­

විපතටපත් මියන්මාරයේ ජනතාවට සෙත් පැතීමේ පූජාවක්

මියන්මාරයේ විපතටපත් ජනතාවට සෙත්පැතීම සඳහා වූ විශේෂ ආශිර්වාද පූජාවක්  හා මියගිය සැමට පිං දීම සදහා වූ විශේෂ පිංකමක් ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ  ප්‍රධානත්වයෙන් (03) දින පස්වරුවේදී කැලණිය මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පැවැත්විනි.

එම අවස්ථාවට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති පූජ්‍ය ආචාර්ය දම්පේ විජිත රතන හිමි, උපකුලපති සම්බන්ධීකාරක සූරියවැව සුමේධ හිමි සහ බුරුම ජාතික ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය හා මෙහෙණින් වහන්සේලාත්, ලේඛකාධිකාරී පියරත්න  රණසිංහ ආරච්චි මහතා, පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති කථිකාචාර්ය සුනෙත් බණ්ඩාර  මහතා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහභාගීවූ අතර පූජ්‍යපාද හල්මිල්ල කොටුවේ ගෝතම හිමියන් විසින් සෙත් පතා ආශිර්වාද පූජාව පවත්වන ලදි.

| ආශිර්වාද පූජාව හා මියගිය සැමට පිං දීම
| ආශිර්වාද පූජාව හා මියගිය සැමට පිං දීම
| ආශිර්වාද පූජාව හා මියගිය සැමට පිං දීම
| ආශිර්වාද පූජාව හා මියගිය සැමට පිං දීම

 

Leave A Comment