සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් දෙන්න අගමැතිනියගේ සභාපතිත්වයෙන් අමාත්‍ය කමිටුවක්
- 5opn1
- December 4, 2024
- දේශපාලන
- සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් දෙන්න අගමැතිනියගේ සභාපතිත්වයෙන් අමාත්‍ය කමිටුවක්
- 0 Comments
සංවර්ධන නිලධාරීන්ගේ පරිපාලන කටයුතුවලදී මෙන්ම, කාර්යසාධනය සම්බන්ධව වර්තමානයේදී උද්ගත වී ඇති විවිධ ගැටලු හඳුනාගෙන, එම ගැටලු විශ්ලේෂණය කර ඒ සඳහා තිරසර විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් සහ තවත් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගෙන් සමන්විත අමාත්‍ය කමිටුවක් පත් කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
එසේම එම කමිටුවට සහාය වීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීමටත් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, ආශ්රිත සේවා ගණවල නිලධාරීන් රාජ්‍ය සේවයට ඇතුළත් වීමට මූලික සුදුසුකමක් ලෙස උපාධිය සලකා නොබලන නමුත් උපාධියක් සහිතව රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල දැනටමත් ඇතුළත් වී සිටින නිලධාරීන් හා රාජ්‍ය සේවයට ප්‍රවේශ වීමට අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන් ආශ්‍රිතව පවතින ගැටලු හඳුනාගැනීම හා නිරාකරණය කිරීම මෙහි අරමුණ වී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත