ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බල ශක්තිය ‍යොදා ගැනීමේ පිළිවෙතක් කරා නොඑළඹිය යුතු වන්නේ ඇයි? – ලයනල් බෝපගේ, සිරාජ් පෙරේරා, නිමල් චන්ද්රසේන සහ ජයන්ත දසනායක

ශ්‍රී ලංකාව න්‍යාෂ්ටික බල ශක්තිය කරා අනුගත වීමේ විභවතාවක් අරභයා වන සාකච්ඡාව මෑත මාස වල දි ජවය ලබා ගෙන තිබේ. ශ්රී ලංකාවේ වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව, දේශයේ බලශක්ති උපරි ව්යුහය විවිධාංගීකරණය කිරීමේ සහ ශක්තිමත් කිරීමේ මාධ්යයක් වශයෙන්, රටේ දිගු කාලීන බලශක්ති උපාය මාර්ගය තුළට න්යෂ්ටික බල ශක්තිය ද ඒකාබද්ධ කිරීම සඳහා සිය සහයෝගය ප්රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, එබඳු වැදගත් පිම්මක් පැනීමට පෙර, න්යෂ්ටික බලය සමඟ සම්බන්ධ වන බොහෝ සංකීර්ණතා සහ අභියෝග කිරා මැන බැලීම අත්යවශ්ය කටයුත්තකි. ශ්රී ලංකාවේ වත්මන් බලශක්ති වපසරිය සමග න්යෂ්ටික බල ශක්තිය හඳුන්වා දීමේදී උදා විය හැකි සමාජ-ආර්ථික, පාරිසරික සහ තාක්ෂණික අභියෝග ගැන සළකා බැලීමේදී, න්යෂ්ටික බලය යනු මේ මොහොතේ රට උදෙසා ගත හැකි විචක්ෂණශීලී පියවර දාමයක් නොවන බව පැහැදිලිය. පහත සඳහන් වන්නේ ශ්රී ලංකාව න්යෂ්ටික බල ශක්තිය කරා අනුගත වීමේ ප්රතිපත්තියක් වෙතට යොමු වීමෙන් වැලකී සිටිය යුත්තේ කුමක් නිසාදැයි දැක්වෙන හේතු කිහිපයකි.

1.දැරිය නොහැකි වීම සහ ඉහළ ආරම්භක පිරිවැය

න්යෂ්ටික බල ශක්තිය සහිත යටිතල ව්යුහයක් ගොඩනැගීමේ මූල්යමය බර අති විශාලය. තනි න්යෂ්ටික බලාගාරයක් ඉදි කිරීම සඳහා සාමාන්යයෙන් වැය වන පිරිවැය ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ත් 9ත් අතර වෙයි. ඉදි කිරීමේ කාලය බොහෝ විට වසර තිහක් ඉක්මවයි. අධික දේශීය ණය සහ අනවරත මූල්ය හිගයන් ද ඇතුළු ආර්ථික අභියෝග සමඟ මේ වන විටත් පොර බදමින් සිටින රටක රාජ්ය මූල්යය මෙබඳු ආයෝජනයක් මගින් දැඩි පීඩාවකට ලක්වනු ඇත. . ඉන්ධන මිලයට ගැනීම්, නඩත්තුව සහ අවසාන‌යේදී ආපසු භාර දීම ඇතුළු දිගු කාලීන මෙහෙයුම් පිරිවැය විසින් මෙම ආර්ථික බර තවදුරටත් උග්ර කෙරෙනු ඇත.

සංසන්දනාත්මක ව බලන කල සූර්ය බලය සහ සුළං බලය යොදා ගෙන විදුලි බලය උත්පාදනය කිරීමේ පිරිවැය මෑත අවුරුදු වලදී පහල වැටී තිබේ. ජාත්යන්තර පුනර්ජනනීය බලශක්ති ඒජන්සියට (IRENA) අනුව සූර්ය ප්රකාශ වෝල්ටීයතා (PV) විදුලියේ ගෝලීය පිරිවැය සාමාන්යය, 2010 සහ 2020 අතර කාලයේදී 82% කින් පහල වැටී ඇත. අතිශයින් මිල අධික සහ අවිනිශ්චිත පිරිවැය ක් න්යෂ්ටික බල ශක්තිය වෙනුවෙන් යොදවනු වෙනුවට, මෙම සීඝ්‍රයෙන් දියුණු වන තාක්ෂණයන් කෙරෙහි ප්රමුඛත්වය දීම මගින් වඩාත් වේගවත් සහ වඩාත් පිරිවැය – ඵලදායක බලශක්ති සුරක්ෂිත භාවයක් ශ්රී ලංකාවට අත්පත් කර ගත හැකිය.

  1. දේශීය විශේෂඥ දැනුම සහ යටිතල ව්‍යූහයක් නොමැති වීම.

න්යෂ්ටික බල ශක්තිය සඳහා ඉහළ මට්ටමේ විශේෂඥ දැනුම, යටිතල ව්යුහය සහ නියාමනයාන්ත්‍රියක්  අවශ්‍යය. මේ කිසිවක් වත්මන් ශ්‍රී ලංකාව තුළ නොමැත. න්යෂ්ටික බලශක්ති වැඩ සටහනක් ගොඩනැගීමේ දී, මිල අධික තාක්ෂණය සහ පුහුණු ශ්රමිකයන් විදේශවලින් ලබා ගැනීම අවශ්‍ය වනවා ඇත. ජාත්යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය (IAEA) ට අනුව න්‍යෂ්ටික බලශක්තිය සඳහා අවශ්‍ය නෛතික, නියාමන සහ ආරක්ෂාකාරී යාන්ත්රණ ස්ථාපිත කිරීමට දශකයකට වැඩි කාලය ක් ගතවන අතර, ඒ සඳහා අති විශාල මූල්ය සහ මානව සම්පත් ආයෝජනයක් කළ යුතුය. මෙලෙස විදේශ විශේෂඥතාවය මත රඳා පැවතීම, ශ්රී ලංකාවේ බලශක්ති ස්වාධීනත්වය අවදානමට හෙළනු පමණක් නොව, විශේෂයෙන්ම විදේශ සහයෝගයන් පමා වීම හෝ ඒවා ඇහිරීම සිදු විය හැකි භූ දේශපාලනික හෝ ආර්ථික අර්බුද වලදී න්යෂ්ටික පහසුකම් කළමනාකරණය කිරීමේ සහ නඩත්තු කිරීමේ දිගු කාලීන අවදානම් ද පැණ නඟියි.

එසේම දැනට න්යෂ්ටික පර්යේෂණ ආයතන හෝ න්යෂ්ටික ඉංජිනේරු විද්යාව පිළිබඳ වැඩ සටහන් සහිත තාක්ෂණික විශ්ව විද්යාල හෝ නොමැති වීමෙන් ප්රදර්ශනය වන්නේ ශ්රී ලංකාව මුහුණ දෙන ආන්තික ඉගෙනුම් වක්රය යි. දශක ගණනාවක් ගත කොට න්යෂ්ටික බලය වර්ධනය කරගත් චීනය, ඉන්දියාව වැනි රටවල් තවමත් ඔවුන්ගේ වැඩ සටහන් වල සංකීර්ණ පාර්ශ්වයන් කළමනාකරණය කිරීම සඳහා අන්තර්ජාතික සහයෝගීතාවය මත දැඩිව රැඳී සිටිති. බින්දුවේ සිට පටන් ගන්නා ශ්රී ලංකාව එම රටවලටත් වඩා විශාල ලෙස අවාසි දායක තත්වයක පසුවනු ඇත. එමඟින් න්යෂ්ටික බල ශක්තිය ප්රායෝගික නොවන සහ අවදානම්සහගත ඉලක්කයක් බවට පත් වෙයි.

