
රතු නිවේදන නිකුත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙක් රැගෙන එයි
- CNL Reporter
- February 20, 2025
- පුවත්
- රතු නිවේදන නිකුත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙක් රැගෙන එයි
- 0 Comments
අපරාධ රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය කර සිටි ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව, රතු නිවේදන නිකුත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාවේදි අත්අඩංගුවට ගෙන අද(20) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
ඒ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළේදී ඔවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට බාරදී ඇත.
වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන සහ මුදල් වංචා රැසක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පොලීසියට අවශ්‍ය කර තිබුණි.
ඉන් එක් සැකකරුවෙක් හම්බන්තොට පදිංචි 38 හැවිරිදි රත්නායක වීරකෝන් අරෝෂනා මධුසංඛ නැමැත්තෙකි.
අනෙක් පුද්ගලයා එරංග පුෂ්පකුමාර හෙට්ටිආරච්චි නැමති මොරටුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් වේ.
කටුනායක ටී.කේ.ජී.කපිල