**සහල් ආනයනය කල් යයි.

** පෞද්ගලික වෙලදුන් කිසිවෙක් ටෙන්ඩර් දාලා නැහැ .

** බහාලුම් සොයා ගන්නත්
අමාරුයි .

** පොද්ගලික අංශයටත්
සහල් ගන්වීමට අවසර?

** අමාත්‍ය මංඩල තීරණය ලබන සතියේ .

ජාතික ජන බලවේගය ආන්ඩුවේ අමාත්‍ය මංඩලය විසින් සහල් ආනයනය සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය මේ වනවිට ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් ඉස්මතු වී අතර අද ආනයනයකරුවන් සමග පවත්වන ලද හමුවකින් පසුව ක්‍රමවේදය වෙනස් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකග වූ බව අප වෙත වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් කලම්බු නිව්ස් ලයින් විසින් කරන ලද
වාර්තාමය ඉදිරිපත් කිරීමයි මේ !!!

ඩඩ්ලිගේ සහල්ද ?
ස්වර්ණ ශ්‍රි සහල්ද ?

මේ වන විට වෙළඳපලේ නාඩු, රතු කැකුළු සහ සුදු කැකුළු සහල්වල දැඩි හිඟයක් නිර්මාණය වෙමින් පවතිනවා. සති ගණනාවක් පැවති අධික වර්ෂාව මේ තත්ත්වය තවත් බරපතල කළ අතර දැන් සුපිරි වෙළඳපලවල් වලින් පවා එක් පාරිභෝගිකයකුට අලෙවි කරන්නේ සහල් කිලෝ තුනක් හෝ පහක ප්‍රමාණයක්.

සතොස සහ සමූපාකාරවල සහල් තොග පිළිබඳව වෙළඳපළට කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ.

ජාතික ජන බලවේග ආණ්ඩුව රටතුල ගබඩා කර තිබූ සහල් තොග ගණනය කිරීමෙන් අනතුරුව පසුගිය මාසයේ 20 දින සහල් මෙට්‍රික් ටොන් 70.000ක් ආනයනයට ගත් තීරණය ඉතාමත් නිවැරදි තීරනයක් !

මේ සම්බන්ධ වෙළඳ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී කරන ලද ප්‍රකාශයන් කිහිපයක් මෙහිදී විමසා බලන්න වටිනවා.
උපුටා ගනීම.

අර්බුදය සමනය කිරීම සඳහා රජය විසින් සතොස සහ රාජ්‍ය වෙළඳ සංස්ථාව (STC) යන රාජ්‍ය ආයතන දෙකක් හරහා සහල් ආනයනය සඳහා පහසුකම් සැලසීමට තීරණය කර ඇත. මෙම ආයතන දෙකම ක්‍රියාත්මක වන්නේ මෙට්‍රික් ටොන් 70,000 ක සීමාවක් තුළ වන අතර ආනයනය දෙසැම්බර් 15 ට පෙර ආරම්භ කිරීමට නියමිතය.

ආනයනය කරන සහල් තොග දෙසැම්බර් 15 වනදා වන සිට රුපියල් 220 කට අලෙවි කරන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

රාජ්‍ය වානීජ නීතිගත සංස්තාව සහ සතොස මගින් බෙදාහැරීම් කරන සහල් ආනයනය බහුවිධ ආනයනකරුවන් හරහා සිදු කරනු ලබන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

2023/24 වී නිෂ්පාදනයෙන් අතිරික්තයක් තිබියදී කෘත්‍රිම හිඟයක් ඇති කිරීමට සහ මිල ඉහළ දැමීමට සහල් ගබඩා කරන මෝල් හිමියන්ට චෝදනා කල ඔහු නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම, වෙළඳපල හැසිරවීම වැළැක්වීම, වර්තමාන දත්ත කට්ටල 20 තුළ නොගැලපීම් නොකිරීම සඳහා නව දත්ත පද්ධතියක් සංවර්ධනය වෙමින් පවතින බවත්න්පවසනවා.

සමරසිංහ මතාගේ ප්‍රකාශය ඉතාමත් විශිස්ට බව මෙහිදී කිව යුතුය.

සමරසිංහ මැතිතුමනි,

එහෙත් වෙළඳපළේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන සහල් සහ වෙනත් ආහාර ද්‍රව්‍ය ආනයනය කරනවා නම් ඒ සඳහා රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයටත් සම අවස්ථාවක් දිය යුතු බව ඔබ වටහා ගත යුතුය .

පුද්ගලික අංශය රාජ්‍ය අංශයට වඩා කාරයක්ෂම වන බැවින් ඔවුන් කෙටි කලක් තුළ සහල් තොග ආනයනය කර වෙළඳපළට සැපයීම තුළ සහල් හිඟය අවම කර ගත හැකි වෙයි.

ඒ හා සමගම තරගකාරීත්වය නිසා වෙළඳපළ මිලද තරගකාරී මට්ටමකට පත්වනවා.

වසන්ත සමරසිංහ මහතා සමූපකාර තොග වෙළද සංස්ථාව සහ සතොස මඟින් සහල් ආනයනය කරන බව සඳහන් කළත් තවත් මාධ්‍යක් සඳහන් කරන්නේ පිටකොටුවේ තොග වෙළඳුන් 15 දෙනෙකු මාර්ගයෙන් සහල් ආනයනය කර අදාළ ආයතන දෙකට සැපයිය යුතු බවයි.
සමූපකාර මාර්ගයෙන් රාජ්‍ය අංශයට භාණ්ඩ බෙදා හැරීම කල හැකි වුවත් තරගකාරී ජාත්‍යන්තර වෙළඳපළෙන් අඩු මිලට සහල් ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ක්‍රමය අසාර්තක බව පසුගිය වසර 45 ක කාලයක් තුල ඔප්පු කර තිබියදීත් තව දුරටත් අකාර්‍යක්ශම රාජ්‍ය අංශය කෙරෙහි විශ්වාසය තබන්න එපා.

වර්තමානයේ පවතින තත්ත්වය අනුව නම් සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනය කිරීම ප්‍රමාණවත්
වේදැයි සැකයක් ඇතිවනවා. මහ කන්නයේ අස්වැන්න එනතුරු වෙළඳපලට අවශ්‍ය සහල් ප්‍රමාණය ගණනය කර නිසි වැඩ පිළිවෙලක් යොදන්න.
එසේ නොවේනම් අපහට කිව හැක්කේ ජනතාවට අබ සරණයි යන්න පමනි

CNL executives.

Leave A Comment