
ස්ලිට් ආයතනය පිළිබඳ කතා නොකරන කතාව | හිටපු කෝප් සභාපති චරිතගෙන් හෙලිදරව්වක්
- CNL Reporter
- July 17, 2025
- අධ්‍යාපන, පුවත්
- ස්ලිට් ආයතනය
- 0 Comments
මේ දිනවල ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රධානීන් පාර්ලිමේන්තුව තුළ සහ වෙනත් ස්ථානවල ද කතා බහ කරන නමුත්,
එහි දී මෙම ආයතනය රාජ්‍ය ආයතන පද්ධතියෙන් ගැලවී ගොස් පෞද්ගලික කණ්ඩායමක් අතට පත්වීම සම්බන්ධයෙන් කිසිවකු කතා නොකරන්නේ යැයි හිටපු කෝප් කමිටු සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සඳහන් කරයි.
ඔහු මේ බව සදහන් කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තරමක් දීර්ඝ ලිපියක් සම්පාදනය කරමිනි.
මතු පළ වන්නේ හිටපු කෝප් කමිටු සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් විසින් සම්පාදනය කරන ලද ඒම ලියවිල්ලයි.
සංවාදය තුළ වැසී යන කරුණු
මේ දවස්වල ආණ්ඩුවේ සමහර ප්‍රධානීන් ස්ලිට් ආයතනය සම්බන්ධව පාර්ලිමේන්තුවෙත් සමහර වෙනත් තැන්වලත් කතා කරනවා. මේ සම්බන්ධව කරන මේ සමහර කතාවලදී මට පේන විදිහට මේ ආයතනය රජයෙන් ගැලවිලා ගිහිල්ලා පෞද්ගලික කණ්ඩායමක් අතට පත්වීම සම්බන්ධ කතාව හරියටම කියවෙන්නේ නැති ගතියක් තියෙනවා.
ඒ නිසා මම කල්පනා කෙරුවා හිටපු කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් විශේෂයෙන්ම මේ ස්ලිට් ආයතනය සම්බන්ධ ප්රශ්නය මතු කරලා යමක් සඳහන් කරන්න. ඒක ගැන පිටු පන්සියයකට ආසන්න report එකක් කෝප් කමිටුව විදියට අපි publish කරලා තියෙනවා. ඒ සමහර කරුණු මේ සංවාදය ඇතුළෙ වැහෙන්න යනවා වගේ පේන නිසා මම කල්පනා කරා පොඩි විඩියෝ එකක් හරහා මේක ගැන ඇත්ත තත්වය මේ රටේ මේක සම්බන්ධව දැනගන්න කැමති අයට ඉදිරිපත් කරන්න.
මූලික වශයෙන්ම ලංකාවේ දේශපාලන ආර්ථික කලාපයේ මේ වගේ සිදුවීම් වැඩිය සිද්ධ වෙලා නෑ. විශේෂයෙන්ම රාජ්‍යයේ සතු සම්පත් අපි දන්නවා විවිධ විදිහට පෞද්ගලික අංශයේ අය අත්පත් කරගෙන තියෙනවා. හැබැයි මම කියන්නේ මේ ස්ලිට් ආයතනය රජයෙන් එළියට ගමන් කිරීම නැත්නම් රජයෙන් ගලවලා වෙන කට්ටියක් අතට ගිය එක අර Systematic ඔපරේෂන් එකක් එහෙමත් නැතිනම් පටිපාටිගත ක්‍රියාදාමයක් විදිහට තමයි සිදුවෙලා තියෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය SLIIT කියන එක බිහිවීම සහ ඒක මේ වෙනකොට ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන යම්කිසි තේරුම් ගැනීමක් අපිට අවශ්‍යයි.
ස්ලිට් ආයතනයේ ආරම්භය
මේ ස්ලිට් ආයතනය පිහිටවන්නේ 1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල කියන පනත යටතට මූලික වශයෙන් අරගෙන. මේ පනතේ තියෙන තුන එක වගන්තිය අනුව අරමුදලේ පරමාර්ථ ඉටු කරන්න හිතකර අනුශාංගික වෙනත් කටයුතු කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒ නිසා ඒ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල් පනතේ තුන එක අනු වගන්තිය යටතේ ඒ අය තීරණයක් ගන්නවා.
