ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට පාර්ලිමේන්තුව තැඹිලි පැහැ ගැන්වෙයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව (GBV) දින දහසයක ගෝලීය ක්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී (6දා) කථානායක ආචාර්ය අශෝක රන්වල මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහනට සහයෝගය දැක්වීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරිනියන් තැඹිලි වර්ණයෙන් සැරසී සිටි අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ද එක්වූහ. මෙහිදී තැඹිලි පැහැති පළඳනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැළැඳවීම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අම්බිගා සැමුවෙල් මන්ත්‍රීවරිය විසින් සිදුකරන ලදී.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Leave A Comment