විදේශගත ශ්‍රී ලාංකිකයන්ට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම Online(මාර්ගගත) කිරීමට සැලැස්මක්
- 5opn1
- January 30, 2025
- දේශපාලන
- migrant, vjitha-hearth
- 0 Comments
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM), විදේශ රටවල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල මගින් විදේශ ගමන් බලපත්‍ර නිකුත්කිරීම හා කාළය දිගු කිරීමේ කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ කඩිනමින් සිදුකරගැනීමට අදාල සාකච්ජාවක් 2025.01.28 දින විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ දී පවත්වන ලදී.
සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) නියෝජනය කරමින් එම සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී ක්‍රිස්ටීන් පාර්කෝ මහත්මිය ගරු අමාත්‍යතුමා වෙත දැනුම්දී සිටියේ මෙම වසර අවසානයට ප්‍රථම විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය විසින් තෝරාගනු ලබන තානාපති කාර්යාල 20ක් මෙම ඔන්ලයින් ව්‍යාපෘතියට සම්බන්ධකර ගන්නා අතර මේ සඳහා සියලු ප්‍රදානයන් ජපන් රජය විසින් ලබාදෙන බවයි.
දැනට විදේශගත ශ්‍රී ලාංකිකයන් මුහුණදී ඇති බරපතල ගැටඵවක් වන විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ දී ගතවන අධික කාලයට විසඳුමක් ලෙස යෝජිත මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමුකිරීමත් ඇඟිලි සලකුණු ලබා ගැනීමත් තානාපති කාර්යාලය තුළදීම සිදුකෙරෙනු ඇත.
පළමු අදියර යටතේ තානාපති කාර්යාල 20ක මෙම මාර්ගගත ක්‍රමය හඳුන්වා දීම නිමා කළ පසු ඉදිරිකාල වල දී මෙම සේවාව සෙසු තානාපති කාර්යාලවලට ද ව්‍යාප්ත කරන මෙන් ගරු අමාත්‍යතුමා ක්‍රිස්ටීන් පාර්කෝ මහත්මියගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) සම්පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව එම මහත්මිය අමාත්‍යවරයා වෙත දැනුම්දුන්නාය.