විශේෂයෙන්ම 1998 මාර්තු මාසේ 27 වැනිදා විශේෂ රැස්වීමකදී ඒ ආණ්ඩුව ශ්‍රී ලංකාවට තාක්ෂණය සන්නිවේදනය හා සම්බන්ධ අලුත් ආයතනයක් හදන්න ඕනැයි කියලා. ඒක 1998 මාර්තු මාසෙ ගත්ත ඒ තීරණය 1998 අප්‍රේල් මාසේ පළවෙනිදා කැබිනට් පත්‍රිකාවක් විදිහට ඒ කාලෙ හිටපු වෙළඳ ඇමතිවරයා ලෙස කටයුතු කරපු කිංස්ලි ටී වික්‍රමරත්න මැතිතුමා කැබිනට් පත්‍රිකාවක් විදිහට ඉදිරිපත් කරනවා. 98/99 5/11/052 කියන කැබිනට් පේපර් එකෙන් තමයි මේක මේ සම්පූර්ණ ක්‍රියාදාමය ආරම්භ වෙන්නේ.
මේ කැබිනට් පත්‍රිකාවට 1998 ජූලි මාසෙ 24 වෙනිදා අනුමැතිය හම්බවෙනවා. ඒ අනුමැතියෙන් කියන්නේ මේ ඇමතිවරයා විසින් ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව ප්‍රකාරව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කියන මේ ආයතනය පිහිටවන්න අවසරය ලබා දෙනවා. ඒ වගේම මහපොළ භාරකාර අරමුදලට අයත් මාලබේ තියෙන අක්කර 25ක ඉඩම මේ සඳහා යොදාගන්නත් මහපොළ භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 500ක් සීට් කැපිටල් එකක් විදිහට මේකට ලබා දෙන්නත්, ඊටත් අමතරව අර ලංකාවේ ආණ්ඩුවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා මේකට ජාත්‍යන්තර සම්බන්ධතාවයක් හදාගන්න බලන්නත්, මේ ව්‍යාපෘතිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ වෙළද අමාත්‍යාංශය කියන අමාත්‍යංශ දෙක යටතේම ක්‍රියාත්මක කරන්නත් මේ කැබිනට් තීරණයේදී එකඟ වෙනවා.
විශේෂයෙන්ම මේකේ පාලක මණ්ඩලය විදිහට මොරටුව විශ්ව විද්‍යාලෙත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ වගේම වෙළඳ අමාත්‍යාංශයත් මහපොළ භාරකාර අරමුදලත් කියන ආයතනවලින් සමන්විත පාලක මණ්ඩලයකින් මේ ආයතනය පාලනය කරන්න තීරණය කරනවා.
සීමිත ලිමිටඩ් ලයබිලිටි ආයතනයක් ලෙස
ඊළඟට 1999 ජනවාරි මාසේ 28 වෙනිදා ඉතාම වැදගත් රැස්වීමක් මේක සම්බන්ධව තියෙනවා. මං ඔබට කිව්වා 1998 ජූලි මාස 24 වෙන වෙනිදා තමයි මේ කැබිනට් තීරණය ආවේ. ඊට පස්සේ 1999 ජනවාරි මාසෙ 28 වෙනිදා වෙළඳ අමාත්‍යාංශ ලේකම්තුමාගේ මූලිකත්වයෙන් ගත්ත රැස්වීම ස්ලිට් එක සම්බන්ධ වැදගත්ම තීරණ ගත්ත රැස්වීම් බවට පත්වෙලා තියෙනවා.
