ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුමකට එකඟතාවය

ආයෝජකයින් සහ ඔවුන්ගේ ආයෝජන සඳහා හිතකර ආයතනික පරිසරයක් සහතික කිරීම මඟින් ඍජු විදේශ ආයෝජන නියාමනය සඳහා නීතිමය යාන්ත්‍රණයක් සම්පාදනය කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශ්වය විසින් එකඟතාවකට පැමිණ තිබේ.

යෝජිත ගිවිසුමට අත්සන් තැබීම මඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට මෙන්ම, ආයෝජන සහ වෙළෙඳාම ආශ්‍රිත ක්ෂේත්‍රවල දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

දෙපාර්ශ්වය අතර අත්සන් තැබීමට යෝජිත ගිවිසුමට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කිරීමට නියමිත රාජ්‍ය සංචාරය අතරතුරදී එකී ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Leave A Comment