
“වසන්තගේ වත්කම් ප්‍රකාශය“ නාමල්ගේ – සජිත්ගේ වත්කම් ප්‍රකාශය බලල කියන්න පුලුවන්ද ?
- Sujeewa Senerath
- September 16, 2025
- දේශපාලන, පුවත්
- wasantha samarasinghe
- 0 Comments
දවසක් වසන්ත සමරසිංහ ඉංග්‍රිසියෙන් පැයක විතර ඉන්ටර්විව් එකක් දුන්න MTV හරි ඒවගේ චැනල් එකක. මට අල්ලල ගියා ඒක. අනුර දවසක් කතා කරද්දි කිව්ව මචං වසන්ත මරුනෙ කියල. ඒ කතාවෙදි අනුර මට කිව්ව වසන්තල පාරම්පරික ධනවතුන්, තඹුත්තේගම විශාල දේපල තියෙන තියෙන සහෝදරයෙක් කියල. එදා තමයි මම වසන්ත ගැන දැනගත්තෙ.
අනික මෙතන වසන්ත තමන්ගේ දේපල හංගල නැහැ. එයාම දීපු වත්කම් බැරකම් ප්‍රකාශය තමයි ඔය එලියට ඇවිත් තියෙන්නෙ. අනික වසන්ත ධනවත් කෙනෙක් කියල දන්න තඹුත්තෙගම, අනුරාධපුර ජනයා තමා වසන්තට ඡන්දෙ දුන්නෙත්. රහසක් නෙමෙයිනෙ ඒව.
වසන්ත ඉස්සර කියපු එකක් එලියට දාගෙනත් පරස්පරයක් පෙන්නනව. ඒ තමා කොහෙ හරි ගියාම පක්ෂ සහෝදරවරු තෙල් ටික ගහනව, හාල්, පොල්, කෙහෙල් කැනැක් එහෙම වාහනේට දානව කියල. ඒ එයා විග්රහ කරන්නෙ ජවිපෙ සංස්කෘතිය මිසක, එයා ඒව ගෙදර අරන් යනව කියන එක නෙමෙයි. ඒව නැවතත් ඒ අය තව ඒ පක්ෂයෙම අවශ්‍ය අයට බෙදල දෙනව. ඒක වෙනම සංස්කෘතියක්.
දැන් ප්‍රශ්ණය සමාජවාදී අදහස් දරණ අයට ධනය තියෙන්න බැරිද කියන එක. අපෝ ඕන තරම් උදාහරණ කියන්න පුලුවන්. ලංකාවෙ උනත් ලංකාවට මාක්ස්වාදය/සමාජවාදය ගෙනාපු පැරණි වමේ නායකයො ඔක්කොමල වගේ විදේශ රටවල ඉඟෙන ගත්ත ධනවතුන්. ෆිලිප් ගුණවර්ධනගෙ ඉඳන් එන් එම් පෙරේර දක්වා. ෆිලිප්ට “ගුණවර්ධන ඇන්ඩ් සන්ස්” කියල රබර්, තේ, කොප්පරා ඇමරිකාවට යවන කොම්පැණියකුත් තිබ්බ ෆිලිප් ඇමරිකාවෙ ඉන්නකොට. එන් එම් පෙරේර නම් උපතින් ධනවතෙක් නොවුනත්, පියා, පියාග පවුලෙ සහෝදරයො ඒ යටත්විජිත කාලෙ ධනය ඒකරාශි කරපු අය. එන් එම් පෙරේරටත් ගිරිදර මෝලක් තිබ්බ කතාව දන්නවනෙ. ඒ ගැන පාර්ලිමේන්තුවෙදි ප්‍රශ්ණ කළා. ඒ ගැන සන්ඩේ ටයිම්ස් එකේ ගියපු ලිපියක මෙහෙම කියනව: “When Dr. Perera became Minister of Finance in 1972 in the Sirimavo Bandaranaike Government, he increased the price of a loaf of bread from -/35 cts to Rs. 1/05 overnight and increased the price of several food and utility items by means of Gazette notifications. He could not account for the Giridara Mills which was raised as an issue in Parliament. He said that was meant for his old age. Dr. Perera, an advocate of Trade Union actions and strikes dismissed the strikers from the Bank when he was the Minister of Finance.”