විශේෂයෙන්ම 1998 මාර්තු මාසේ 27 වැනිදා විශේෂ රැස්වීමකදී ඒ ආණ්ඩුව ශ්‍රී ලංකාවට තාක්ෂණය සන්නිවේදනය හා සම්බන්ධ අලුත් ආයතනයක් හදන්න ඕනැයි කියලා. ඒක 1998 මාර්තු මාසෙ ගත්ත ඒ තීරණය 1998 අප්‍රේල් මාසේ පළවෙනිදා කැබිනට් පත්‍රිකාවක් විදිහට ඒ කාලෙ හිටපු වෙළඳ ඇමතිවරයා ලෙස කටයුතු කරපු කිංස්ලි ටී වික්‍රමරත්න මැතිතුමා කැබිනට් පත්‍රිකාවක් විදිහට ඉදිරිපත් කරනවා. 98/99 5/11/052 කියන කැබිනට් පේපර් එකෙන් තමයි මේක මේ සම්පූර්ණ ක්‍රියාදාමය ආරම්භ වෙන්නේ.
මේ කැබිනට් පත්‍රිකාවට 1998 ජූලි මාසෙ 24 වෙනිදා අනුමැතිය හම්බවෙනවා. ඒ අනුමැතියෙන් කියන්නේ මේ ඇමතිවරයා විසින් ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව ප්‍රකාරව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කියන මේ ආයතනය පිහිටවන්න අවසරය ලබා දෙනවා. ඒ වගේම මහපොළ භාරකාර අරමුදලට අයත් මාලබේ තියෙන අක්කර 25ක ඉඩම මේ සඳහා යොදාගන්නත් මහපොළ භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 500ක් සීට් කැපිටල් එකක් විදිහට මේකට ලබා දෙන්නත්, ඊටත් අමතරව අර ලංකාවේ ආණ්ඩුවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා මේකට ජාත්‍යන්තර සම්බන්ධතාවයක් හදාගන්න බලන්නත්, මේ ව්‍යාපෘතිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ වෙළද අමාත්‍යාංශය කියන අමාත්‍යංශ දෙක යටතේම ක්‍රියාත්මක කරන්නත් මේ කැබිනට් තීරණයේදී එකඟ වෙනවා.
විශේෂයෙන්ම මේකේ පාලක මණ්ඩලය විදිහට මොරටුව විශ්ව විද්‍යාලෙත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ වගේම වෙළඳ අමාත්‍යාංශයත් මහපොළ භාරකාර අරමුදලත් කියන ආයතනවලින් සමන්විත පාලක මණ්ඩලයකින් මේ ආයතනය පාලනය කරන්න තීරණය කරනවා.
දැන් ඇත්තටම මෙතන අපේ අවධානයට ගන්න ඕන මේ කම්පැනියක දාන්නේ මේක මොරටුව විශ්වවිද්‍යාලයට බාර දෙන පරිදි නීතිගත කරන ආයතනයක් කරන තාක් කල් පමණයි කියලා. හැබැයි අන්තිමට සිද්ධ වෙන්නේ මේ ආයතනය මෙතන ඉඳලා මේ 2015 වෙනකොට අවුරුදු දාසයක් කාලය ඇතුළෙ විශාල වර්ධනයකුත් ලබාගන්නවා. අපි ඒකත් පිළිගන්න ඕනේ; ආයතනය කරපු බොහෝ අය ඒ වර්ධනයට උදව් කරලා තියෙනවා.
හැබැයි 2015 වෙනකොට අපිට පේනවා ක්‍රමානුකූලව අර පත්කරපු අන්තර් පාලක මණ්ඩලය දැන් ආයෙත් අමතක කරන්න හොඳනෑ ඒ පාලක මණ්ඩලය දැම්මේ මේක නිත්‍යානුකූලව පනතක් මගින් ආයතනයක් බවට පත් කරලා මොරටු විශ්ව විද්‍යාලයට භාර දෙනකන්. නමුත් ඒ පාලක මණ්ඩලය ඒ අවුරුදු දාසයක කාලය ඇතුළෙ මම මේ කියන්නේ 2015 වෙනකන් ඊට පස්සේ තවත් අවුරුදු ගානක් ගිහිල්ලා. ඒ අවුරුදු දාසයක කාලය ඇතුළෙ ක්‍රමානුකූලව මේ ආයතනය තුළ තියෙන රාජ්‍යමය මැදිහත්වීම අඩු කරන්න, අයින් කරන්ඩ වැඩ කරලා තියෙනවා.
