සමස්ත ලෝකයටම යහපත උදාකරන්නා වූ සුභ තෛපොංගල් දිනයක් වේවා – කරු ජයසූරිය
- 5opn1
- January 14, 2025
- පුවත්, ව්‍යාපාරික පුවත්
- karu-jayasuriya
- 0 Comments
ඉපැරණි සංස්කෘතියකට හිමිකම උරුම කරගනිමින් මනුශ්‍යත්වය ඔසවා තබන හර පද්ධතියක ජීවත් වීමට මග පෙන්වනු ලබන හින්දු දහමෙහි උතුම් වූ දිනයක් ලෙස සැලකිය හැකි තෛපොංගල් උත්සවය සමරණ ශ්‍රී ලාංකීය, ඉන්දියානු ජනතාව ප්රමුඛ සමස්ත ලෝකවාසී දෙමළ ජනතාව වෙත අපගේ සහෝදරත්වයේ හස්තය ආදරයෙන් දිගු කරන්නෙමු.
කෘෂිකාර්මික ජීවන ප්රතිපදාවක උරුමය ඇති අප; අපට ජීවය දෙන ආහාර පිළිබඳව ඇත්තේ ඉහළම ගරුත්වයකි. එහිදී ඊට දායක වන සියළුම වස්තූන් කෙරෙහි කෘතවේදිත්වය පළකිරීම තෛපොංගල් දිනයේ සිදුකරන ඉහළම කාර්යය වී තිබේ. එය සංස්කෘතික මිනිසාගේ කෘතෝපහාරයකි. හින්දු දහම මගින් පෙන්වා දෙන ඒ උතුම් මග පෙන්වීම සමස්ත ලෝකවාසීන්ටම ඉතාමත් වැදගත් වන බව අපගේ විශ්වාසයයි.
මුළුමහත් ලෝකයම සෞභාග්‍යමත් වන්නා වූ සහ ඒ තුළ සාමය හා යහ පැවැත්ම ප්‍රාර්ථනය කරන අතර ශ්‍රී ලාංකේය, ඉන්දීය ඇතුළු සමස්ත ලෝකවාසී දෙමළ ජනතාව හා එක්ව එකී සංස්කෘතික මංගල්‍යයට අප හදවතින් එක්වන්නේ ඉමහත් සතුටිනි.
සමස්ත ලෝකවාසී ජනතාවටම මෙම උතුම් දිනය යහපත උදාකරත්වා !
කරු ජයසූරිය
නායක
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.
2025 ජනවාරි 14