සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීමක් සම්බන්ධයෙන්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යන පාඨය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීමක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ, අදාළ දැන්වීමට අනුව රජය විසින් අනුමත කරන ලද අර්ධ කාල වැඩ යනුවෙන් දක්වා ඇති අතරින් දෛනිකව ශ්‍රී ලංකා රුපියල් පනස් පන්දහසක ආදායමක් උපයාගත හැකි බව ද එහි සඳහන්ව ඇත.

ඊට අමතරව මාර්ගගත සම්මුඛ පරීක්ෂණ පවත්වන බවත් දෛනික වැටුප් ගෙවන බවත් එහි දක්වා තිබේ.

එම නිවේදනයට අදාලව මාර්ගගත රැකියා අපේක්ෂකයන්ගේ ජීව දත්ත තොරතුරු ඇතුළත් කරන ලෙසද සඳහන්ව ඇත.

කම්කරු අමාත්‍යාංශයේ යන පාඨය භාවිත කරමින් සහ රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම දැන්වීම සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍ය බවත් එවැනි දැන්වීමක් කම්කරු අමාත්‍යංශය විසින් පළ කර නොමැති බවත් අවධාරණය කරමි.

මෙවැනි අසත්‍ය සහ සාවද්‍ය දැන්වීම් පළකිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු යොදා ඇත.

එම ව්‍යාජ සහ අසත්‍ය දැන්වීමට අදාළව ඔබේ පුද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස කම්කරු අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ව්‍යාජ දැන්වීම

Leave A Comment