ශ්‍රී ලංකාවේ නව NPP ආණ්ඩුවට සාධනීය සන්නිවේදනය ඉතා වැදගත් – ලයනල් බෝපගේ
- 5opn1
- December 16, 2024
- CNL සතියේ දේශපාලන විවරණය
- 0 Comments
හැඳින්වීම
පාලනය කිරීමේ දී සාධනීය සන්නිවේදනය වැදගත් මෙහෙවරක් ඉටු කරයි. සන්නිවේදනය පැහැදිලි සහ සාධනීය වන්නේ නම්, එය බලය දරන අය සහ සේවයට බඳුන් වන ජනතාව අතර විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමට සහ විශ්වාසය ගොඩනැගීමට දායක වේ.
ආණ්ඩුවල ප්‍රතිපත්ති සහ තීරණ වඩා හොඳින් අවබෝධ කර ගැනීමට, එනයින් වගවීම පිළිබඳ හැඟීමක් ඇති කරන්නට එය පුරවැසියන්ට උපකාරී වෙයි. ඕනෑම ආණ්ඩුවකට සුමට ලෙසත් කාර්යක්ෂමවත් ක්‍රියාත්මක වෙන්නට සහ සියළු දෙනාටම ප්රතිලාභ ලැබෙන පරිදි තීරණ ගන්නට නම් සිය පුරවැසියන්ගේ විශ්වාසය දිනා ගැනීම ඊට අත්‍යවශ්‍ය වේ. ඒ අර්ථයෙන් ගත් විට, සාධනීය සන්නිවේදනය යනු හුදෙක් හොඳ අදහසක් පමණක් නොව කාර්යක්ෂම යහපාලනයක් සඳහා අත්‍යවශ්‍ය වන ගොඩනැඟිලි කොටසක් ද වෙයි.
මෙම ලිපිය නව ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුවේ ඇතැම් නිලධාරීන් සහ දේශපාලන බලධාරීන් සමඟ අපගේ පැවති මෑතකාලීන සන්නිවේදන අත්දැකීම්වල ප්රතිඵලයකි. පසුගිය දශක කිහිපය තුළ, ශ්‍රී ලංකාවේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පවා හුවමාරු කර ගත් ලිපි හෝ සන්නිවේදනයක් ලැබුන බවට දැන්වීමක් ලබා ගැනීම පවා බොහෝ දුරට මෙන්ම අතිශයින් අසීරු දායක කරුණක් ද වූයේය. විදේශවල වෙසෙන අයට, සන්නිවේදනයක් ලැබුන බව දන්වා එවීම ත්, ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රතිචාරයක් ලබා දීම ත්, රාජ්‍ය සේවකයින්ට අදාළ විවිධ මාර්ගෝපදේශ, චර්යා ධර්ම සහ සේවා ප්රඥප්ති මගින් සහතික කර තිබේ. ඒ සම්මතවලට අනුකූල වීම අන්දමට රාජ්‍ය සේවකයන් වෙත ඇතැම් කාල පරාසයන් ද පනවා තිබේ.
පසුබිම
2016 දී, ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව (AAGGSL) සංවිධානයේ කමිටු සාමාජිකයින් වශයෙන් නැසී ගිය සරත් ජයසූරිය මහතා ත්, මම ත් ශ්‍රී ලංකා රාජ්‍ය සේවය පුරවැසියන්ගේ ඉල්ලීම් කෙරෙහි වඩාත් ප්‍රතිචාරාත්මක, කාර්යක්ෂම සහ සාධනීය තත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය සහ රාජ්‍ය සේවය එවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව වඩා විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කිරීමේ වුවමනාව ගැන එවකට අග්‍රාමාත්‍ය වරයා ව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා සිටියෙමු. මෙය ක්‍රියාත්මක කර ලීම සඳහා අපි ඇතැම් ඉදිරිපත් කිරීම් ද සිදු කළෙමු. ලැබුන බව දන්වා එවීමක් පවා නොමැතිව අපගේ ලිපි හුවමාරුව බිහිරි කන් වෙත යොමු වූයේය. ශ්‍රී ලංකාවේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ උපාධිධාරියෙකු වශයෙන් මම, එම ආයතනයේ රාජ්‍ය කළමනාකරණ ශූරී (MPA) පාඨ මාලාව අනුගමනය කරන සිසුන් සඳහා පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස මෙය අඩු තරමින් යොදා ගන්නට ඔවුන්ගේ සහාය ද පැතුවෙමි. කාලය ගතව යද්දී ඔවුන් ද ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.