විශේෂයෙන්ම මුලදිම මේකේ අර පාලක මණ්ඩලයේ හිටපු මහපොළ භාරකාර මණ්ඩලයෙන් දාන ප්‍රමාණය අඩු කරන්න. වෙළද අමාත්‍යංශයෙන් දාන ප්‍රමාණය අඩු කරන්න. ඒකයි මම කිව්වේ මේක systematic operation එකකින්, ක්රමික පටිපාටිගත ක්‍රමවේදයකින් ක්‍රමානුකූලව මේකේ හිටපු රාජ්‍ය භාරය අයින් කරන්න ආරම්භ කරලා තියෙනවා.
බරපතළ තත්ත්වයේ ආරම්භය
v2002 මාර්තු මාසේ 13 වෙනිදා මේ ආයතනයයි ඒ කියන්නේ මේ ස්ලිට් ආයතනයයි මහපොළ භාරකාර මණ්ඩලය අතර පළවෙනි ගිවිසුමක් එනවා. ඒ ගිවිසුමේ ක්‍රමානුකූලව එක පැත්තකින් මහපොළ භාරකාර මණ්ඩලයටත් දැනෙනවා මේකේ තමන්ගේ බලය ක්‍රමානුකූලව මේකෙන් සිදෙමින් යනවයි කියලා. ඒ නිසා මේ දෙක අතර පළවෙනි ගිවිසුම ඇති වෙනවා. මේ ආයතනය රාජ්‍යයේ භාරයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවය මුල ඉඳලම පෙන්නුම් කරා කියලා මම කිව්වා. විශේෂයෙන්ම 2003 පෙබරවාරි මාසේ පස්වෙනිදා මේ ආයතනය සහ මහපොළ භාරකාර මණ්ඩලය අතරේ ගිවිසුමක් ගහනවා පළවෙනි ගිවිසුම කියලා. අපි මේකට කියන්නේ මේ ගිවිසුමේ කියන්නේ මේ භාරකාර මණ්ඩලයේ බලයට යටත්ව තමයි මේ ආයතන යන්නේ. ඒ නිසා ඒ ආයතනයේ ක්‍රියාදාමය රාජ්‍යයට බැදී තියෙනවා කියන එක පෙන්නුම් කරන්න තමයි මේ පළවෙනි ගිවිසුම මගින් බලාපොරොත්තු වෙන්නේ.
මේක ඇත්තටම මහපොළ භාරකාර මණ්ඩලය පැත්තෙන් ආපු ගිවිසුමක් කියලා ඕන නම් කියන්න පුළුවන්. හැබැයි අපිට පේනවා පේනවා 2005 නොවැම්බර් මාසේ 14 වෙනිදා තව ගිවිසුමක් ගහනවා. මේ දෙවෙනි ගිවිසුමෙන් මූලික වශයෙන්ම වෙන්නේ අර රජයට තිබිච්ච බලය යම්කිසි දුරකට අඩුවීමක් ඒහෙමත් නැති නම් අඩු කර ගැනීමක් තමයි ඒකෙන් පෙන්නුම් කරන්නේ. හැබැයි මේක මෙහෙම ගිහිල්ලා 2015 මැයි මාසේ 12 වැනිදා තුන්වෙනි හතරවෙනි ගිවිසුම් කියලා තව ගිවිසුම් දෙකක් මේ ආයතනය සම්බන්ධව ඇති වෙනවා. මෙතන තමයි මේ ප්‍රශ්නේ බරපතළට එන්නේ.