බිරිඳ කුසලාගෙන් විශාල ධනයකට උරුමකම් කී සමසමාජ පක්ෂයේ න්‍යායාචාර්යවරයෙකු වූ හෙක්ටර් අභයවර්ධනටත් ඉඳිකිරීම් සමාගම් තියෙනව, කෝකාකෝලා සමාගමේ කොටස් තියෙනව කියල දුප්පත් සමසමාජකාරයින්ගෙ ඉඳන් සමාජවාදය විවේචනය කරපු ධනවාදීවාන් දක්වා විවේචනය කළා.
අනික කම්කරු පංතියට ඒ දැනුම ගෙනියන්නෙත් ධනපති පංතියෙන් තමයි ඓතිහාසිකව. ඒක න්‍යායක්. ඒංගල්ස් පට්ට ධනපතියෙක් නෙ. මාක්ස් උනත් එහෙමයි, එයා පිටුවහලේ ඉදන් න්‍යාය වර්ධනය කරමින් ලන්ඩන්වල රිෆියුජි කෙනෙක් විදියට ඉදල සල්ලි නැතිවෙලා ඒංගල්ස්ගෙන් යැපුනට. ලෙනින්ල ට්රොට්ස්කිලත් වංශක්කාර දරුවො තමා.
මාක්ස් පෙන්නල දීපු ප්‍රධාන දෙයක් තමා ප්රාග්ධනය නැවත නැවත ආයෝජනය නොකලොත්, ලාභය, නැත්තං අතිරික්තයත් නැවත නැවත ආයෝජනය නොකළොත් ප්රාග්ධනය ක්ෂය වෙලා යනව කියන එක. ඉතිං වසන්තත් තාමාගේ පාරම්පරික දේපල සංවර්ධනය කරල ආයෝජනය කරන්න ඇති. මට නම් ඒකෙ කිසි වරදක් පේන්නෙ නැහැ.
වරද තියෙන්නෙ වසන්තලගෙ නෙමෙයි. සතේ අතේ නැතුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුස්තකාල සහයකයෙකු ලෙස ඉඳල සේවකයින්ට ගන්න පුලුවන් ණයෙන් තමා 1970 ඡන්දෙට ඉල්ලුව කියල තමන්ම පත්තරවලට කියපු මහින්ද රාජපක්ෂල වගේ අය ධනවතුන් උනේ කොහොමද කියන එක. මහින්දටත් එළවලු ටිකේ ඉඳන් මාලු කූරිය දක්වා දෙන්න මිනිස්සු තමා. අර පිස්සු යකා ලොකුබණ්ඩාර මහින්දගෙ එකවුන්ට් එකකට කෙලියම නේද මිනිස්සු දැනගත්තෙ පාර්ලිමේන්තු පඩිය සත පහක්වත් මහින්ද වියදම් කරල නැහැ කියල.
නාමල් ටීවී ඉන්ටර්විව් එකකදි කිව්වම නේද මිනිස්සු දැනගත්තෙ එන එන අලුත් අයිෆෝන් එක පිටකොටුවෙ ෆසාල් අයිය එයාට දෙනව කියල. ඒ උනාට ඒ අයගේ වත්කම් ප්‍රකාශ දැක්කම පුදුම හිතෙන්නෙ නැද්ද. ඒව වසන්තට පාරම්පරිකව ලැබුණ ධනය හරි විජිත හේරත්ට බිරිඳගෙන් ලැබුණ ධනය වගේ නෙමෙයි.
නාමල්ගෙ වත්කම් ප්‍රකාශය හරි සජිත්ගෙ වත්කම් ප්‍රකාශය හරි බලල කියන්න පුලුවන්ද ඒ ධනය කොහොමද උපය ගත්තෙ කියල! දෙන්නම පාරම්පරික ධනයකට උරුමකම් නොකියපු, ජීවිතේට රස්සාවක් නොකරපු දෙන්නෙක්.
| උවිඳු කුරුකුලසූරිය
(මුහුණ පොතෙන්)