ශ්‍රී ලංකා රාජ්‍ය සේවය සමඟ ගනුදෙනු කිරීමේදී සරතුත් මමත් තවත් බොහෝ දෙනෙකු මෙන්ම අතිශයින් නිෂේධාත්මක අත්දැකීම්වලට මුහුණ දී තිබේ. හැම දෙයක් ම රඳා පවතිනු ලැබුයේ කෙනෙක් දන්නා හඳුනන අය කවුරුන් දැයි යන්න මත සහ යමක් කර ගැනීමට මුදල් විසි කරන්නට ඇති හැකියාව මත ය. කර්මාන්ත සහ විධික්රම අධ්‍යයනය පිළිබඳ විශේෂඥයෙකු වශයෙන් මට, රාජ්‍ය සේවා ආයතන විසින් පොදු ජනතාව වෙත ලබා දෙන සේවාවන් වැඩිදියුණු කළ හැකි අන්දම පිළිබඳව යම් අදහසක් තිබුණි. අපේ යෝජනාව නියාමක ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ එක් දිස්ත්‍රික්කයක් යොදා ගැනීමට ඉඩකඩ ලබා දෙන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියෙමු. එක්සත් ජාතික පක්ෂය හා එහි නායකයා සමඟ දැඩි සබඳතා පැවැත්වූ ජයසූරිය මහතා පවා ඔවුන් විසින් අනුගමනය කරන ලද දෘශ්‍යමාන උදාසීන ආකල්පය හේතුවෙන් කලකිරීමට පත් විය.
පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය පරිපාලනය
සන්නිවේදනය, පෞද්ගලික සහ රාජ්‍ය යන අංශ දෙකේ ම ප්‍රධාන ලීවරයක් වේ. කළමනාකරණ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ සහයෝගීතාවය තුළින් ප්‍රජා හෝ කාර්මික සාමය ස්ථාපිත කිරීමට එය අවශ්‍ය වේ. එය විවිධ ආයතන අතර සම්බන්ධීකරණය පවත්වා ගැනීමට උපකාරී වේ. සාධනීය සන්නිවේදන උපාය මාර්ගයක් ව්‍යාපාරයකට ප්රතිලාභ ගෙන එන අතර දුර්වල උපාය මාර්ගයක් එහි කීර්ති නාමයටත්, ලාභාංශ වෙතත් හානිකර විය හැකිය. රාජ්‍ය පරිපාලනයෙන් නිකුත් කරන සියලු ආකාරයේ සන්නිවේදන ජනතාව සමඟ පවත්වා ගෙන යන සන්නිවේදන වන හෙයින් ඒවායේ විෂයමූල බව පවත්වා ගෙන යා යුතුය.
පුද්ගලික අංශ පරිපාලනය හැමවිටම පාහේ පොදු ජනතාවට වග නොකියන අතර, රාජ්‍ය පරිපාලනය පාර්ලිමේන්තුව තුලින් ආණ්ඩුවට සහ අවසානයේ පුරවැසියාට වග වෙයි. පුද්ගලික ආයතනයකට ද ජනයා සහ සමාජය වෙත යම් වගකීම් සතුව ඇතත් එවැනි වගකීම්වල ස්වභාවය සහ ප්‍රමාණය එතරම් දෘශ්‍යමාන නැත. සැලකිලි දැක්වීමේ සමානත්වය, ඇතුළත් කර ගන්නා බව, උපදේශනය සහ සහභාගීත්වය සම්මත ක්‍රියා පටිපාටිය නොවන පුද්ගලික අංශය තුළ මනාප පරිදි සැලකිලි දැක්වීම ප්රමුඛ ස්ථානයක් අත් කර ගනී.
