සමට ආලේප ගැල්වීමේදී සැලකිලිමත් වන්න
- 5opn1
- November 4, 2024
- විනෝදාස්වාදය
- සමට ආලේප
- 0 Comments
සම පැහැපත් කරගැනීමට අපට ක්‍රම දෙකක් තිබේ. ස්වභාවික ක්‍රම භාවිතා කර සහ විවිධ ආලේපන වර්ග භාවිතා කර සම පැහැපත් කරගත හැකිය.
වර්තමානයේ බොහෝදෙනා සම පැහැපත් කරගැනීම සඳහා විවිධ ආලේප වර්ග භාවිතා කරති. එහිදී සමට හානියක් නොවන ආකාරයේ ආලේපන වර්ග භාවිතා කර සම පැහැපත් කරගැනීමේ සිහිනය සැබෑ කරගත යුතුය. එසේ නොවුණහොත් සමට හානි සිදුවේ.
සම පැහැපත් කරගැනීම
සම පැහැපත් කරගැනීමට අපට ක්‍රම දෙකක් තිබේ. ස්වභාවික ක්‍රම භාවිතා කර සහ විවිධ ආලේපන වර්ග භාවිතා කර සම පැහැපත් කරගත හැකිය.
ස්වාභාවික ක්‍රම භාවිතය
අපගේ සම සැකසී ඇත්තේ ස්ථර 07කිනි. එම ස්ථර 07 නිරෝගීව පවත්වාගෙන යෑම සඳහා පෝෂණය අවශ්‍යය. ඒ සඳහා පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම, නිසිලෙස ජලය පානය කිරීම කළ හැකිය. විශේෂයෙන්ම දිනපතා නිසි ලෙස ජලය පානය මගින් සම වියළි තත්ත්වයට පත්වීම වළක්වාගත හැකිය. සම පැහැපත් කර ගැනීමට අත්‍යවශ්‍ය පෝෂණයක් ලෙස ජලය හඳුනාගෙන ඇත. ඉන් සම වියළි තත්ත්වයට පත්වීම වළක්වන බැවින් සමේ ඇති ස්ථර 07හි ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදුවීමට උපකාරි වේ. එවිට අප ගනු ලබන පෝෂ්‍යදායි ආහාර මගින් එම ස්ථර 07 හොඳින් වර්ධනය වේ.
කෘත්‍රිම ක්‍රම භාවිතය
විවිධ ආලේපන වර්ග භාවිතය මගින් සමේ මතුපිට පැහැය ඉතා ඉක්මනින් වර්ධනය කරගත හැකිය. ඒ සඳහා දේශීය ආයුර්වේද ආලේපන සහ බටහිර කෘත්‍රිම ආලේපන වර්ග භාවිත කරනු ලබයි.
වර්තමානයේ ඇතැම් කෘත්‍රිම ආලේපන වර්ග සඳහා රසදිය මිශ්‍රකර ඇත. රසදිය යනු සමට අහිතකර රසායනික ද්‍රව්‍යයක්. එමගින් සමේ ස්ථර 07ටම හානි සිදුකරයි.
මෙවැනි ආලේපන මගින් සිදුකරන්නේ සම පුළුස්සා දැමීමකි. බොහෝවිට මේ සඳහා සමට අහිතකර විවිධ රසායන ද්‍රව්‍ය භාවිත කරයි. මෙවැනි ආලේපන වර්ග Bleaching cream ලෙස හඳුන්වයි.
මින් ඉතා ඉක්මනින් සම සුදු පැහැ ගැන්වේ. නමුත් මෙම ආලේපන වර්ග භාවිතය සිදුකිරීම ආරම්භ කර සති කිහිපයකට පසු සමෙහි කළු සහ තද දුඹුරු පැහැති පැල්ලම් හට ගැනීම, සම මත බිබිලි හට ගැනීම, සම නිතර කැසීමට ලක්වීම, සමේ පැහැපත් බව නැතිවී යෑම සිදුවේ. එනිසා සම පැහැපත් කරගැනීමට පෙර පළමුව තමාගේ සමේ පැහැය නිවැරදිව හඳුනාගත යුතුය. සෑම අයෙකුගේම සම සුදු හෝ දුඹුරු පැහැයක් නැත. ඇතැම් අයගේ සම තළෙළුය. කළු පැහැයට හුරුය. නමුත් ඒ සෑම සමකම පැහැපත් බවක් ඇත. අප කළ යුත්තේ එම පැහැය ඔපවත් කරගැනීම සහ පවත්වාගෙන යෑමය. එසේ නොමැතිව එය හානියට ලක්කර ගැනීම නොවේ. එසේ හානි වූ විට සමේ පිළිකා හටගැනීම, ස්නායු පද්ධතියට හානි සිදුවී ස්නායු දුර්වලතා හටගැනීම ආදී බරපතළ සෞඛ්‍ය ගැටලුවලට මුහුණදීමට සිදුවේ.
වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0762802256 ඇමතිය හැකිය.
සමට ආලේප ගැල්වීමේදී සැලකිලිමත් වන්න
රූපලාවණ්‍ය පිළිබඳ ආයුර්වේද චිකිත්සක
දිල්කි ලියනගේ
සංස්කරණය – උපාලි ද සේරම්