3.න්‍යෂ්ටික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ අභියෝගය

ඇතැම් විට, න්යෂ්ටික බලශක්තියේ ඇති වඩාත්ම අන්තරායකාරී අංශය වන්නේ න්යෂ්ටික අපද්රව්ය කළමනාකරණය යි. න්යෂ්ටික අපද්රව්ය වසර දහස් ගණනක් ගතවන තෙක් ඉතා හානිකර වන අතරම, ඒවා ආරක්ෂිතව තැන්පත් කර තැබීමේ සාර්ථක දිගු කාලීන විසඳුම් ද නොමැත. සීමිත අවකාශයක් සහ සීමිත සම්පත් සහිත කුඩා රටක් වන ලංකාව, න්යෂ්ටික අපද්රව්ය බැහැර කිරීම සඳහා ආරක්ෂිත සහ හුදෙකලා ස්ථානයක් පිළිබඳ කාරණයේදී පීඩනයකට ලක්වනු ඇත. එක්සත් ජනපදය, ජපානය බඳු දියුණු න්යෂ්ටික වැඩ සටහන් සහිත දේශයන් පවා න්යෂ්ටික අපද්රව්ය බැහැර කිරීම හා බැඳුණු නොවිසඳුනු ගැටළු වලට දිගටම මුහුණ පා සිටිති. උදාහරණයක් වශයෙන් න්යෂ්ටික අපද්රව්ය ස්ථාවරව තැන්පත් කරන ස්ථානයක් වශයෙන් සැලකුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ යුකා කඳුකර ව්යාපෘතිය, දශක ගණනක් තිස්සේ දේශපාලනික සහ තාක්ෂණික මතභේද තුළ ගිලී පවතී. එයට වඩා බොහෝ අඩු සම්පත් සහ තාක්ෂණික හැකියාවන් සහිත ශ්රී ලංකාවට මෙම අභියෝග කළමනාකරණය කර ගැනීම සඳහා පොර බැදීමට සිදුවන බැවින්, න්යෂ්ටික බල ශක්තිය ඉතාම අන්තරායකර සහ දරා සිටිය නොහැකි තේරීමක් බවට පත් වෙයි. මෙම ගැටළුව් ශ්රී ලංකාවේ පරිසරයට සහ අනාගත පරම්පරාවන්ගේ යහ ජීවනය කෙරෙහි බල පාන පැවැත්ම හා සම්බන්ධ තර්ජනයක් නිර්මාණය කරයි.

4 ආරක්ෂාව පිළිබඳ අනතුර සහ ගෝලීය අවදානම් සාධක

න්යෂ්ටික බලාගාර වල ආරක්ෂාව අතිශයින් වැදගත් ය. කුඩා අඩුපාඩුවකින් පවා ව්යසනකාරී ප්රතිඵල ලැබිය හැක. න්යෂ්ටික තාක්ෂණයේ දියුණුව නිසා බලාගාර වඩාත් ආරක්ෂිත බවට පත් වෙද්දී – මිනිස් වැරදි, ස්වභාවික ව්යසන හෝ තාක්ෂණික අසාර්ථක වීම යන මේ කවර හේතුව නිසා හෝ වේවා – හදිසි අනතුරු සිදු වීමේ අවදානම උග්ර ප්රශ්නයක්ව පවතී. සුනාමි, නායයාම් සහ ගංවතුර ආදී ස්වභාවික විනාශයන්ට ශ්රී ලංකාව ගොදුරු වීමට ඇති අවදානම් ගැන සලකා බලන විට‚ න්යෂ්ටික අනතුරක අවදානම ඉහළය. දේශගුණික වෙනස්කම් නිසැකවම ස්වභාවික විනාශයන් ගේ බල පෑම තීව්ර කරයි. විශේෂයෙන්ම ෆුකුෂිමා විනාශය බඳු සිදුවීම් හමුවේ න්යෂ්ටික ආරක්ෂාව සම්බන්ධව පවතින ගෝලීය අවධානය දෙස බලන විට ශ්රී ලංකා ආණ්ඩුව මෙය අත්හිටවිය යුතුය. ඒ වනාහි අනතුරක් සිදු වීමට ඇති ඉඩකඩ පිළිබඳ දෙයක් පමණක් නොව, න්යෂ්ටික අර්බුදයක දී සිදු විය හැකි දිගු කාලීන පාරිසරික විනාශය පිළිබඳ කරුණක් ද වෙයි.

එපමණක් ද නොව, ශ්රී ලංකාව යනු ඉහළ ජනගහන ඝනත්වයක් සහිත – වර්ග කිලෝ මීටරයක ට පුද්ගලයන් 340කට වඩා සිටින – කුඩා රටකි. එහි අරුත නම් ඕනෑම න්යෂ්ටික සිදු වීමක ඵලය වනු ඇත්තේ විශාල ප්රමාණයක අවතැන් වීම ක් සහ දිගු කාලීන සමාජ – ආර්ථික නොසන්සුන්තාවය ක් බව යි. න්යෂ්ටික ව්යාපෘතිය ක් නිසා – විශේෂයෙන්ම එම වැඩිම ජනප්රිය වෙරළබඩ කලාපවල පිහිටි එකක් නම් – ශ්රී ලංකාවේ තීරණාත්මක වැදගත් කමක් සහිත ආර්ථික අංශයක් වන සංචාරක ක්ෂේත්රය පසු බෑමට ලක් වීමට ඉඩ තිබෙයි. කලාතුරකින් සිදු වන්නේ යැයි සිතුවත්, න්යෂ්ටික ව්යසන විසින් කෘෂිකාර්මික ඉඩම් සහ ජල ප්රභවයන්ට දැඩි හානි සිදු කළ හැකිය.

5. අවිනිශ්චිත ප්රතිලාභ වෙනුවෙන් දිගු කාලීනව කැප වීම

න්යෂ්ටික බලය වනාහි කෙටි කාලීන විසඳුමක් නොව දිගු කාලීන කැප කිරීම කි. ඉහත සඳහන් කළ පරිදි න්යෂ්ටික බලාගාරයක් ඉදි කිරීම සඳහා වසර 30 සිට 40 දක්වා කාලයක් ගත විය හැකිය. ඉදිකිරීම් අවසන් වීමෙන් පසුව පවා එයට වැය වූ දෑවැන්ත පිරිවැය, ප්රතිලාභ වශයෙන් ආපසු ලැබීම ඇරඹීම ට නම් බලාගාරය ඊට පෙර වසර ගණනාවක් ක්රියාත්මක විය යුතුය. මෙලෙස දිගු කාල රාමුවක් අවශ්ය වීම යන්නෙහි අරුත නම් රටේ වත්මන් බල ශක්ති අවශ්යතා සැපිරීම සඳහා න්යෂ්ඨික බල ශක්තිය මගින් අර්ථවත් දායකත්වයක් නොලැබෙන බවය. නව සොයා ගැනීම් වන විදුලි කෝෂ තුළ ගබඩා කිරීම සහ ජාල ඒකාබද්ධ කිරීම ඇතුළු පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන්ගේ වේගවත් දියුණුව සැලකිල්ලට ගත් කල, වඩාත් ලාභදායී සහ කාර්යක්ෂම විකල්ප මෙම කාල රාමුව තුළ මතු වීමට ඉඩ තිබේ. ආර්ථික සහ පාරිසරික වාසි කෙරෙහි අවධාරණය කරමින් න්යෂ්ටික බලය ඉවත් කර ඒ වෙනුවට පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි ජර්මනිය සහ ඩෙන්මාර්කය වැනි රටවල් යොමු වෙමින් පැවැතීම නිදසුනක් ලෙස දැක්විය හැකිය. ශ්රී ලංකාව මෙම ගෝලීය ප්රවණතාවන්ගෙන් පාඩම් ඉගෙන ගනිමින්, ඉතා වියදම් අධික සහ යල්පැන ගිය බල ශක්ති මාදිලිවලට කොටු වීමෙන් වැළකිය යුතුය. සූර්ය බලය උපයෝගී කර ගන්නා කුඩා බලාගාර සහ වෙරල බඩ සුළං උද්යාන වැනි කෙටි කාලීන මෙන්ම වාසි අවාසි මැන ගත හැකි විසඳුම් කෙරෙහි අවධානය යෙදවීම මගින් ශ්රී ලංකාවට සිය බලශක්ති අවශ්යතා තිරසාර ලෙස සපුරා ගත හැකිය. එමෙන්ම තවත් දශක කිහිපයක් ගතවන විට න්යෂ්ටික බලය තවදුරටත් ආර්ථික වශයෙන් ලාභදායී සහ යෝග්ය ද යන්න අපැහැදිලි හෙයින් එහි නිරත වීම අවිනිශ්චිත ආයෝජනයක් වෙයි.

6. ශක්තිමත් පුනර්ජනනීය බලශක්ති පදනමක්

විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය හා සම්බන්ධ ස්ථාවර පදනමක් ජල විදුලිය මගින් මේ වන විටත් ශ්රී ලංකාව සතුව ඇත. මෑතකදී කරන ලද ගණනය කිරීම් වලට අනුව රටේ සමස්ත බලශක්ති ප්රමාණයෙන් 45% ක් පමණ ලැබෙන්නේ ජල විදුලියෙනි. මෙම පුනර්ජනනීය බලශක්තිය බහුල වශයෙන් තිබෙනු පමණක් නොව සාපේක්ෂව එය පිරිවැය ට අනුව ලාභදායක ය. එයට අමතරව මෙතෙක් භාවිතයට නොගත්, එහෙත් භාවිතයට ගත හැකි සැලකිය යුතු ප්රමාණයක ජල විදුලි ශක්යතා ප්රමාණයක්ද රට තුළ තිබේ. මෑත වසර වලදී රටේ සූර්ය බල සහ සුළං විදුලි බලශක්තිය උපයෝගී කර ගැනීම පුළුල් වී ඇතත්, රටේ ජාතික බලශක්ති සැපයුමේ ප‍්‍රධාන කුළුණ වශයෙන් තවමත් රැඳී පවතින්නේ ජල විදුලිය යි. න්යෂ්ටික බල ශක්ති බලාගාර සඳහා වැය කළ යුතු වන අති විශාල පිරිවැය සහ සංකීර්ණතා දෙසට සම්පත් යොදවනු වෙනුවට, මෙම පුනර්ජනනීය බලශක්ති පදනම පුළුල් කිරීම කෙරෙහි ප්රමුඛත්වය දිය යුතුය.

