
සමෘද්ධිලාභී තරැණ තරැණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණුව
- Sujeewa Senerath
- September 8, 2025
- පුවත්, සංචාරක සහ චාරිකා
- Tourism-sri-lanka
- 0 Comments
සංචාරක කේෂ්ත්‍රයන්හි රැකියා ඉලක්ක කර ක්‍රියාත්මක සත්කාරයේ ශ්‍රමසේනා ජාතික වැඩ සටහන පසුගියදා ආරම්භ කරන ලදී. ශ්‍රී ලාංකික සත්කාර සහ හෝටල් කේෂ්ත්‍රයේ බහුවිධ කුසලතා සහිත ශ්‍රම නියමුවන් 20000ක් නිර්මාණය කිරීම මෙම වැඩ සටහනේ අරමුණයි.
තෝරාගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අනුමත කරන ලද වරලත් ආයතන ජාලයක් මඟින් මෙම වැඩ සටහන දිවයින පුරා ක්‍රියාත්මක වේ. මෙම පුහුණුව අවසානයේ දී NVQ 3 මට්ටමට අදාල සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේ දී මෙහි සමාරම්භක උළෙල විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
සත්කාරයේ ශ්‍රමසේනා ජාතික වැඩ සටහන ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වැඩ සටහනකි. ඊට අදාල අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්ත මන්ත්‍රීපාල හා සමෘද්ධී සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චම්පික කලුආරච්චි යන මහත්වරුන් විසින් සිදුකරන ලදී.
සමෘද්ධී සංවර්ධන දෙපාර්තමේන්තුවේ මේ වසරේ ඉලක්කය අස්වැසුම හා සමෘද්ධි ප්‍රතිලාභ ලැබු අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ හතරක් සවිබලගැන්වීමයි. ඒ වෙනුවෙන් එම පවුල්හි තරුණ තරුණියන් සංචාරක කේෂ්ත්‍රයේ මෙම රැකියා ඉලක්ක කරගත් පුහුණු වැඩ සටහනට යොමුකර ඇත. මීට අමතරව 2030 වනවිට සංචාරකයන් මිලියන 05ක් අපේක්ෂාවෙන් සංචාරක ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනය කිරීම ද මෙහි ඉලක්ක කර ඇත.
මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ධීර හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ද තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත වරලත් ආයතන නියෝජිතයින් ද,පාඨමාලාව හැදෑරීම සඳහා තෝරාගත් ගමිපහ සහ කොළඹ දෙදිසාවේ තරුණ තරුණියන් රැසක් ද එක්ව සිටියහ.