වකුගඩු රෝගය මැඩපැවැත්වීමට දැඩි ලෙස කැපවෙනවා
- 5opn1
- December 15, 2024
- දේශපාලන
- වකුගඩු රෝගය මැඩපැවැත්වීමට දැඩි ලෙස කැපවෙනවා
- 0 Comments
ශ්‍රී ලංකාවට ඉමහත් සෞඛ්‍ය ගැටලුවක් වී ඇති ‘හදුනා නොගත් කාලීන වකුගඩු රෝගය’ මැඩපැවැත්වීම සදහා වර්තමාන රජය දැඩි ලෙස කැපවී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඇමතිවරයා මේ බව සදහන් කරනු ලැබුවේ හේතුව හදුනා නොගත් කාලීන වකුගඩු රෝග මැඩපැවැත්වීම ආශ්‍රිතව සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය, චීන විද්‍යා ඇකඩමිය සහ මෙරට විද්වතුන්ගේ සහයෝගීතාවයෙන් ඒකාබද්ධව සිදු කළ පර්යේෂණ එළිදැක්වීම වෙනුවෙන් ඊයේ (14) බත්තරමුල්ල දී පැවති වැඩමුළුවේ සමාරම්භක උත්සවය අමතමිනි.
මෙම වැඩමුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය මගින් සංවිධානය කරනු ලැබු අතර මෙහිදී චීන විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලාංකීය විද්වතුන් විසින් සිදු කරන ලද වකුගඩු රෝග ආශ්රිත පර්යේෂණ එළිදැක්වීම සිදුවිය.
මෙම පර්යේෂණ මගින් සොයා ගත් කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරි කාලයේ අධ්‍යයනය කර ක්‍රියාත්මක කළ හැකි තත්වයන් පිළිබද නිර්දේශ කිරීමට නියම අතර එම නිර්දේශ වකුගඩු රෝගයේ ව්‍යාප්තිය අවම කරගැනීම සදහාත්, ප්‍රතිකාර කටයුතු ශක්තිමත් කිරීම සදහාත් ඉදිරි සැලසුම් සකස් කිරීමේ දී පාදක කර ගැනීමට ද යෝජිතය.
මෙම වැඩමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මෙම තීරණාත්මක මහජන සෞඛ්‍ය අභියෝගයට මුහුණ දීම සඳහා චීන රජය සහ චීන විද්‍යා ඇකඩමිය ඔවුන්ගේ සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය ලබාදිම පිළිබදවත්, මෙම අභියෝගයට මුහුණ දීම සදහා වූ ප්රයත්නයන් ඉදිරියට ගෙනයාමේ දී අත්‍යාවශ්‍ය වන අඛණ්ඩ සහාය සහ තාක්ෂණික මගපෙන්වීම ලබා දීමට කටයුතු කිරිම පිළිබදවත් සිය කෘතවේදීත්වය ප්‍රකාශ කලේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ඉමහත් සෞඛ්‍ය ගැටලුවක් වී ඇති හේතුව හදුනා නොගත් කාලීන වකුගඩු රෝග මැඩපැවැත්වීම සදහා වර්තමාන රජය දැඩිලෙස කැපවී කටයුතු කරන බවත් ඒ යටතේ සංවිධානය කරන මෙවන් වැඩමුළු විද්‍යාත්මක සොයාගැනීම් වලට මෙන්ම නව දැනුම හුවමාරු කර ගැනීමේ වේදිකාවක් ද වනු ඇතැයිද පෙන්වා දෙන ලදී. එමෙන්ම ඉදිරියේදී වකුගඩු රෝගීන් හදුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමේ කටයුතු සදහා සැලසුම් සකස් කර ගැනීමට මෙම පර්යේෂණ තුළින් අවස්ථාව ලැබෙනු ඇති බව ද පෙන්වා දෙන ලදි.
ජල ලීටර් 5000ක ධාරිතාවයකින් යුත් (දිනකට සරිලන) විද්‍යුත් විච්ඡේදක තාක්ෂණය මත පදනම් වූ ජල පිරිපහදු ඒ්කකයක් චීන විද්‍යා ඇකඩමියේ පරසර හා පරිසරික විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මහාචාර්ය මින් යැංග් මහතා (Prof. Min Yang) විසින් මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පරිත්‍යාග කිරීමද සිදුවිය.
DMN