
වාරි ජලාශ කටටම පිරිලා: – 10ක් වාන් දමයි
- CNL Reporter
- May 20, 2025
- පුවත්
- වාරිමාර්ග අමාත්‍යාංශය
- 0 Comments
පවතින වර්ෂාපතනයත් සමග වාරි ජලාශවල ජල ධාරිතාව ඊයේ (19දා) වනවිට සියයට අනූවක් (90%) පමණ පිරී ඇතැයි ද එය යල කන්නයේ ගොවිතැනට ඉතා සුබදායක බව ද වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 73න් ජලාශ 10ක් ඊයේ (19දා) වනවිට වාන් දමමින් පැවැති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) එච්. එම්. පී. එස්. හේරත් මහතා පවසයි. අනුරාධපුරයට අයත් රාජාංගණය, මහකනදරාව, මහවිලච්චිය, නුවර වැව, අම්පාර රඹකැන් ඔය, බදුල්ල අම්බෙවෙල, හම්බන්තොටට අයත් ලුණුගම්වෙහෙර, වෙහෙරගල, ත්‍රිකුණාමලය වාන් ඇළ, මොනරාගල ඇතිමලේ යන ජලාශ වාන් දමන බවට වාර්තා වේ.
චමින්ද සිල්වා