දෛනිකව වර්ග මීටරයකට කිලෝ වොට් පැය 5- 6ක සාමාන්යයක් සහිතව, සූර්යාලෝකය බහුල වශයෙන් රටට ලැබීම නිදසුනක් ලෙස ගත හැකිය. ඒ ආකාරයටම, විශේෂයෙන්ම රටේ උතුරු සහ ගිනිකොණදිග කලාප තුළ මෙග වොට් 20,000 ක් ඉක්මවා යන සුළං බලශක්ති ශක්යතාවයක් ද තිබේ. තාක්ෂණික දියුණුව ද, සූර්ය බල මධ්යස්ථාන සහ සුළං බල මධ්යස්ථාන ඉදි කිරීමට වැය වන අඩු පිරිවැය ද සැලකිල්ලට ගත් විට, න්යෂ්ටික බලය වෙනුවෙන් අවශ්ය මූල්ය සහ පාරිසරික බර දැරීමකින් තොරව ශ්රී ලංකාවට සිය බලශක්ති ඉලක්ක කරා ළඟා විය හැකිය. පුළුල් වන පුනර්ජනනීය බල ශක්ති පරාසය විසින් දේශීය රැකියා සහ නවෝත්පාදන ද දිරි ගැන්විය හැකිය. සුළු පරිමානයේ ප්රජා සූර්ය ව්යාපෘති හෝ සුළං බල උද්යාන සඳහා ජාල පද්ධති පුළුල් කිරීම පිණිස ආයෝජනය කිරීම මගින්, ග්රාමීය පෙදෙස්වල බලශක්ති ප්රවේශය වර්ධනය වීමට අතිරේකව රැකියා දහස් ගණනින්ද නිර්මාණය විය හැකි වීම එයට උදාහරණ වශයෙන් දැක්විය හැකිය. එහෙත් එයට ප්රතිවිරුද්ධ ආකාරයට, න්යෂ්ටික බල ශක්තිය උදෙසා සම්පත් යෙදවීම නිසා මෙම චිරස්ථායි විකල්ප වර්ධනය වීම පමා වනු ඇත.

7. මහජන කතිකාවක් සහ විනිවිද භාවය නොමැති කම

තවත් ඉතා වැදගත් ගැටළුවක් වන්නේ මෙම කරුණ අරභයා මහජන කතිකාවක් නොමැති වීම ය. න්යෂ්ටික බලශක්තිය යනු සමාජයේ සියළු අංශවල බුද්ධිමත් සළකා බැලීම සහ අදහස් එකතු කිරීම අවශ්ය කරන බරපතළ ලෙස විවාදාත්මක සංකීර්ණ ගැටළුවකි. එසේ වුවද, පාරදෘශ්ය භාවය සහිත ජාතික සංකතනයක් තුළින් එනු වෙනුවට, න්යෂ්ටික බලයට මාරු වීම පිළිබඳව යෝජනාව මතු වන බව පෙනෙන්නේ මූලික වශයෙන්ම තෝරා ගත් විද්යාර්ථීන් කිහිප දෙනෙක් සහ කර්මාන්ත ක්ෂේත්රයේ බලපෑම් සහගත කිහිප දෙනෙකු වෙතින් පමණකි. න්යෂ්ටික බල ශක්තියේ ඇති වාසි සහ අවාසි පිළිබඳව විවෘත සහ දැනුවත් විවාදයක් හෝ තම අදහස් එළි දැක්වීම සඳහා ශ්රී ලංකාවේ මහජනයාට වේදිකාවක් හෝ නොමැත. බලශක්ති ප්රතිපත්ති පිළිබඳ ලේඛන ද, විදුලි බල හා බලශක්ති අමාත්යාංශයේ මෑත දී නිකුත් කළ ප්‍රකාශන මගින් ද ප්රජාතන්ත්රවාදී ක්රියාවලිය ක් පිළිබිඹු නොවන අතර මහජන කතිකාවක් නොමැති කම නිසා එවන් වැදගත් ප්රතිපත්තිමය වෙනස්කම් හි නීත්යානුකූල භාවය පිළිබඳවද සැක සංකා මතු වෙයි. න්යෂ්ටික බල ශක්ති වැඩසටහන සඳහා එළැඹීමට පෙර, ආණ්ඩුව මේ පිළිබඳව පූර්ණ මහජන අදහස් විමසීමක යෙදිය යුතු අතර, මෙම වැදගත් ප‍්‍රශ්නය පිළිබඳව මහජනයාට කිරා මැන බැලීමට අවස්ථාවක් සලසා දිය යුතුය.

