාඩුව පියවා ගැනීම සඳහා සැපයුම්කරුවන්ට එරෙහිව මේ දක්වා කිසිදු නීත්‍යානුකූල පියවරක් ගෙන නොමැති බවද එම වාර්තාව පෙන්වා දී තිබේ. වෛi සැපයුම් අංශයට තත්ත්වයෙන් අසමත් හා හානි වූ ඖෂධ සපයා තිබීම වෙනුවෙන් දරන ලද පිරිවැය, පරිපාලන
ගාස්තු හා එම තොග විනාශ කිරීමේ වියදම ලෙස සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට පවතින හිඟ මුදල රුපියල් මිලියන 1.518ක් වන අතර එය 2023 දෙසැම්බර් 31 වන දින වන විටත් අයකර ගැනීමට කටයුතු කර නොමැති බවද විගණන වාර්තාවේ දැක්වේ.
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ අලෙවිය සඳහා මිලදී ගෙන තිබූ ඖෂධ අසමත්වීම, කල් ඉකුත්වීම හෝ හානිවීම නිසාවෙන් රුපියල් මිලියන 485ක අලාභයක් සිදුව ඇති බවද විගණන වාර්තාව කියයි. මෙම හානි වෙනුවෙන් අයකර ගතයුතු අලාභයන් හෝ අදාළ සැපයුම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට විගණන වාර්තාව නිකුත් වන දිනය වන විටත් රාජ්‍ය ඖෂධ සංස්ථාව අසමත්ව තිබූ බවද විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
සුජීව තත්සර