සහල් උපරිම මිල රුපියල් 10කින් ඉහළ යයි !

මසක පමණ කාලයක් තිස්සේ පැවති වී මෝල් හිමියන්ගේ සහ රජයේ සහල් පිළිබඳ මිල ( Price war) යුද්ධයේ තවත් එක් ජවනිකාවක් ඊයේ අවසන් වී ඇත.

සහල් සඳහා මෙතෙක් තොග මිලක් නොතිබූ අතර ජනාධිපති සහ වී මෝල් හිමියන් අතර පැවති සාකච්ඡා අනුව අද සිට සහල් කිලෝ එකක තොග මිල රුපියල් 225/= ක් වන අතර සිල්ලරට අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 230/=කි.

රජය දිගින් දිගටම සහල් මෝල් හිමියන්ට ඇඟිල්ල දික් කරන ලද අතර සහල් මෝල් හිමියන් කියා සිටියේ තමන්ට හැකි පමණ, තමන් සන්තකයේ ඇති වී තොග සහ ධාරිතාවය අනුව සහල් වෙළඳපලට නිකුත් කරන බවයි.

කෙසේ වුවද අපි colombo new Line පෙන්වා දුන් පරිදි, රජය සහල් සම්බන්ධ ගන්නා ලද තීරණ බොහොමයක් තර්කානුකූල නොවූ අතර විශේෂයෙන්ම වෙළද ඇමතිවරයාගේ තීරණ සහල් ප්‍රශ්නය නිරාකරණය කිරීමට කිසිදු ධනාත්ම දායකත්වයක් නොවීය.
නොවැම්බර් 10-15 වන විට පාලන මිලක් තිබියදී පවා සහල් මිල ඉහළ යාමක් සිදු වූ අතර ඒ සමගම වෙලදපලට සහල් සැපයීමද මන්දගාමී විය.

* අවසානයේදී රජය ස්වර්ණ ශ්‍රී නාඩු සහල් ටොන් 70.000ක් පෞද්ගලික අංශය මගින් ආනයනය කර නව සතොස සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා මාර්ගයෙන් රුපියල් 220/= බැගින් අලෙවි කිරීමට කටයුතු කළේය.
ඒ සඳහා පෞද්ගලික අංශයන් ටෙන්ඩර් කැඳවූ අතර දැනගන්නට ඇති පරිදි ටෙන්ඩර් මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පමණි.

එම තීරණයම කාලෝචිත නොවන වර්තමාන වෙළඳ ක්‍රියා පටිපාටියට සමගාමී නොවන වැරැදි තීන්දුවකි.

ඉන් සති දෙකකට පසු නැවත පිටකොටුව ව්‍යාපාරිකයන් හමුවූ ජනාධිපතිතුමා සහ අමාත්‍යවරයා එම සහල් ටොන් 70.000ම පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට ආනයනය කරන ලෙස ඉල්ලා සිටි අතර බලපත්‍ර ක්‍රමය අහෝසි කර දෙසැම්බර් 20ට පෙර ආනයනය අවසන් කළ යුතු බව දන්වා සිටියේය.

මදුරාසියෙන් හෝ ඉන්දියාවේ ශ්‍රී ලංකාවට කිට්ටුම වරායකින් හෝ මෙතරම් විශාල සහල් තොගයක් දින පහළොවක් ඇතුලත ආනයනය කිරීමට නොහැකි බව කිසිවෙක් ජනාධිපතිවරයාට උපදෙස් දී නොමැත.

දෙවන වතාවටත් මෙහිදී රජය තාර්කික නොවන වෙළඳ තීරණයකට ගොස් ඇත.

අප පෙන්වා දුන්නේ අවම වශයෙන් ටොන් 70.000ක් ආනයනය කිරීමට ජනවාරි 10-15 දක්වා කල් ලබාදිය යුතු බවයි.

තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපතිතුමා සහ ඇමතිතුමා ඊයේ සහල් මෝල් හිමියන් සමඟ සාකච්ඡා කර තොග සහ සිල්ලර මිල රුපියල් දහයකින් වැඩි කිරීමට එකගා වී ඇත.

එසේ වැඩි කරන අවස්ථාවේදීවත් පැමිණ සිටි මෝල් හිමියන්ගෙන් කොපමණ සහල් ප්‍රමාණයක් එම වැඩි කරන මිල ගණන් යටතේ සැපයිය හැකිද?
කොපමණ කාලයක් සඳහාද යන්න පොරොන්දුවක් ලබා නොගැනීම බරපතල අතපසුවීමක් වශයෙන් පෙන්වා දිය හැකිය.
මේ සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කල වෙලද සංගමයේ ප්‍රකාශකයකු සදහන් කලේ ජනතාවාදී රජයක් මෝල්වාදී වූයේ කෙසේද යන්නයි.
අවසාන වශයෙන් සදහන් කල යුත්තේ මෙම මිල තීරණය කිරීමට වර්තමාන තීරණාත්මක අවස්ථාවේදී පිලිගත්තත් ඉදිරි කන්නයේ
වී මිල පාදක කරගත් මිල සූත්‍රයක් මගින් පාරාදර්ශ ආකාරයට සිදුවිය යුතු බවයි.

 

CNL

Leave A Comment