
සිතුල්පව්ව යෝධකණ්ඩිය මහා මාර්ගය අබලන්.
- CNL Reporter
- March 1, 2025
- පුවත්
- සිතුල්පව්ව යෝධකණ්ඩිය මහා මාර්ගය අබලන්.
- 0 Comments
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව නිසා තිස්සමහාරාමය යෝධකණ්ඩිය හරහා සිතුල්පව්ව රජමහා විහාරයට යාමට ඇති මහා මාර්ගය ඉතා අබලන්වී ඇති අතර විහාරයට යන බැතිමතුන්ගේ විශාල අඩුවීමක් වාර්තා වන බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
අපවත් වී වදාළ සිතුල්පව්ව රජමහා විහාරයේ ප්‍රධාන සංඝනායක වෙටරඹ හේමරතන ස්වාමීන් වහන්සේ විසින් මෙම මහා මාර්ගය සම්පූර්ණයෙන් කාපට් කිරීමට විරුද්ධවීම නිසා හිටපු ජනාධිපතිවරයාට කිලෝමීටර් දහතුනක් පමණ වන මහා මාර්ගය කිලෝමීටර් තුනකට පමණක් කාපට් දමා ඉතිරි ප්‍රමාණය ග්‍රබල් පාරක් ලෙස පවත්වාගෙන යාමට සිදු විය.
යාල අභයභූමියට යන සංචාරකයින් විශාල ප්‍රමාණයක් ලැගුම් ගන්නා මෙම මහා මාර්ගය අවට ලැගුම්හල් 70 කට වඩා ඇති අතර පාර අබලන්වී ඇති නිසා ඔවුන් මහත් අපහසුතාවයන්ට මුහුණ දෙයි. සංචාරකයින් රැගෙන එන වෑන් රථ සහ බස් රථ මෙම ප්‍රදේශයට ඒමට මැලිකමක් දක්වන අතර කිසිදු කාර් රථයකට මෙම මහා මාර්ගයේ ගමන් කළ නොහැක.
සංචාරකයින් ඔවුන් සමාජ මාධ්‍යවලින් මෙම තත්ත්වය ප්‍රචාරය කිරීම නිසා බොහෝ සංචාරකයින් සිය පැමිණීම් අවලංගු කරන බවද වාර්තා වෙයි.
මෙය සංචාරක මණ්ඩලයේ සහ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ අවධානයට ලක් විය යුතු කාරණයකි.