නිගමනය

ශ්‍රී ලංකාවට න්යෂ්ටික බලශක්තිය හඳුන්වා දීමේ අදහස ආකර්ශනයකින් තොර එකක් නොවේ. අඛණ්ඩ, මහා පරිමාණ බලශක්ති සැපයුමක් පිළිබඳ කාරණය විශේෂයෙන් ආකර්ශනීය ය. එහෙත් න්යෂ්ටික බල ශක්තිය සමඟ බැඳුණු අනේකවිධ අවදානම් සහ අභියෝග, එම බලශක්තිය නිසා ලැබිය හැකි ප්රතිලාභවලට වඩා බොහෝ වැඩි වෙයි. පුනර්ජනනීය බලශක්තිය මත ශ්රී ලංකාව වර්තමානයේ රැඳී සිටීම, න්යෂ්ටික තාක්ෂණය පිළිබඳ විශේෂඥතාව ශ්රී ලංකාව තුළ නොමැති කම, දරන්නට සිදුවන අසීමිත පිරිවැය, න්යෂ්ටික අපද්රව්ය බැහැර කිරීම පිළිබඳ නොවිසඳුනු ගැටළුව්, සහ ඒ හා බැඳුණු ආරක්‍ෂාව යන කරුණු සැලකිල්ලට ගත් විට ශ්රී ලංකා ආණ්ඩුව න්යෂ්ටික බල ශක්තියට අනුගත වීමේ ප්රතිපත්තියක් කරා යාම අමනෝඥ පියවර ක් වනු ඇත.

න්යෂ්ටික බලශක්තිය සමඟ ඉදිරියට යනු වෙනුවට, ශ්රී ලංකාව අවධානය යෙදවිය යුත්තේ දැනටමත් භාවිතයට ගන්නා පුනර්ජනනීය බලශක්ති පරාසය පුළුල් කිරීම කෙරෙහි සහ විශේෂයෙන්ම ජල විදුලිය, සූර්ය ශක්තිය සහ සුළං බලය සමඟම බලශක්ති කාර්යක්ෂමතාව සහ ගබඩා කිරීම උදෙසා ආයෝජනය කිරීම කෙරෙහිය. න්යෂ්ටික බල ශක්තිය කරා යාමෙහි කිසියම් සැලසුමක් වේ නම් එය අත් හැර දැමීම සඳහා ද, ජනතාවගේ සහ පරිසරයේ යහ පැවැත්ම සඳහා ප්රමුඛත්වය දෙන දැනුවත් තෝරා ගැනීම් මගින් ශ්රී ලංකාවේ බලශක්ති ප්රතිපත්තියේ අනාගතය සහතික කරනු ලබන ජාතික කතිකාවක් ඇරඹීමට ද, රටේ නායකයා වශයෙන් ජනාධිපතිවරයා පැහැදිලි සහ පාරදෘශ්ය තීරණයක් කරා එළඹිය යුතුය.

කතුවරුන් පිළිබඳව:

| ආචාර්ය ලයනල් බෝපගේ, ප්රජා ක්රියාකාරක සහ හිටපු රාජ්‍ය සේවක

| සිරාජ් පෙරේරා මහතා, සිවිල් ඉංජිනේරු සහ හිටපු රාජ්‍ය සේවක

| ආචාර්ය නිමල් චන්ද්රසේන, පරිසර වේදියෙක් සහ උනන්දුව දක්වන පුරවැසියෙක් සහ

| ආචාර්ය ජයන්ත දසනායක, MAppS, PhD පාරිසරික සහ නිදන්ගත රෝග වසංගතවේදී

ඕස්ට්රේලියාව

2025 ජනවාරි 25 වන දා

 

 

 

Leave A Comment