බරපතළ ගිවිසුම් දෙකක් සහ කැබිනට් පත්‍රිකාවක්
2015 මැයි මාසේ 12 වැනිදා වෙනකොට මහපොළ භාරකාර මණ්ඩලයේ නායකත්වය වෙනස් වෙනවා. ඒ මහපොළ භාරකාර මණ්ඩලයේ නායකත්වය වෙනස් වෙලා විශේෂයෙන්ම 2015 මාර්තු මාසේ 19 වෙනිදා මහපොළ භාරකාර මණ්ඩලයේ බලය අර හිටපු වික්‍රම වීරසූරිය මැතිතුමාට ලබා දෙනවා නිත්‍යානුකූලව. එතන ඉඳලා අපිට පේනවා මේ ආයතනය ක්‍රමානුකූලව රජයෙන් එළියට ගිහිල්ලා ස්ලිට් ආයතනය අර අන්තර්වාර අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉතුරු වෙච්ච හතර දෙනාට ක්‍රමානුකූලව මේක බාර දෙන ගතියකට යනවා. මේක තමයි මේ කවුරුත් පෙන්නුම් කරන බරපතළ ම ගිවිසුම් දෙක. මේක 2015 මැයි මාසේ 12 වෙනිදා තමයි මූලික වශයෙන්ම අත්සන් කරලා තියෙන්නේ, මේ ගිවිසුමෙන් තීරණය කරනවා අර මහපොළ භාරකාර මණ්ඩලයෙන් මුලදී වැය කරපු මුදල විදිහට මිලියන 408ක මුදලක් තීරණය කරලා ඒක ආපහු අර ස්ලිට් එකේ එකවුන්ට් එකෙන්ම ආපහු දෙන්න.
ඊළඟට තව බරපතළ වැඩක් කරනවා. ඒ තමයි මාලබේ තියෙන අක්කර 25ක ඉඩම, 2015 මැයි මාසේ 15 වෙනිදා ඉඳලා 2075 මැයි මාසෙ 14 වැනිදා වෙනකන් අවුරුදු 60කට ස්ලිට් ආයතනයට වාර්ෂිකව මිලියන 20ක බදු මුදලක් ගෙවන පරිදි ලබාදෙනවා. ඉතින් ඒ අනුව ක්‍රමානුකූලව මේ ආයතනයේ අයිතිය රජයෙන් එළියට යන පරිදි ඒ වෙලාවේ මහපොළ භාරකාර මණ්ඩලයත් ඒ වගේම ස්ලිට් ආයතනයේ කණ්ඩායමත් වැඩ කරගෙන යනවා.
මෙතන දි ඉතා තීරණාත්මක තැනකට මේ ප්රශ්නය එනවා. විශේෂයෙන්ම 2017 මැයි මාසෙ හතරවෙනිදා එවකට හිටපු ජනාධිපතිවරයා කැබිනට් පේපර් එකක් දාලා කෙළින් ම මේකෙන්ම කියනවා මේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය තවදුරටත් රජයේ නොවන, පහත සඳහන් යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කරමි. මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රාජ්‍ය අංශයට අයත් නොවන ස්වාධීන සහ ස්වෛරී ආයතනයක් වශයෙන් පිළිගැනීම මේ ආයතනයේ කිසිම අමාත්‍යාංශයක් යටතට නොගැනෙන ලෙස අමාත්‍යංශ විෂයෙන් ඉවත් කිරීම කියලා කැබිනට් පේපර් එකක් දානවා. මේ කැබිනට් පේපර් එක අනුමත වෙනවා.
රාජ්‍ය ආයතන පද්ධතියෙන් පිටතට
ඊළඟට 2017 ජූනි මාසේ 28 වැනිදා විශේෂ ගැසට් නිවේදනයකින් මේක රජයෙන් සම්පූර්ණම එළියට ඈත් කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මම කියන්නේ මේක සම්බන්ධව සොයා බැලීම ඉතාම අවශ්‍යයි, ඉතාම වැදගත්. මේ වර්තමාන රජය මේ ගැන උනන්දු වෙනවා නම් අපි ඉන්න කාලෙ අපි කෝප් කමිටුව විදිහට මේක සම්බන්ධව බරපතළ නියෝග කීපයක් වෙළද අමාත්‍යාංශ ලේකම්වරයාට දුන්නා. අපි දන්නවා ඔහු ඒ අනුව කැබිනට් මණ්ඩයට පත්‍රිකාවක් දැම්මා මේක සම්බන්ධව තීරණයක් ගන්න. හැබැයි ඒ පත්‍රිකාව එතනින් එහාට කැබිනට් මණ්ඩලයේ කවුරුවත් කතා කළේ නෑ.
