
විදෙස් සංචාරකයෝ 816191ක් එති
- CNL Reporter
- April 19, 2025
- සංචාරක සහ චාරිකා
- විදෙස් සංචාරකයෝ
- 0 Comments
මේ වසරේ අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව අටලක්ෂ දහසයදහස් එකසිය අනූඑකක් බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව, අප්‍රේල් මස පළමු දින 15දී පමණක් මෙරටට සංචාරකයන් අනූතුන්දහස් නවසිය පහළොස් දෙනකු පැමිණ ඇතැයි ද එම අධිකාරිය පවසයි.
සංචාරකයන් පැමිණි රටවල් අතුරින් ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය හා ඔස්ටේ්‍රලියාව ඉදිරියෙන් පසු වේ.
ඒ අනුව අප්‍රේල් මස 01දා සිට 15දා දක්වා කාලයේදී ඉන්දියාවෙන් සංචාරකයන් 18,220 දෙනකු ද එක්සත් රාජධානියෙන් 11,425 දෙනකු ද, රුසියාවෙන් 8,705 දෙනකු ද, ජර්මනියෙන් 7,746 දෙනකු ද, ඔස්ටේ්‍රලියාවෙන් 6, 604 දෙනකු ද ප්‍රංශයෙන් 4,658 දෙනකු ද, චීනයෙන් 3,492 දෙනකු ද, බංග්ලාදේශයෙන් 3,251f දනකු ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් 2,150 දෙනකු ද, ස්විස්ටර්ලන්තයෙන් 1,823 දෙනකු ද වෙනත් රටවලින් සංචාරකයන් 25, 841 දෙනකු ද මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
සුජීව තත්සර