ලාභය උපරිම කර ගැනීම සඳහා සදාචාර විරෝධී ක්‍රියාවන් වෙත යොමු වීම සාමාන්‍යයෙන් ප්රතිලාභ ගෙන දෙන පුද්ගලික අංශය තුළ ඒ ක්‍රියා ප්‍රශ්න කිරීමකට ලක් වන්නේ කලාතුරකිනි. කෙසේ වෙතත්, රාජ්‍ය අංශය තුල නීතියේ ආධිපත්‍යය සියලු භාවිතාවන් කෙරෙහි බල පවත්වන හෙයින් සේවකයින් සතුව ඇත්තේ සීමිත නිදහසකි. ආයතනයේ ඉහළම අධිකාරියේ කැමැත්ත සහ තීරණය බල පවත්වන අතර එය අවසන් තීරණය වේ. අනෙක් අතට, රාජ්‍ය පරිපාලනයේ දී සාමාන්‍යයෙන් මනාප පරිදි සැලකිලි දැක්වීමෙන් වැළකී සිටීම අවශ්‍ය කරනු ලැබේ.
රාජ්‍ය පරිපාලනය සේවය කරන ආණ්ඩුවේ දේශපාලන ස්වභාවය ප්රතිරාවය කරන බැවින් එය තවදුරටත් වෙනස් වෙයි. ආණ්ඩු මාරුවක් රාජ්‍ය පරිපාලනය කටයුතු කරන ආකාරය කෙරෙහි බලපෑමක් ඇති කරයි. පොදුවේ ගත් විට, රාජ්‍ය සේවයේ පරිපාලකයින් තෝරා ගනු ලබන්නේ දැඩි තේරීම් නිර්ණායක මාලාවකට ලක් කිරීමෙනි. එහෙත් මෙම භාවිතාවෙන් බැහැර වීම් වඩ වඩාත් පොදු බවට පත් වෙමින් තිබේ. එවැනි භාවිතාවන් වලට ආවේණික වන වාසි සහ අවාසි ද ඇත. මෙය නව ලිබරල් ප්රවණතා සහ ජනප්‍රිය දේශපාලනය ගෝලීය ව ව්‍යාප්ත වීමේ නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.
නම හඟවන අන්දමට රාජ්‍ය සේවයේ මූලික පරමාර්ථය වන්නේ ජනතා අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීම ත් මහජන සුබසාධනය සලසා ලීමත් මිස ලාභ ඉපදවීම නොවේ. එසේ වුවද, සංස්ථා සහ අධිකාරි වැනි රාජ්‍ය පාලනය යටතේ පිහිටුවා ඇති ඇතැම් සංවිධාන සමාජයට සපයා දෙන සේවයට අනුපූරක වන අන්දමින් ලාභ උපයා දිය හැකිය.
සන්නිවේදනයේ මෙහෙවර
ආණ්ඩුවේ දක්ෂතාව, වගවීම, විනිවිදභාවය සහ පොදු ජනයාගේ අවශ්‍යතා සම්බන්ධයෙන් ප්‍රතිචාරාත්මක වන බව විදහා දැක්වීමේ දී, විශේෂයෙන්ම එය අළුත් ආණ්ඩුවක් වන විට, සන්නිවේදනයේ මෙහෙවර අතිශයින් වැදගත් වේ. ජන හඬට සවන් දීමට ත්, පුරවැසියන්ට ආණ්ඩුව වග වන බව දිගටම පවත්වා ගැනීම සඳහා ජනතාව සමඟ විධිමත් මෙන්ම විධිමත් නොවන සන්නිවේදන නාලිකා බිහි කර ලීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, ඒ සන්නිවේදන නාලිකා සාධනීය මෙන්ම ක්‍රියාකාරී සහ කාර්යක්ෂම සන්නිවේදක කාර්ය මණ්ඩලයකින් සමන්විත වන්නේ නම් මිස එවැනි සන්නිවේදන නාලිකා පිහිටුවා ලීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඇත්ත වශයෙන්ම, මෙය සමහර අවස්ථාවල දී ඇතැම් ඉක්මන් තීරණ ගැනීමේ ක්‍රියා පිළිවෙළවල යෙදීමේ අවදානම දරයි. මෙය සන්නිවේදනයට අදාල විධිමත් නීති සහ ක්‍රියා පටිපාටි ප්‍රතික්ෂේප කිරීමේ වුවමනාව හා සම්බන්ධ වෙයි.