ඒ වගේම මේ ප්රශ්නය නිරාකරණය කරන්න උසස් අධ්‍යාපන ඇමති විදිහට විජයදාස රාජපක්ෂ මැතිතුමත් කැබිනට් පේපර් එකක් දාලා තියෙනවා. ඒ වගේම වෙළඳ සහ උසස් අධ්‍යාපන ඇමති විදිහට බන්දුල ගුණවර්ධන ඇමතිතුමත් මේක සම්බන්ධව විශේෂ කැබිනට් පේපර් එකක් දාලා තියෙනවා. ඒ එකකටවත් ධනාත්මක ප්‍රතිඵල ලැබිලා නෑ. මේ ඇත්තට ම මේ ස්ලිට් ආයතනය සම්බන්ධ සාකච්ඡාව කොහෙන් ආවත් මේක ආපහු අර කීප දෙනාට ඒ් කියන්නෙ දැන් අයිති කරගෙන ඉන්න කීප දෙනාට ගැළපෙන පරිදි තමයි විසඳෙන්නේ ඒගොල්ලෝ සල්ලි වියදම් කරලා, විවිධ විදිහට මේක තමන්ගේ අතටම ගන්නවා.
ආයතනය අත්පත් කර ගත්තෝ කවරහු ද…?
මම දැක්කා මේ වර්තමාන රජයේ වෙළඳ ඇමතිතුමා මේ ගැන කතා කරනවා. හැබැයි එතුමාගේ කතාව එතුමාගේ සමහර සමහර හිතවතුන් ප්‍රචාරය කරනකොට මේ අපේ පරණ දත්ත මකලා ප්‍රචාරය කරන්නේ. ඒකට හේතුව මේ අපිත් මේකට සම්බන්ධ වෙලා මේක හොයන්න බැලූ නිසා. එහෙම නැත්නම් වෙන කවුරුවත් මේක ගැන හෙව්වේ නෑ කියලා කියන්න වෙන්න ඇති. ඒ වැඩෙන් වෙන්නෙ මේකට ඉතාම වැදගත් දත්ත නැති වෙලා යනවා.
ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුව ඒක කරනවා නම් ඉතා හොඳයි. හැබැයි මේක හරිම කල්පනාවෙන් කරන්න ඕන. රාජ්‍ය නායකයන්ගේ ඉඳලා මැති ඇමතිවරු දක්වා විශාල වශයෙන් මේ ආයතනය විසින් නෙට්වර්ක් එකක් දාලා තියෙන්නේ. මේක එක්කෝ පාර්ලිමේන්තුවෙන් වට්ටනවා. කැබිනට් එකට ගියොත් කැබිනට් එකෙන් වට්ටනවා. ජනාධිපති කාර්යාලයට ගියොත් එතනින් වට්ටනවා. ගැසට් එකක් ගහන්න ගියොත් එතනින් වට්ටනවා. මේක කොහෙන් හරි හිර කරනවා. ඒ නිසා මේ රටේ ජනතාවට මං ආරාධනා කරනවා.
මේ ආයතනය අත්පත් කරගත්ත කණ්ඩායමේ හතර පස්දෙන අයගෙ නම් කියන්න මම යන්නේ නැහැ. ඒ හතර පස් දෙනාගෙන් තුන්දෙනෙක්ම අර මොරටුව විශ්වවිද්‍යාලයෙන් තාවකාලික දැම්මේ මොරටුව විශ්වවිද්‍යාලට මේක දෙන්න නීතියක් හදනකන් ඒගොල්ලෝ මේ ආයතනයේ ඉන්න ඕන කියලා. මොකද අන්තිමට වුණේ, ඒගොල්ලෝ මොරටුව විශ්වවිද්‍යාලයෙන් අස්වෙලා හිටපු උපකුලපති පීඨාධිපති කම්පියුටර් ඩිපාට්මන්ට් එකේ ද කොහෙද ප්‍රධානියා කියන කට්ටිය ඒකෙන් අයින් වෙලා මේ ආයතනය සම්පූර්ණයෙන් ම අත්පත් කරගෙන අල්ලගෙන තියාගෙන ඉන්නවා. ඒ නිසා රාජ්‍ය සම්පත් කළමනාකරණය කිරීම පැත්තෙන් ලෝක ඉතිහාසය තියෙන ඉතාමත්ම නරකම ආදර්ශය තමයි මේ ස්ලිට් ආයතනය සම්බන්ධව තියෙන්නේ.
