
විජිත හේරත් එක්සත් ජාතීන්ගේ සැසිය ඇමතීම අද (08)
- Sujeewa Senerath
- September 8, 2025
- දේශපාලන, පුවත්
- un, Vijitha Herath
- 0 Comments
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk මහතා ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරයෙන් අනතුරුව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුරු මානව හිමිකම් කවුන්සලය වෙත භාර දී ඇති බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,
බාහිර මැදිහත් වීම්, ජාතික වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රයත්නයන්ට බාධාවක් ලෙස සහ ජනගහනය ධ්‍රැවීකරණය කිරීමට පමණක් හේතු වන බව ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරයි. එබැවින් ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිගමන සහ නිර්දේශ සමඟ ශ්‍රී ලංකා රජය එකඟ නොවේ.
ජාතිය, ආගම, පන්තිය සහ කුලය මත පදනම් වූ කිසිදු බෙදීමක් හෝ වෙනස්කම් කිරීමකින් තොරව ස්වකීය ජනතාවගේ විවිධත්වයට ගරු කරන සහ එය භුක්ති විඳින රටක් කරා කටයුතු කිරීමට රජයට ජනවරමක් ලැබී ඇති අතර ඒ සඳහා දැඩි ලෙස හා අවංකව රජය කැපවී සිටී. ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය හෝ අන්තවාදය නැවත ඇතිවීමට ඉඩ නොදීම රජයේ පරම අධිෂ්ඨානයක් සේ සලකා කටයුතු කරයි.
එනයින් ශ්‍රී ලංකාව දේශීය ක්‍රියාවිතයක් තුළින් ඉදිරියට යන බැවින්, ජාත්‍යන්තර ප්‍රජාවේ අවබෝධය, දිරිගැන්වීම සහ සහයෝගය සාදරයෙන් පිළිගනිමින් අගය කරමු.(රජයේ සම්පූර්ණ පිළිතුරට ඉහත දිගුව ඔස්සේ යොමුවන්න. | https://hrcmeetings.ohchr.org/HRCSessions/RegularSessions/60/DL_G_Working_Documents/A%20HRC%2060%20G%201%20%20AdvanceEditedVersion.pdf)
මීට අමතරව 60 වන සැසිවාරයට සහභාගී වන අමාත්‍ය විජිත හේරත් මහතා හෙට ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 03.45ට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටත් නියමිතය.
පහත ලින්කුවෙන් සැසිවාරය නැරඹිය හැක
https://webtv.un.org/en/asset/k1y/k1yibfuk3l