සමහර අවස්ථාවල දී, විධිමත් නොවන සන්නිවේදන ක්‍රම යොදා ගැනීම තාවකාලික ආරම්භක විධිවිධානයක් විය හැකි වුවද, ජනයා සමඟ සබඳතා කළමනාකරණය කිරීමේ දී එය වඩා හොඳ සාර්ථක තත්වයකට මඟ පෑදිය හැකිය. කෙසේ වෙතත්, සියළු අවස්ථාවල දීම, සේවා සපයා ලීම වැඩිදියුණු කිරීම සඳහා විධිමත් ප්‍රතිචාර ලබා දීමේ යාන්ත්රණවලින් සමන්විත ව සන්නිවේදන නාලිකා සාධනීය සහ කාර්යක්ෂම විය යුතුය. එසේම, සාධනීය සන්නිවේදනය යහපාලනයට සහාය වෙමින් එය ප්‍රවර්ධනය කරයි. එසේ සිදුවීමට නම් දැනුවත් සංවාදයක් සහ විවාදයක් මත පදනම් වූ පොදු අවකාශයක් අවශ්‍ය වන්නේය.
සන්නිවේදනය, දුර්වල පාලනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වංක අන්දමින් ද යොදා ගත හැකිය. සමහර සන්නිවේදකයෝ ජනතාවට හඬක් ලබා දෙනවා වෙනුවට දේශපාලන බලය උසුලන අයවළුන් ගේ ඵල ප්‍රයෝජන රැක දීම සඳහා අවශ්‍ය හැම දෙයක් ම කරනවා ඇත.
ධනාත්මක පැත්තෙන් ගත් විට, අපට රාජ්‍ය දූෂණයට එරෙහිව මහජන පීඩනය ඇති කර ලීම සඳහා සමාජ මාධ්‍ය ඇතුළු සන්නිවේදන නාලිකා උදව් කළ බොස්නියාවේ උදාහරණය ගත හැකිය. ඉන්දියාවේ, ඊ-ප්‍රසම්පාදනය වැනි විද්‍යුත්-ආණ්ඩුමය මූලාරම්භයන් දූෂණය අවම කිරීමට සහ රාජ්‍ය ධාරිතාව වැඩි දියුණු කිරීමට ආධාරකාරී වූයේය. නිදසුනක් වශයෙන්, පුරවැසියෝ ප්‍රාදේශීය බලධාරීන්ගේ මැදිහත් වීම ද ඇතිව, පුරවැසි ලකුණු කාඩ් පත් යොදා ගනිමින් සිවිල් ක්‍රියාකාරීත්වයට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ තත්ත්වය
ශ්‍රී ලංකාව තුළ, ආණ්ඩුවේ ධාරිතාව, වගවීම සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වන ව්‍යවස්ථාදායක මාවත් තුළින් දූෂණයට එරෙහිව කරන සටනේ දී ඒ හා සමාන ප්‍රතිඵල ජනතාව අපේක්ෂා කරති. කෙසේ වෙතත්, කෙටි කාලීන අපේක්ෂාවන් සමඟ කටයුතු කිරීමේ දී මතු වන අභියෝග ජය ගැනීම සහ විසඳිය යුතු දෛනික ගැටළු විසඳා ලීම සඳහා කරන්නේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් නව ආණ්ඩුව සෑම දිනයක ම පරීක්ෂාවට ලක් වේ. නිලධාරීන් සහ දේශපාලන බලධාරීන් සමඟ සන්නිවේදනය කිරීමේදී එතරම් ධනාත්මක නොවන අත්දැකීම් ලබා ඇතැයි පවසන අය විසින් බොහෝ අදහස් පළ කර තිබේ.
