
වීඩියෝ පට නිරීක්ෂණයකින් තොරව නීතිපති උපදෙස් පැතීම ගැන අධිකරණ නියෝග නොතකා කටයුතු කළ කුරුඳුවත්ත පොලිසියට මහේස්ත්‍රාත් අවවාද
- CNL Reporter
- February 10, 2025
- දේශපාලන
- dr chamal sanjeewa
- 0 Comments
මීට පෙර කොටුව මහේස්ත්‍රාත් තිලන ගමගේ මහතා විසින් ලබා දෙන ලද උපදෙස් වලට අනුව සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන නරඹා ඊට අදාළව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මාලි මහත්මිය මෙම අවවාද කිරීම සිදුකරනු ලැබීය.
හිටපු සෞඛ්‍යා අමාත්‍ය කෙහෙළිය රඹුක මහතාගේ නිවස ඉදිරිපිට පසුගිය වසරේ ජනවාරි 01දා මල්වඩමක් තබා බාල ඖෂධ සම්බන්ධයෙන් විරෝධය පළ කළ බවට ඒ මහතාගේ දියණියවන දමිත්‍රා රඹුක්කැල්ල මෙනවිය විසින් පුරුදුවත්ත පොලිසියට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත සමගි ජන බලවේගයේ රත්මලාන ආසන සංවිධායක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාට එරෙහිව මෙම පැමිණිල්ලෙක අධිකරණය හමුවේ විභාග වෙයි.
පොලිස් විමර්ශන නිසි පරිදි සම්පූර්ණ නොකොට නඩු ගොනු නීතිපතිවරයා වෙත යැවීම ගැන පොලිසිය මගින් අදහස් දැක්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් මහේස්ත්රාත්තුමිය පොලිසියෙන් කරුණු විමසන ලද අතර අදාල සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන නරඹා ඒ සම්බන්ධව මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන වාර්තාවක් මාර්තු මස මීළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙස පොලිසයට උපදෙස් දෙන ලදී.
අදාළ සිද්ධිය වූ දින කිසිදු ආකාරයක මල් වඩමක් රැගෙන නොගිය තම සේවාදායකයාට එරෙහිව පොලිසිය නිසි විමර්ශනයකින් තොරව මෙම නඩුව ගොනුකොට ඇති බවත් මෙය නීතිපතිවරයා හමුවට යැවිය යුතු තරම් නඩුවක් නොවන බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මර්වින් සිල්වා මහතා සඳහන් කළේය.