
රුපියල් ලක්ෂ 600ක විදෙස් දුම්වැටි තොගයක් සමග 4ක් අත්අඩංගුවට
- CNL Reporter
- May 11, 2025
- පුවත්
- විදෙස් දුම්වැටි
- 0 Comments
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙය මෑතකාළීන ඉතිහාසයේ විශාලතම දුම්වැටි වැටලීම බව රේගු නිලධාරීන් පවසයි.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පැමිණි කොළඹ වැල්ලම්පිටිය , දෙමටගොඩ , බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන තරුණයන් සිව්දෙනෙකු මෙලෙස රේගු අත්අඩංගුවට පත්ව සිටී.
ඔවුන් සංවිධානාත්මකව එකිනෙකා වෙන්වෙන් වශයෙන් ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ද , එම ප්‍රයත්නයන් ව්‍යයර්ථ කර, ඔවුන්ගේ ගමන් මලු 20ක් පරීක්ෂා කිරීමේදී එහි තිබූ දුම්වැට් සොයා ගෙන තිබුණි.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 600කි.