ලොහාන් රත්වත්තේ වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහ­ලට

අධි­ක­ර­ණය මඟින් ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කළ හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහ­ලට යොමු කර ඇත.

බන්ධ­නා­ගාර කොම­සා­රිස්, මාධ්‍ය ප්‍රකා­ශක ගාමිණී දිසා­නා­යක මහතා පැවැ­සුවේ අධි­ක­ර­ණ­යෙන් ලැබූ නියෝග මත හිටපු රාජ්‍ය ඇමැ­ති­ව­රයා අඛ­ණ්ඩව ලබා­දිය යුතු වෛද්‍ය ප්‍රති­කාර සඳහා බන්ධ­නා­ගාර රෝහ­ලට ඇතු­ළත් කළ බවයි.

බන්ධ­නා­ගාර රෝහල් ආරංචි මාර්ග සද­හන් කළේ ලොහාන් රත්වත්තේ මහතා අශ­න්‍යාශ ප්‍රදා­හය(Pancreatitis) අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty liver) ඇතුළු රෝග ගණ­නා­ව­කින් පෙ‍ළෙන බවයි.එබැ­වින් ඔහු අඛ­ණ්ඩව ඖෂධ භාවිත කරන අතර ඒ වෙනු­වෙන් බන්ධ­නා­ගාර රෝහ­ලට ඔහුව යොමු කර ඇත.

එමෙන්ම ලොහාන් රත්වත්තේ මහතා බන්ධ­නා­ගාර හිටපු රාජ්‍ය ඇමැ­ති­ව­රයා ද වන බැවින් ඔහුට විශේෂ ආර­ක්ෂා­වක් බන්ධ­නා­ගා­රය තුළ සප­යන ලෙසද අධි­ක­ර­ණය දන්වා තිබේ.

DN

 

Leave A Comment