
සෞඛ්‍ය ඇමැතිගෙන් සෞඛ්‍ය වෘත්තිකයින්ට සැර ප්‍රකාශයක්
- CNL Reporter
- March 16, 2025
- දේශපාලන
- සෞඛ්‍ය ඇමැතිගෙන් සෞඛ්‍ය වෘත්තිකයින්ට සැර ප්‍රකාශයක්
- 0 Comments
රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින් සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලෝක වකුගඩු දිනය වෙනුවෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කරන ලද ලෝක වකුගඩු දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
වත්මන් රජයේ ප්රමුඛ අරමුණ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මෙන් ම සෞඛ්‍ය ආරකෂාව බවත් මෙම පණිවුඩය තේරුම් ගෙන සියලු සෞඛ්‍ය වෘත්තිකයන් කටයුතු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයත් රජයත් බලාපොරොත්තු වන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම සෞඛ්‍ය වෘත්තිකයින් සමග සාකච්ඡාකර විසදාගත නොහැකි ගැටලු ප්‍රශ්න කිසිවක් නොමැති බවත් ඒ වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක කැපවීමට සූදානම් බව ද අමාත්‍යවරයා පැවසීය.
කලින් පැවති රජයන් කටයුතු කළ ආකාරයට නොව ජනතාවටල සෞඛ්‍ය වෘත්තිකයින්ට අවශ්‍ය ඕනෑම ගැටලුවක්ල ප්‍රශ්නයක් වර්තමාන රජය සමග සාකච්ඡා කර විසඳාගැනීමට හැකියාව ඇති බවත් එම සාකච්ඡාවලට රජයක් ලෙස ජනතාවගේ පැත්තේ සිට ගෙන විසඳුම් ලබා දෙන්නට ඕනෑම අවස්ථාවක සූදානම් බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.