සාධනීය සන්නිවේදනයක් පවත්වා ගැනීම, පුරවැසියන්ට ඔවුන්ගේ නීත්‍යානුකූල ඉල්ලීම් ප්‍රකාශ කරමින් නව ආණ්ඩුවේ තීරණ ගැනීමේ ක්‍රියාවලියන් කෙරෙහි බලපෑම් කරන්නට සහාය වනවා ඇත. එසේම ගතික සිවිල් සමාජයක් පවත්වාගෙන යාමෙන් ආණ්ඩුව විසින් ගෙන ඇති නව පියවරක් ඵලදායී ද නැද්ද යන්න සොයා බැලීමට ආණ්ඩුවකට හැකි වනවා ඇත. මුදල් වෙන් කළ යුත්තේ කොතැනට ද යන්න සහ එම මුදල් අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වී තිබේද යන්න තීරණය කිරීමට ද එය උපකාරී වනවා ඇත. මෙය සාක්ෂාත් කර ගැනීම යනුවෙන් අදහස් වන්නේ ආණ්ඩුව වග වන බවට බල පෑම් කිරීම සඳහා යාන්ත්‍රණ ස්ථාපිත කොට ක්‍රියාත්මක කරන යහපාලන ක්‍රමයක් වර්ධනය කිරීම සහ ආණ්ඩුව ප්‍රතිචාර දක්වන බවයි.
මෙම සිව් වන කාර්මික විප්ලව යුගයේ, කර්මාන්තය සහ සේවාවන් ඩිජිටල්කරණය කිරීම සහ නැඟී එන තාක්ෂණ වේදයන් භාවිතා කිරීම විසින් සන්නිවේදනය පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ ඵලදායී බවට පත් කර ඇත. සෑම සංවිධානයක් ම ක්‍රියාත්මක වන්නේ ප්‍රතිචාර දක්වන ලූප (loops) මඟින් සංවිධානයේ සිටින හැම කෙනෙකු ගේම තොරතුරු, අදහස් සහ මති මතාන්තර අඛණ්ඩව සන්නිවේදනය කිරීමෙන්, එමඟින් තම සිතුම් පැතුම් අතින් එක්සත් ව සිටින ඕනෑම සංවිධානයක විවිධ කොටස් අතර ඇති බාධක ජය ගැනීමට උපකාරී වෙමින් ය.
සබඳතා ගොඩනැගීම
සන්නිවේදනය, ක්‍රියාකාරිත්ව සහ පුද්ගලික යන දෙ අංශයෙන් ම පුද්ගලයන් අතර සබඳතා ගොඩනැගීම පිළිබඳව වේ. පුද්ගලික අංශයෙන් තොරව ක්‍රියාකාරිත්ව අංශයට සාර්ථකව කටයුතු කළ නොහැකි ය. සමස්ත දේශපාලන ක්‍රම පද්ධතියටම රාජ්‍ය පරිපාලන ක්‍රම පද්ධතියක් මූලික වන්නේ එය පවතින දේශපාලන ක්‍රමය හා එකට වෙලී පැටලී ඇති හෙයිනි.
