වගා හානිය වහාම හානිපූර්ණය නොකළොත් ???

සතියක් පැවති අධික වර්ෂාව සහ සුළි සුළඟ නිසා කුඹුරු අක්කර තුන් ලක්ෂයක් විනාශ වෙලා.

  • කුඩා වැව් දෙසිය හතලිස් අටක බැමි කැඩිලා.

  • වැව් 341ක් ක් අවදානම් තත්වයේ.

උප ඇමති නාමල් කරුණාරත්න කියන්නේ රජයේ බීජ වී සංචිතය බුසල් පන්දාහක්ලු. එසේනම් ආපදා අවස්ථාවක ප්‍රයෝජනයට ගතහැකි අවම සංචිතය කීයක් තිබිය යුතුද යන්න මේ අවස්ථාවේදී හෝ නිවරදි කල යුතුයි නේද?
වගා හානි වැඩියෙන්ම වාර්තා වන්නේ යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව, අම්පාර, මඩකලපුව, පොළොන්නරුව වැනි දිස්ත්‍ර්ක් වලින්.

මෙම ව්‍යසනය නිසා මහා කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් තුන් ලක්ෂයක් පමන අඩු විය හැකි බවයි රජය තක්සේරු
කර තිබෙන්නේ!

මෙතරම් ව්‍යසනයක් වෙලත් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරන දෙපාර්තමේන්තුව ,
දිස්ත්‍ර්ක් ලේකම්ලා තවමත් කටයුතු කරන්නේ පරන පුරුදු මන්දගාමී ක්‍රමයට බව නම් හොඳටම පැහැදිලියි.

ආපදා නතර කිරීමට හෝ පාලනය කිරීමට රජයට හෝ ජනතාවට කළ හැක්කක් නැහැ.

මේ මහ සුළි කුනාටුව අප රටේ පමණක් නොව ඉන්දියාව තායිලන්තය මැලේසියාව යන රටවලත් ඇති තරමක් විනාශ කරමින් තවමත් ඉදිරියට යනවා.

දැන් රජය විසින් වහ වහා කළ යුත්තේ රට පුරා සිටින රාජ්‍ය සේවක පිරිසත් සමීක්ෂණ සංවිධානත් ඒකරාශී කරගෙනව් තොරතුරු රැස් කර ගැනීමයි.
මහා කන්නය සඳහා නැවත වගා කිරීමට තවමත් සුළු කාලයක් ඉතිරිවී තිබෙනවා. ඒ සඳහා වහා සැලැස්මක් අවශ්‍යයි.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ක්ලීන් ශ්‍රී ලංකා නැතහොත් පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන මෙතැනින් ආරම්භ කරන්න හැකියාව තියෙනවා තවමත් පරක්කු නැහැ.

මාධ්‍යයට ඇවිල්ලා නැති බැරිකම කියලා වැඩක් නැහැ.

නාමල් කරුණාරත්න උප ඇමතිවරයා කියන්නේ හානි පූර්ණට විශාල මුදලක් වැය වන බවයි. කෘෂි රක්ෂණයක් නොමැති වීම නිසා මේ තත්ත්වය බරපතලයි කියලයි ඔහු කියන්නේ. අයහපත් කාලගුණික තත්වයත් එක්ක භාණ්ඩ ප්‍රවාහන ඇණ හිටලා තියෙන නිසා සහල් හිඟය තවත් උග්‍ර වෙන්න පුළුවන්.ඒ වගේම මේ ආපදාවෙන් ගොවිබිම් ලක්ෂ ගාණක් විනාශ වෙලා. ආණ්ඩුව ඒවාට වන්දී දෙනවා කියලා කියලා ප්‍රකාශ කරලා විතරක් මදි. දෙනවා කියන්නේ අක්කරයකට රුපියල් 40000යි.

ජනතාවට මේ ප්‍රකාශ වලින් වැඩක් නැහැ.

වී ගොවීන්ට සහ භෝග වර්ග පහක් වගා කරන ගොවීන්ට වන්දි ගෙවනනවලු. එතකොට එළවළු පලතුරු වගාකල ගොවීන්ට සුම්මද?

අප දිගින් දිගටම මෙම නාලිකාවෙන් පෙන්වා දුන්නේ සමස්ත ගොවි ජනතාව සිටින්නේ ණය බරින් මිරිකිලා කියලයි. වන්දි ගෙවනවා නම් වගා හානි වූ සියලු ගොවීන්ට ලබා දියයුතුයි. නැතිනම් කියන්න වෙන්නේ ඔවුන්ට අබ සරණයි කියලයි.

ගරු කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත මැතිතුමනි දේශපාලකයන්ට කළ හැකි වැඩ කොටසට වඩා නිලධාරීන්ට සහ රටේ සිටින කෘෂි විද්‍යාඥයින්ට කළ හැකි දේ අපමන බවයි අපගේ අදහසයි.

සර්වග්‍රාහී පුනරුප්තාපන සැලැස්මක් රටට ඉදිරිපත් කරන්න – විදේශ රාජ්‍යයන්ගෙන් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් ආධාර උපකාර ගෙන 2025 වන විට විනාශ වූ වාරික්‍රම සහ වගාව නැවත හරි පාරට ගන්න.

නැතිනම් 2025 තවත් අඳුරු සහ අභියෝගාත්මක වසරක් වනවා ඇත.

Leave A Comment