වැඩි මිලට හාල් විකිණූ කඩ 50කට නඩු

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙ­ඳ­සල් 50කට එරෙ­හිව පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය මඟින් නඩු පවරා ඇත.

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන හා තොග සඟවා ගන්නා පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගැනීමේ මෙහෙ­යුම් තවත් පුළුල් කරන බවත් එහිදී අනා­ව­ර­ණය වන වැරදි සම්බ­න්ධ­යෙන් කඩි­න­මින් නෛතික ක්‍රියා­මාර්ග ගන්නා බවත් අධි­කා­රියේ පාරි­භෝ­ගික කට­යුතු හා තොර­තුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැව­සීය.

කිසි­සේත් වැඩි මිලට සහල් අලෙවි කිරී­මෙන් වළ­කින ලෙස සියලු වෙළෙ­ඳුන්ට දැනුම් දුන් ඒ මහතා උත්සව සමය මුල් කර ගනි­මින් වැට­ලීම් වැඩි කිරී­මට කට­යුතු කර ඇතැයි ද කීවේය.

එවැනි වැරදි සඳහා සාමාන්‍ය ව්‍යාපා­ර­ය­කදී රුපි­යල් ලක්ෂ­යක දඩ­යක් නියම කිරී­මට හැකි බවත් කී ඒ මහතා පාලන මිල ප්‍රද­ර්ශ­නය කිරීම අනි­වාර්ය බව ද කියා සිටි­යේය. නිෂ්පා­දිත දිනය ප්‍රද­ර්ශ­නය කළ යුතු වන බවත් මිල ඉක්මවා අලෙවි කිරීම තහ­නම් බවත් කී ඒ මහතා සිදු කරන වැට­ලීම් අඛ­ණ්ඩව ශක්ති­මත් ලෙස සිදු කරන ලෙස අධි­කා­රියේ සභා­පති හේමන්ත සම­ර­කෝන් මහතා උප­දෙස් දී ඇති බවත් වැඩි­දු­ර­ටත් පැව­සීය.

DMN

 

Leave A Comment