එසේම රාජ්‍ය පරිපාලනය අතිශයින් සංකීර්ණ වන අතර එහි සන්නිවේදන පද්ධතිය ප්රජාතන්ත්රවාදයේ ප්‍රධාන කුලුණු වලින් එකක් වෙයි. එය බිඳ වැටුණ හොත් එය ප්රජාතන්ත්රවාදී ක්රමයේ කඩා වැටීමට මඟ පාදමින් එය ගැඹුරු විවරයන් බිහි කරනවා ඇත. අද පවතින ගෝලීයකරණය වූ ක්‍රම පද්ධතියක් තුළ බහුජාතික සමාගම් කිහිපයක් විසින් ලොව පුරා ආර්ථිකයන් සහ කාර්මික පද්ධති පාලනය කරනු ලබයි. මෙම සංගත ව්‍යාපාරවල බලපෑමට යටත්ව, සුපිරි බලවතුන් කිහිප දෙනෙක් ලෝක දේශපාලනය, ආර්ථිකය සහ ජන ජීවිතයේ අනෙකුත් වැදගත් අංශ පාලනය කරති. එබැවින් සන්නිවේදන පද්ධති බිඳ නො වැටී පැවතීම අත්‍යවශ්‍ය වන්නේය.
| ලයනල් බෝපගේ
රාජ්‍ය පරිපාලනයේ සාධනීය සන්නිවේදනය විසින් යහපාලනය, එනම් අඛණ්ඩතාව, අවංකභාවය, පාරදෘශ්‍ය භාවය ආදිය ඇති කිරීමට ද දායක වනු ලැබේ. උදාහරණයක් ලෙස ඉතාලියේ රාජ්‍ය පරිපාලනයන් සිය වැඩ කටයුතු පොදු ජනයා වෙත පාරදෘශ්‍ය බවට පත් කළ යුතුය. මෙය පුරවැසියන්ට ආණ්ඩු විසින් කරනු ලබන්නේ මොනවාද යන්න අවබෝධ කර ගැනීමට පුරවැසියන්ට උපකාර වෙමින් පුරවැසියන් ලෙස සිය අයිතිවාසිකම් ක්‍රියාත්මක කරවන්නට ඔවුන්ට හැකියාව ලබා දෙයි. තවද, රටක ඩිජිටල් පරිණාමනය ප්‍රවර්ධනය කිරීම සඳහා මධ්‍ය කාලීන තොරතුරු තාක්ෂණ සැලැස්මක් අවශ්‍ය වෙයි. ඒ සඳහා සන්නිවේදනය සාධනීය වී තිබේ දැයි යන්න අවබෝධ කර ගැනීමට පැහැදිලි, නිශ්චිත, සාක්ෂාත් කර ගත හැකි සහ මැනිය හැකි ප්‍රධාන කාර්ය සාධන දර්ශක අර්ථ දක්වන පර්යේෂණ සහ විශ්ලේෂණය අවශ්‍ය කෙරේ.
ඕස්ට්‍රේලියාව එහි වසන ඕනෑම පුරවැසියෙකුට අවබෝධ කර ගැනීමට පහසු කරවන පරිද්දෙන් පැහැදිලි, නිවැරදි, විස්තීර්ණ සහ සංක්ෂිප්ත සන්නිවේදනයක් සැපයීම සඳහා විධි ක්‍රමයක් අනුගමනය කරයි. මහජන සන්නිවේදනය රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ සහ රාජ්‍ය පරිපාලනයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකනු ලැබේ.
සමාජ මාධ්‍ය සහ සාවද්‍ය තොරතුරු යුගයේ, දේශපාලන අධිකාරීන් ගෙන් සහ ආණ්ඩුවේ සෑම තරාතිරම කම රාජ්‍ය පරිපාලකයන් ගෙන් පෙර ක්‍රියාකාරී සන්නිවේදනයක් සඳහා ප්‍රබල අවශ්‍යතාවයක් පවතී. ඔවුන්ගේ තීරණ සහ වැඩ කටයුතු ගැන අදාළ පාර්ශ්ව කරුවන්ට සෘජු ලෙස සන්නිවේදනය කරන්නට සහ ඔවුන්ගේ ඕනෑම ප්‍රශ්නයක් හෝ නොසන්සුන්කමක් ආමන්ත්‍රණය කරන්නට ඔවුන් සතුව වගකීමක් ඇත. අරමුණ වන්නේ කරුණු මත පදනම්ව, සත්‍ය තොරතුරු මගින් මහජන මතය හැඩ ගස්වනු ලැබීම සහතික කිරීමයි. එබැවින්, සෑම රාජ්‍ය පරිපාලකයෙකුට ම මූලික සන්නිවේදන කුසලතා සහ සන්නිවේදන උපාය මාර්ග හෝ ඔවුන්ගේ වැඩසටහන් පිළිබඳව ප්‍රසිද්ධිය ලබා දෙන්නට සැලසුම් වර්ධනය කිරීමේ හැකියාව තිබිය යුතුය.
