විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ අත්පොත අද නිකුත් කෙරේ

පසුගියදා නිකුත් කළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද (02) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

ඒ අනුව විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් ලියාපදිංචිය ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වෙයි.

මෙවර විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා සිසුන් 43,300ක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇත.

වික්‍රාමාරච්චි අයුර්වේද විශ්වවිද්‍යාලයේ නව උපාධි පාඨමාලාවක්ද හඳුන්වා දී ඇති බව විශ්ව විද්‍යාල කොමිසම් සභාව සඳහන් කරයි.

සේවා කළමනාකරණය පිළිබඳව එම උපාධි පාඨාමාලව මඟින් අධ්‍යයනයට සිසුන්ට පහසුකම් සලසා ඇති බවද කොමිසම සඳහන් කර ඇත.

Leave A Comment