ලුණු ගැන අලුත්ම ආරංචිය මෙන්න

ලුණු හිඟය අවසන් කරමින් හෙට ලුණු මෙට්‍රික් ටොන් 30000ක් මෙරටට රැගෙන එන බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.‍

කොළඹ පදනම් ආයතනයේ අද(19) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් ක‍ළේ ඉදිරි දින විස්ස ඇතුලත ලුණු මෙට්‍රික් ටොන් 70000ක් මෙරටට ආනයනය කිරීමට නියමිත බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද කීය.

ලුණු සම්බන්ධයෙන් ගැටළු ආවේ මාර්තු මාසේ. වැස්ස නිසා අපේක්ෂිත ලුණු අස්වැන්න ලැබුනේ නැහැ. මෙට්‍රික් ටෝන් 12500ක් විතර අපි මුලින් ලුණු ගෙනාවා. දෙවෙනි තොගය අපිට ගේන්න වුනේ නැත්තේ හම්බන්තොට මාන්තයි සහ පුත්තලම ලුණු කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලීමක් අනුවයි.

දවසේ ලුණු ඉල්ලුම මෙට්රික් ටොන් පන්සියයක්. කෑමට සහ අනෙකුත් කර්මාන්තවලට මාසෙකට මෙට්‍රික්ටොන් පහළොස් දහසක් යනවා. අපේ නිෂ්පාදනය වසරකට මෙට්ටොන් ලක්ෂ දෙකක්.
පසුගිය වසර පුරා ලුණු නිෂ්පාදනය බිඳ වැටුනා. මේ මහ කන්නය. මාර්තු වල සහ මැයි වල හොඳ ලුණු අස්වැන්නක් ගන්න අපේක්ෂා කළත් දැන් එය බිඳ වැටිලා තියෙනවා. ඒ නිසා ලුණු ආනයනය කරන්න අපිට තීරණය කරන්න වුණා. අපි උත්සහ කළේ ලුණු කර්මාන්ත කරුවන් ආරක්ෂා කරන්නයි.
කර්මාන්ත අමාත්‍යාංශය හරහා මෙට්‍රික් ටොන් 30000ක් ලංකාවට ගෙන එනවා. ඒක හෙට ලංකාවට එනවා. ඒකත් ප්‍රමාණවත් නැති වෙන තත්ත්වයක් තියෙනවා.

Leave A Comment