ප්‍රබල සන්නිවේදනයක අවශ්‍යතාවය
වඩා දැනුවත්, නියැලුණු සහ වග වන සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය යැයි ආණ්ඩුව සලකන්නේ නම්, ඊට පැහැදිලි, සෘජු සහ ඵලදායී සන්නිවේදනයක් සඳහා ප්‍රමුඛතාවය දිය යුතුය. අළුත් ආණ්ඩුව තුළ, සන්නිවේදනය හා සම්බන්ධ පැරණි ගැටළු ම පවතින බව ඉතා පැහැදිලි ලෙස පෙනේ. සන්නිවේදන අරමුණු සඳහා පවත්වා ගන්නා බොහෝ ප්‍රවේශ ස්ථාන අක්‍රිය ව, අකාර්යක්ෂම ව හෝ වසා දමා ඇති බව පෙනේ. ඒ ගැටළු ඉක්මනින් විසඳා නොගතහොත් දේශීය සහ ඩයස්පෝරා යන දෙපැත්තේ ම ජනයා ට ප්රජාතන්ත්රවාදී ක්රියාවලියෙහි ක්‍රියාකාරී ලෙස සහභාගී වීමට ඉඩකඩ සපයා නො දෙනු ඇත. සිදු වන්නට වැඩි සම්භාවිතාවක් ඇති අර්බුදකාරී අවස්ථාවක, ඵලදායී සන්නිවේදනයේ පවතින ඌණතාවය හේතුවෙන් කාලෝචිත හා නිවැරදි තොරතුරු බෙදා හැරීම ත්, රාජ්‍ය ආයතන තුළ සහ ඒවා අතර මෙහෙයුම් කටයුතු සහ සම්බන්ධීකරණය විධිමත් කිරීමේ උත්සාහයන් වළක්වා ලනු ඇත.
නිගමනය
අළුත් ආණ්ඩුවක් සහ එහි පුරවැසියන් අතර සන්නිවේදනය සඳහා නුපුහුණු, අකාර්යක්ෂම, අධි බර පටවන ලද සහ නිලධාරිවාදී ප්රවේශයන් යොදා ගැනීමෙන් ප්‍රමාද වීම් සහ අකාර්යක්ෂමතාවන් ඇති කරවමින් රාජ්‍ය ආයතන තුළ තොරතුරු ගලා යාම මන්දගාමී බවට පත් කරයි. මෙය වැරදි සන්නිවේදනය ට සහ වැරදි වටහා ගැනීම් වලට මං පාදමින් ජනතාව අතර පවතින අවබෝධය කළමනාකරණය කිරීම අතින් බරපතල අභියෝගයක් මතු කරනවා ඇත. එවැනි ගැටළු සහගත ප්‍රශ්න මඟ හරවා ගැනීම සඳහා සන්නිවේදන ක්‍රියාවලීන් විධිමත් බවට පත් කිරීම, දත්ත සුරක්ෂිතභාවය සහතික කිරීම සහ පැහැදිලි මෙන්ම තේරෙන අන්දමේ භාෂාවක් මෙන්ම විශේෂයෙන්ම, පුහුණු සහ කාර්යක්ෂම සන්නිවේදකයින් එම කටයුත්ත කිරීම සඳහා යොදවා ගැනීම අවශ්‍ය වේ.
තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා භාවිතා කළ හැකි සමහර උපාය මාර්ග අතර හැම ආකාරයකම ලේකම්වරුන් සඳහා සුදුසු පුහුණුවක් ලබා දීම සහ ආණ්ඩුවේ දෙපාර්තමේන්තු තුළ සන්නිවේදන ක්‍රියා පටිපාටි සරල බවට පත් කිරීම සහ පැහැදිලි කිරීම සඳහා නිරවුල් සන්නිවේදන ප්‍රොටොකෝල පිහිටුවා ලීම ඇතුළත් වේ. එය ව්‍යාකූලත්වය අවම කිරීමට ත්, වඩා කාර්යක්ෂම සන්නිවේදනයක් ස්ථාපිත කිරීමට ත් උපකාරී වනු ඇත. මේ තත්වයන් මත, අළුත් ආණ්ඩුවට මහජන අවබෝධය කළමනාකරණය කිරීම සඳහා දායක වන ආකාරයේ සුදුසු ආයෝජන සිදු කරන්නට අවශ්‍ය වනවා ඇත. සියළුම පුරවැසියන්ට නිවැරදි රාජ්‍ය සන්නිවේදන අවබෝධ කර ගැනීමටත් ඒවා සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමටත් හැකි බව සහතික කිරීම වැදගත් වන හෙයින් සන්නිවේදනය විවිධ ප්‍රේක්ෂකයන් ව ඇතුළත් කර ගන්නා ලෙස සහ ඔවුන්ට ප්‍රවේශ විය හැකි ලෙස නිම කල යුතුය.
පැහැදිලි සහ සංක්ෂිප්ත සන්නිවේදනයේ ඇති වැදගත්කම කිසි විටෙක අවතක්සේරු නොකළ යුතුය. නායකයන්, රජයේ සේවකයන් සහ පුරවැසියන් ඵලදායී අන්දමින් සන්නිවේදනය කරන විට, එය විශ්වාසය, විනිවිදභාවය සහ හවුලේ ඇති කර ගන්නා අවබෝධයක් ගොඩනැගීමට දායක වන්නේය. අළුත් ආණ්ඩුවට සහජීවනයෙන් යුතුව හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන්නට සහ ජනතාවට හොඳින් සේවය කිරීමට නම් පැහැදිලි සන්නිවේදනය ඉතා වැදගත් වේ. සන්නිවේදන නාලිකා සීමා කිරීම සහ උදාසීන සහ අකාර්යක්ෂම සන්නිවේදකයන් යොදා ගැනීම අවසානයේ අයහපත් පාලනයට පමණක් නොව අළුත් ආණ්ඩුවේ බිඳ වැටීමට ද හේතු වනවා ඇත.
එබැවින්, විශේෂයෙන් ම ප්‍රතිපත්ති සහ සේවාවන් පිළිබඳව ආණ්ඩුවේ සිට පුරවැසියා වෙත තොරතුරු බෙදා හැරීමේ දී ආණ්ඩුව සහ එහි සීමාවෙන් පිටත පවතින ආයතන අතර සන්නිවේදනය වැඩිදියුණු කිරීම ගැන හදිසි අවධානය යොමු කළ යුතුය.
පැහැදිලි සන්නිවේදනයට ඇති ප්‍රවේශය හුදෙක් අළුත් ආණ්ඩුවේ කීර්ති නාමය පවත්වා ගැනීමේ මෙවලමක් පමණක් නොව ප්‍රබල, ඔරොත්තු දෙන සහ පුනර්ජීවය ලද සමාජයක් පෝෂණය කිරීම සඳහා පවතින මූලික අවශ්‍යතාවයක් බව වටහා ගැනීම අති වැදගත් වේ. එය ශ්‍රී ලංකාවේ ජනතාව ඉතා උනන්දුවෙන් බලාපොරොත්තු වෙමින් සිටි වඩා වැඩියෙන් ඇතුළු කර ගන්නා, වග වන සහ ප්‍රතිචාර දක්වන පාලන තන්ත්රයක අත්‍යවශ්‍ය අංගයක් වේ.
2024 දෙසැම්බර් 12 වන දා