
ලාංකික නාවික සේවකයන්ට ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් තියෙනවා
- CNL Reporter
- February 3, 2025
- ආයෝජන, ව්‍යාපාරික පුවත්
- business post, Investment
- 0 Comments
ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වෙළඳ නාවිකයන් හෙවත් සීමන්ස්ලා සම්පාදනයෙහිලා 2013 වසරේ සිට කීර්තිමත් නාමයක් දිනා සිටින ලාංකික සමාගමක් වන Seraya Shipping පෞද්ගලික සමාගමේ සහ Seraya Maritime service සමාගමේ නව මෙහෙයුම් කාර්යාල සංකීර්ණය පසුගියදා (30) නුගේගොඩ දී ආරම්භ කළේ එම සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ සුජීව සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහි දී අදහස් දැක් වූ සූජීව සේනාරත්න මහතා ප්‍රකාශ කළේ,මේ වන විට සෑම දිනකම ලෝකයේ කොතනක හෝ නැව් පනහකට ආසන්න සංඛ්‍යාවක Seraya Shipping පෞද්ගලික සමාගම අනුයුක්ත කළ නාවිකයන් 800 ආසන්න සංඛ්‍යාවක් අඛණ්ඩව සේවයේ නිරත වන බවත්, එසේම වසරකට ශ්‍රී ලාංකික වෙළඳ නාවිකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට ඉල්ලුමක් ලෝකයේ නැව් සමාගම්වල පවතින බවය. 2013 වසරේ ආරම්භ කළ තම සමාගම නාවික සේවකයන් 20,000 ආසන්න පිරිසක් නාවික ක්ෂේත්‍රයේ සේවයේ යොදවා ඇති බව ඒ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
අද ලෝකයේ ආනයන අපනයන ක්ෂේත්‍රයේ ප්‍රබලතම ප්‍රවාහන මාධ්‍ය බවට පත්වී ඇති නාවික සේවා පවත්වා ගෙන යාමට නාවිකයන් (Seafarers) හෙවත් සීමන්ස්ලාගේ සේවය අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත. ලෝකයේ බොහෝ නැව් සමාගම් ශ්‍රී ලංකාවේ නාවිකයන් තම නැව්වල සේවයට බඳවා ගැනීමට කැමැත්ත දක්වන බැවින්, පවතින විවිධාකාර වූ ගැටලු විසඳා ගෙන නාවික සේවකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇති රැකියා ඉල්ලුම රැක ගැනීමට කටයුතු කිරීමට රාජ්‍ය හා දේශපාලන බලධාරීන්ගේ අවධානය යොමු වියයුතු බව සූජීව සේනාරත්න මහතා පැවසීය.