මෙන්ඩිස් අරක්කු බලපත අහෝසියි

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමා­ගමේ මත්පැන් නිෂ්පා­දන බල­ප­ත්‍රය අද (05) සිට අත්හි­ටු­වී­මට සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබේ.

මත්පැන් නිෂ්පා­ද­නය මත සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව වෙත ගෙවිය යුතු සුරා­බද්ද හා ඊට අදා­ළව 3%ක මාසි­කව ගෙවිය යුතු අධි­භා­රය වන රුපි­යල් බිලි­යන 5.7ක මුදල ගෙවීම පැහැ­ර­හැ­රීම හේතු­වෙන් මෙම පිය­වර ගත් බව සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව මේ සම්බ­න්ධ­යෙන් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි.

සුරා­බදු ආඥා පනතේ නෛතික විධි­වි­ධාන ප්‍රකා­රව අද (05) සිට ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමා­ගමේ මත්පැන් නිෂ්පා­දන බල­ප­ත්‍රය සුරා­බදු කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා විසින් අත්හි­ටු­වී­මට මේ අනුව පිය­වර ගන්නා බවත් එම නිවේ­ද­නයේ වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත.

ඒ අනුව දෙසැ­ම්බර් මස 5 වැනිදා සිට මත්පැන් නිෂ්පා­දන ක්‍රියා­ව­ලිය අත්හි­ටු­වී­ම­ටත් එම හිඟ බදු මුදල් හා අධි­භා­රය තව­දු­ර­ටත් ගෙවීම පැහැර හරින්නේ නම් එම සමා­ග­මට නිකුත් කර ඇති සියලු සුරා­බදු මත්පැන් බල­පත්‍ර ද දෙසැ­ම්බර් මස 31 වැනි දිනෙන් ඔබ්බට දීර්ඝ නොකි­රී­ම­ටත් සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගන්නා බව ද සුරා­බදු කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යාගේ අත්ස­නින් යුක්තව නිකුත් කර ඇති එම නිවේ­ද­නයේ වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත.

DN

Leave A Comment