වන සතුන්ගෙන් කෘෂිකර්මාන්තයට වසරකට බිලියන 55.3ක හානියක්
- 5opn1
- December 17, 2024
- ව්‍යාපාරික පුවත්
- වන සතුන්ගෙන් කෘෂිකර්මාන්තයට වසරකට බිලියන 55.3ක හානියක්
- 0 Comments
ගොවිජන එකමුතුවේ සභාපති
වන සතුන් නිසා කෘෂිකර්මාන්තයට වසරකට රුපියල් බිලියන පනස් පහයි දශම තුනක (55.3) හානියක් සිදුවන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඊයේ (16දා) පැවැසීය.
රිළවා, දඬුලේනා, මොනරා වගේ සතුන්ගෙන් මෙම හානිය සිදුවන බවත් මෙම සතුන් පාලනය කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් කී ඒ මහතා, මොනරුන්ගේ විලාපිතයා වන නරියා අද වඳ වී ඇතැයි ද ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
පරිසරවේදීන් කියා ගන්නා පිරිස් සතුන්ට හිරිහැර නොකරන ලෙස ප්‍රකාශ කළද තමාගේ අදහස ගොවීන් විසින් රිළවුන් 100ක් පමණ අල්ලාගෙන ඇවිත් පරිසරවේදීන්ගේ නිවෙස්වලට අත්හරින ලෙසත් එතකොට එම සතුන්ගෙන් වන හානිය ඔවුන්ට දැකබලා ගත හැකි බවත් ඔහු කීය.
පසුගියදා රටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වයඹ පළාතේ අක්කර 96,250 ක සහ දකුණු පළාතේ අක්කර 35,000ක වගා විනාශ වී ඇති බවද ඒ මහතා කීය. බඩඉරිඟු අක්කර 34,450ක් සහ එළවළු වගා අක්කර 23,900ක්ද හානිවී ඇතැයි හෙතෙම පැවැසීය.
චමින්ද සිල්වා