
ව්‍යවසායකත්වයට කැමැති කාන්තාවන්ට රජයෙන් පහසුකම් – කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
- Sujeewa Senerath
- September 1, 2025
- පුවත්, ව්‍යාපාරික පුවත්
- women, women-empower
- 0 Comments
ව්‍යවසායකයෙකු වීමට කැමැත්ත සහ වුවමනාව ඇති ඕනෑම කාන්තාවකට ඊට අවශ්‍ය සියලු පහසුකම් සැපැයීමට රජය සූදානම් බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
විවිධ දක්ෂතා පෙන්නුම් කරන කාන්තාවෝ සමාජයේ ජීවත් වෙන බවත්, එම පිරිසට නිවැරදි මාර්ගය පෙන්වා නොදීම නිසා ඔවුන්ගේ දක්ෂතා, හැකියාවන් යටපත් වී ගොස් තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය. එය අවබෝධ කරගත් වත්මන් රජය කාන්තාවන් සඳහා අවස්ථා ලබාදීමට සුදානම් බව 2025 ශ්‍රි ලංකා අයිකොනික් වුමන් සම්මාන උළෙලට සහභාගි වෙමින් අමාත්‍යවරයා පැවසීය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදි එම උත්සවය සිකුරාදා (29) පස්වරුවේ පැවැත්විණ. ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශත සංවත්සරයට සමගාමීව Top C ඉංග්‍රිසි සඟරාව එය සංවිධාන කර තිබිණ.
රට වෙනුවෙන් සිදුකල විශිෂ්ඨ සේවය වෙනුවෙන් කාන්තාවෝ 100 දෙනෙක් එහිදී ඇගයීමට ලක්වූහ. ප්‍රධාන ක්ෂේත්‍ර 4 ක් හා අනු ක්ෂේත්‍ර 24 ක් යටතේ සම්මාන ප්‍රදානය කෙරිණි.
රට සංවර්ධනය කරා ගෙනයාමේදී ආර්ථික දියුණුව වඩාත් වැදගත් වන අතර කාන්තාවන් එහි පෙරමුණ ගත යුතු බවත්, ඒ සඳහා ඉදිරියට එන කාන්තාවන්ට නිසි තැන ලබාදීම රජයේ අපේක්ෂාව බව ද මෙහිදි අමාත්‍යවරයා දැඩිව අවධාරණය කළේ ය. රජයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළට සක්‍රීයව දායක වන්නැයි අමාත්‍යවරයා මෙහිදි සියලු කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර මහතා සහ Top C සඟරාවේ කර්තෘ සබ්‍රිනා සවාහිර් මහත්මිය මෙහිදී අදහස් දැක්වු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න සහ හිමාලි වීරසේකර යන මහත්මීහු ද එම අවස්ථාවට එක්වුහ.
ඉහත ඡායාරූපයේ, සබ්‍රිනා සවාහිර් (ටොප් සී සඟරාවේ ප්‍රධාන කතෘ) DIG බිම්ෂානි ජාසිං ආරච්චි, සැන්ඩ්‍රා වඳුරාගල, මහාචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මල්ලිකා හේමචන්ද්‍ර, කස්තුරි චෙල්ලරාජා විල්සන්, කුමුදිකා ප්‍රනාන්දු, අප්සරා ජයවර්ධන යන මහත්ම මහත්මීහු.