
රජයේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු දීම තාවකාලිකව අත්හිටුවයි
- CNL Reporter
- February 15, 2025
- දේශපාලන
- රජයේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු දීම තාවකාලිකව අත්හිටුවයි
- 0 Comments
මෙතෙක් සින්නක්කර ඔප්පු ලබා දීමේ ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, එම ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් ඒ පියවර ගත් බවයි.
සමාජ සංරක්ෂණය, සුරක්ෂිතභාවය හා පවුල්වල පැවැත්ම සැළකිල්ලට ගනිමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.
sirasa