විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි විමර්ෂණයට පොලිස් ඒකකයක්

  • කාර්යාංශයේ පනත සංශෝධනය කිරිමට හෝ අවශ්‍යනම් නව පනතකට ද ඉදිරි පියවර

විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සොයා බැලීම් සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දි ඊයේ දින (2025.09.18)  දින ආරම්භ කෙරුණි. මෙම ඒකකය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කොට තිබේ.

“විදේශ රැකියා වංචාවන් වැලැක්විම හා පැමිණිලි සඳහා කඩිනමින් විසඳුම් ලබා දී විගමනික ප්‍රජාවට සහන සැලසීමේ අරමුණින් මෙම ඒකකය පිහිටවු බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මෙහිදි අදහස් දක්වමින් සදහන් කලා. නව රජය බලයට පත්විමෙන් අනතුරුව කඩිනමින් මෙම ඒකකය ස්ථාපනය කිරිමට හැකිවු බව ඔහු කියා සිටියා”.

“මං හිතන්නේ පසුගිය කාලවකවානු තුළ ගත්තොත් ලැබෙන පැමිණිලිත් වැඩිවෙලා තියෙනවා. ඒකට හේතුව තමයි විදේශ රැකියා වංචා කරන පාර්ශවය ගත්තොත් එහෙම ඉතාමත් සීග්‍රයෙන් එයාලා එක එක උපක්‍රමශීලීත්වය පාවිච්චි කරනවා. යම්කිසි ආකාරයෙන් පරිණාමනය වෙන කාණ්ඩායමක් තමයි මේ වංචාවලට එකතු වෙලා ඉන්නේ. ඇතැම් කණඩායම් කාර්යාංශයේ ලියාපදිංචි නොවු ඒජන්සි ආයතන විදියට වංචා කරනවා. තව සුලු පිරිසක් කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සි විදියට වංචා කරනවා. දැන් අපි දකින්නේ ඒක විතරක් නෙමෙයි විසිට් විසා ආකාරයට, එ වගේම උපදෙස් දෙන ආයතන ලෙස මුවා වෙලා යම්කිසි ආකාරයෙන් කටයුතු කරන ආයතන වෙන්න පුළුවන් ඒ වගේ විවිධ ආකාරයෙන් උපක්‍රම උපාය පාවිච්චි කර වංචා කරනවා. ඒ නිසා ඒවාට හසුවන අය පැමිණිලි කරනවා”.

පසුගිය කාල වකවානු තුළ සමහර දේශපාලඥයින් නිසා මෙම ආයතනයේ නම විනාශ වුනා. ඒ නිසා ජනතාවට විශ්වාසය නැතිවුනා. නමුත් දැන් ඒ තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වීගෙන යනවා. මෙතන සිටින නිලධාරීන් ඇත්තටම ඇත්තට හොඳ පල පුරුදු තියෙන අය. 1985 තමයි මේ ආයතනය ස්ථාපිත කළේ. මෙම ආයතනය විදේශ රැකියා නියාමන අධිකාරිය කියන එක තමයි අපේ පදනම. රට රස්සාවකට යන්න බලාපොරොත්තුවෙන් පිරිසක් පැමිණයත් නමුත් පොදුවේ ගත්තොත් බහුතරය ගත්තොත් මොකක් හරි පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න දුකක් කියන්න මෙතනට පැමිණෙනවා. එහෙම පැමිණෙන අය වෙනුවෙන් ඔවුන්ගේ පැමිණිලි වලට සාර්ථක හා කඩිනමින් විසදම් ලබා දිම තමයි අපේ කාර්ය වෙන්නේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත සංශෝධන කිරිමට හෝ අවශ්‍යනම් නව පනතක් ලෙස හෝ ගෙන විදේශ රැකියා ක්ෂේත්‍රෙය් නියාමනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලා.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ , මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී බී.එම්.ටී.බස්නායක , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වි සිටියහ.

Leave A Comment