
වකුගඩුවට කෙළ ගිලින ජාවාරමක්
- CNL Reporter
- March 30, 2025
- පුවත්
- වකුගඩුව
- 0 Comments
ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන දිළිඳු පවුල්වල සාමාජිකයන්ගේ වකුගඩු ලබාගෙන රුපියල් ලක්‍ෂ පහක පමණ මුදලක් ලබාදී පසුව එම වකුගඩු ලක්‍ෂ පනහක පමණ මුදලකට විකිණීමේ ජාවාරමක් රටපුරා ක්‍රියාත්මක බවට තොරතුරු අනාවරණය වී ඇතැයි, සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය, චමල් සංජීව මහතා පැවසීය.
මේ සඳහා ඇතැම් රජයේ රෝහල්වල සහ පෞද්ගලික රෝහල්වල සහය ලබාගැනීමට ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වන බව ද හෙළිව ඇතැයි ඔහු සඳහන් කළේය.
මෙය සුවිශාල වටිනාකමක් ඇති සත්ක්‍රියාවක් බවට හඟවා එම සත්ක්‍රියාවට ලක්ෂ 5-6ක තුටු පඬුරක් දෙමින් හුදෙක් නීතියට හසුවූ විට ඉන් බේරීම සඳහා ස්වකැමැත්තෙන් කරනු ලබන පරිත්‍යාගයක් බවට ලිපිවලට අත්සන් ලබාගැනීමටත්, වකුගඩු අවශ්‍යතා ඇති අයට මෙන්ම දේශීය හා විදේශීය ධනපතියන්ට බිලියන 30-40ට ඒවා විකිණීමටත් ප්‍රයත්න දරන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
සුජීව තත්සර