
විනාශයෙන් බේරාගෙන මිල්කෝ ගොඩගනිද්දී පරණ ‘අවතාර’ හොල්මන් කරනවා – මිල්කෝ සභාපති කියයි
- CNL Reporter
- March 28, 2025
- පුවත්
- විනාශයෙන් බේරාගෙන මිල්කෝ ගොඩගනිද්දී පරණ ‘අවතාර’ හොල්මන් කරනවා – මිල්කෝ සභාපති කියයි
- 0 Comments
මිල්කෝ ආයතනය විනාශ කර දැමූ පරණ අවතාර නැවත හොල්මන් කරන බව පෙනෙන බවත්, ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදීම සඳහා මිල්කෝ ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටියදී එය වැළැක්වීමට ඇතැමුන් උත්සාහ දැරීම ගැන තමා කනගාටු වන බවත් වෘත්තීය සමිති කරන ප්‍රකාශ තමා තරයේ ප්‍රතික්‍ෂේප කරන බවත් මිල්කෝ සභාපති හේමජීව ගෝඨාභය මහතා ‘දිවයින’ට ඊයේ (27දා) පැවසීය.
ලාභ ලබන මිල්කො අවුරුදු දීමනා නොලැබුණොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට ඊයේ (27දා) ‘දිවයින’ පුවත්පතේ පළවූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
පාඩු ලබමින් තිබූ මිල්කො ආයතනය තමා වෙත භාරදුන් අවස්ථාවේ තමා වැටුපක් නොලැබ සේවය කරමින් ආදර්ශවත්ව සිය වගකීම ඉටුකරමින් සිටින බවද සභාපතිවරයා කීය.
මෙම ආයතනය ස්ථාවර වූ වහාම සේවකයන්ට බෝනස් හා වරප්‍රසාද ඇතුළු දීමනා සියල්ලම ලබාදීමට වගකීමෙන් කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
විකිණීමට ගිය ආයතනයක් මෙලෙසින් හෝ රැකගැනීම ගැන සේවකයන් සියලු දෙනා සතුටු විය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්