සංචාරක කර්මාන්තය දැන් නැවතත් පුනරුත්ථාපනය වෙමින් ඉදිරියට යනවා.
- 5opn1
- December 16, 2024
- සංචාරක සහ චාරිකා
- සංචාරක කර්මාන්තය දැන් නැවතත් පුනරුත්ථාපනය වෙමින් ඉදිරියට යනවා.
- 0 Comments
පසුගිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අවසන් භාගයේදී සංචාරක මණ්ඩලයේ සභාපති කණ්ඩායම ඇස්තමේන්තු කළේ මේ වසර අවසානය වන විට සංචාරකයින් ලක්ෂ 26ක් පමණ ලංකාවට එයි කියලා.
ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන 1600ක බජට්ටුවක් ගැනත් කතා කළා.
ඡන්දය කාලෙ ඒ මුදලක් වියදම් කරාද දන්නේ නැහැ.
අපි නම් එදත් කීවේ සංචාරකයින් ලක්ෂ විසි තුනක් පමණ මේ රටට පැමිණේවි කියලයි.
රටට මෙමගින් එන ආදායම ඩොලර් මිලියන 3.5ක් 4 ක් ආදායමක් ගලා එනවා.
හැබැයි මේ සංචාරකයින් මාර්ගයෙන් මේ රටට ගලා එන ආදායම ඔවුන් වියදම් කරන ප්‍රමාණය පිළිබඳ කිසිදු නිල සංඛ්‍යා ලේඛන කොහෙවත් නෑ.
අනුර කුමාර ජනාධිපතිතුමා නම් 2025 වර්ෂයේදී සංචාරකයන් මිලියන හතරක් පමණ බලාපොරොත්තු වෙනවා. ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරලා තිබුණේ සංචාරකයින් මිලියන 5ක් විතර ලංකාවට ගෙන්නන්න කටයුතු කරනවා කියලයි .
මේ ඔක්කොම ගණන් හිලව් ක්‍රමවත් සැලැස්මක් නැතිව ඔය විදිහට ජනතාව චූන් කරන ප්‍රකාශ කරන එක හොඳ මදි.
වසර හැත්ත පහක ඉතිහාසය තුළ ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ 2018 වර්ෂයේදී. එම ප්‍රමාණය මිලියන 2.6ක් නැතිනම් ලක්ෂ 26ක්.
පසුගිය කාලයේ සංචාරකයින්ගේ පැමිණීම වැඩිවූයේ ඉන්දීය සහ චීන සංචාරකයන් විශාල වශයෙන් මෙරටට පැමිණි නිසයි.
මේ දෙගොල්ලම වැඩිය වියදම් කරන සංචාරකයින් නොවෙයි.
අපි මේ කරුණ සඳහන් කරන්නේ අංක ගණිතයෙන් සංචාරක කර්මාන්තය දෙස බලන්නයි, ගණන් හදන්නයි ගියොත් අපි අන්තිම අමාරුවට පත්වෙනවා. අපිට ඕනෑ නම්බර්ස් නොවෙයි.
වැඩියෙන් වියදම් කරන ගුණාත්මක භාවයෙන් ඉහළ සංචාරකයින් රට තුළට අද්දවා ගැනීමයි.
තවත් කරුණක් තමයි රජය සංචාරක ඒජන්සි ආයතන ගැන එතරම් තැකීමක් නොකර සංචාරක කර්මාන්තය දියුණු කිරීමට යාම.
පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීම සංචාරක කර්මාන්තයේ කොටස්කරුවන් විසින්ම කළ යුතු බවයි.
එදිනම හෝටල් හිමියන්ගේ සංවිධානයේ සභාපති සුකුමා මහතා සඳහන් කළේ මහා පරිමාණයෙන් විදේශ විනිමය රටට ලබාදෙන සංචාරක කර්මාන්තය දියුණු කිරීමට රජය උදව් කළ යුතු බවයි.
කෙටියෙන් සඳහන් කළහොත් අපට කිව හැක්කේ සංචාරක කර්මාන්තය පිළිබඳ සංගායනාවක් ආරම්භ කිරීම සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්රමුඛ වගකීම බවයි.
සංචාරක ව්‍යාපාරය නැවත පුනර්ජීවනය කිරීමට රජයේ බලධාරීන් සැලසුම් කරනවා නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ දැනට රට තුළ ඇති කාමර ධාරිතාව සංචාරක සමය උපරිමයෙන්ම ක්‍රියාත්මක වන කාලපරිච්ඡයේදී උපරිමයෙන් භාවිතා කිරීමයි.
සංචාරක සමය අඩු දාරිතාවයෙන් ක්‍රියාත්මක කාල සීමාවේදීත් මුලින්ම ඉහළ ආදායම්ලාභී සංචාරකයන්ගෙන් පිරවීමට කටයුතු කිරීමය.
දෙවනුව මෙරටට යුරෝපයෙන්, එක්සත් ජනපදයෙන්, කැනඩාව ඔස්ට්‍රේලියාව යන රටවලින් අඩු සංචාරකයින් ප්‍රමාණයක් එන කාලසීමාවේදී අනෙකුත් රටවල සංචාරකයින් රට තුළට ප්‍රවර්ධනය කිරීමත්ය.
අනෙක් කාරණය තමයි සංචාරකයින් රටට ඇතුල්වීමේ වැදගත් ස්ථානය වන කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින අවිධිමත්භාවය !සංචාරකයකුට සාමකාමී මනසකින් ගුවන් යානයෙන් බැස තමන්ගේ ගමනාන්තයට යාමට හැකියාවක් නැහැ.
* රථ වාහන භාවිතයේ ක්‍රමවත් බවක් නැහැ.
* සංචාරකයින් පසුපස හඹා එන කාක්කන් ගෙන් පිටවීමේ පරියන්තය පිරිලා.
* රට තුළට යාමට ඇති ප්‍රවාහන සේවාවන් සම්පූර්ණයෙන්ම අවිධිමත්. අවම වශයෙන් පූර්ණ වායු සමනය කර ඇති බස් සේවාවක්
ගුවන්යානා පැමිණීමේ කාලසටහන් අනුව බද්ධ කළ යුතුයි.
සිංගප්පූරුව වැනි රටවල මේ සියල්ල ඉතාමත් ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙනවා.
අපි යෝජනා කරන්නේ ගුවන් තොටුපොල භාර ඈමතිතුමාටයි , සංචාරක කර්මාන්තය බාර ඇමතිතුමාටයි රාත්‍රි කාලයේදී ගුවන් තොටුපොල පැත්තේ රවුමක් යන්න කියලයි.
CNL