වාහන ආනයනය කල් යන ලකුණු !
- 5opn1
- November 26, 2024
- ව්‍යාපාරික පුවත්
- වාහන ආනයනය කල් යන ලකුණු !
- 0 Comments
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචන රැස්වීම පසුගිය සතියේ පැවැත්විණි.
ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජේෂ්ඨ ප්‍රධානී සඳහන් කර ඇත්තේ දැනට නතර කර ඇති වාහන ආනයනය යලි ආරම්භ කිරීම 2025 අයවැය ලේඛනයේ ආදායම් ශීර්ෂය වැඩි කර ගැනීම සඳහා හොඳ යෝජනාවක් බවයි.
එහෙත් ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ දේශීය වශයෙන් රුපියල් ආදායම වැඩි වුවත් ආනයනය සඳහා විදේශ විනිමය යොදා ගැනීමේ දී විදේශ සංචිත ඉතාමත් කල්පනාකාරීව වැය කළ යුතු බවත් රටේ විදේශ විනිමය සංචිත මීට වඩා වැඩි කරගත යුතු බවත්ය.
මෙවැනි වාතාවරණයක් යටතේ 2025 වර්ෂයේදී ද පොද්ගලික වාහන ආනයනය කිරීම අවිනිශ්චිතය.
CNL