ආයතනය යළි නොවැටෙන්නට නම්
ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ ආයතනය ගැන, මම දන්නේ නැහැ මේ ආයතනය නැවත රජයට අරගෙන UGC එක යටතේ තියෙන එක බුද්ධිමත් ක්‍රියාවක් ද කියල. මම හිතන්නේ නැවත මේ ඉන්න කණ්ඩායම එක්කත් කතා කරලා යම්කිසි ආකාරයක ට්‍රස්ට් එකක් විදියට ඔය බාරකාර මණ්ඩලයක් ඇතුළෙ රජයට යම් බලයක් තියෙන පරිදි ප්රතිසංස්තාපනය කරන එක තමයි කරන්න ඕනේ. එහෙම නැතුව මේක කෙළින්ම අරගෙන තව කොහාට හරි දැම්මොතින් ආයතනය වැටෙයි. නමුත් මේ ආයතනය අත්පත් කරගෙන ඉන්න කට්ටිය මේක අත්පත් කරගෙන තියෙන්නෙ ම ඉතාමත්ම, ඇත්තටම නීතියට පක්ෂව සමහර ඒවා කරලා තියෙන්නේ.
නමුත් දේශපාලන සදාචාරයට සම්පූර්ණව පටහැනි විදිහට, ඒ කියන්නේ ස්ලිට් එකට කැමති කෙනෙක්ව මහපොළ භාරකාර මණ්ඩලයේ ප්‍රධානියා කරලා ඒ දෙක තමන්ම කළමනාකරණය කරලා දෙපැත්තට ලියුම් ඇරලා දෙපැත්තටම අත්සන් කරල දෙපැත්තෙ ඇග්රිමන්ට් ගහලා ආයතනය එළියට අරගෙන ඒ ආයතනය ආයේ ආණ්ඩුවට අයිති නෑ කියලා හිටපු ජනාධිපතිවරයාට, ඒ කියන්නේ 2015-2019 හිටපු ජනාධිපතිවරයාගේ නමින් කැබිනට් පේපර් එකක් දාලා එතුමාගේ නමින් විශේෂ ගැසට් පත්තර දාලා මේක රජයෙන් අයින් කරලා හරිම සූක්ෂම Systematic Operation එකක් විදිහට කරල තියෙන්නෙ.
SLIIT Building
මේක සම්බන්ධව යම් පරීක්ෂණයක් පවත්වනවානම් මා සතුව තියෙනව විශාල වශයෙන් දත්ත මේ අපි අපිට හම්බවෙච්ච එව්වා. ඒවා අපිට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේක සම්බන්ධව මේකෙ අත්සන් කරපු මේ ගිවිසුමට අත්සන් කරපු දෙන්නගෙන් එක්කෙනෙක් දැන් මරණයට පත්වෙලා. නමුත් තව එක්කෙනෙක් ඉන්නවා ඉතුරු එක්කෙනෙකුත් ඉන්නවා. ඒ ලැයිස්තුව බලපුවහම හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කියන්නෙ මේ රාජ්‍ය දේපළක් විදිහට මේක පෞද්ගලික අංශයේ කිහිප දෙනෙක් අතට පත් කරපු විදිහ ඉතාම වැරදියි. මේක සම්බන්ධව වර්තමාන ආණ්ඩුවත්, මේ පහුගිය ආණ්ඩුව මේක හෙව්වයි කියලා ඒවා මකලා දාන්නේ නැතුව එව්වත් එකතු කරගෙන හොඳ පරීක්ෂණයක් පවත්වන්න කියල ආරාධනා කරන්න කැමතියි.
charitha herath mp
(සටහන | මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com
(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)
මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.